නවතම O3 Deo Spray හඳුන්වා දීමත් සමඟින් මෙරට ක්‍රියාශීලි තරුණයින්ගේ පෞරුෂත්වයට නැවුම් මුහුණුවරක් එක් කරයි

Share

Share

Share

Share

නවීන විලාසිතාවන් අත්හදා බැලීමට නැඹුරුව සිටින ශ්‍රී ලංකාවේ තරුණයින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද නවතම ‘O3 Deo Spray’ නිෂ්පාදනය, ICL Brands (Private) Limited සමාගම විසින් පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙරට ක්‍රියාශීලී තරුණයින්ගේ පෞරුෂත්වයෙහි ආකර්ෂණීය වෙනසක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් එළිදැක්වූ මෙම අවස්ථාව සඳහා ICL Brands (Private) Limited සමාගමේ ප්‍රධාන නියෝජිතයින් මෙන්ම කොටස්කරුවන් රැසක් ද සහභාගී වී සිටියහ.

මෙම නවතම O3 Deo Spray නිෂ්පාදනය ආකර්ෂණීය සුවඳකින් සමන්විත වන නිසා ක්‍රියාශීලී ජිවන රටාවක් ගත කරන තරුණයින්ගේ සිත් ඇදගන්නා සුළු සන්නාමයක් බවට පත්වනු ඇත. කාර්යබහුලත්වයෙන් පිරි වර්තමාන ජීවන රටාවේදී සිය ඉලක්ක කරා පියමනින තරුණයින්ට පැය 24ක් පුරාවට පවතින සුවඳත් සමඟින් දවසේ කටයුතු සිදු කර ගැනීමට O3 Deo Spray, නැවුම් දායකත්වයක් ලබා දෙනු ඇතැයි නොඅනුමානය.

O3 Deo Spray හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ICL Brands හී ප්‍රධාන විධායක නිලධාරී රොනී චාකෝ මහතා මෙසේ පැවසීය. ‘’ මෙරට තරුණයන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි Deo Spray නිෂ්පාදනයන්හි සැබෑ අවශ්‍යතාවයක් පවතින බව වැටහුණු නිසා මෙම නිෂ්පාදනය එළිදැක්වීමට අප පෙළඹුණා. සිය හැකියාවන් සහ දැඩි ආශාවන් තුළින් ජීවිතයේ ජයගහණ හඹා යන තරුණයන් වෙනුවෙන්ම නිර්මාණය කරනු ලැබූ Deo Spray නිෂ්පාදනයක් වශයෙන් මෙය ඉතා සුවිශේෂියි. එබැවින්, තරුණයින්ගේ ජවසම්පන්න වූ ක්‍රියාශීලී ජීවන රටාවට නැවුම් වෙනසක් ඇති කිරීමට මෙම නිෂ්පාදනයට හැකි වනු ඇත’’

ICL Brands (Private) Limited යනු ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික සමූහ ව්‍යාපාරයක් වන Capital Maharaja සමූහය යටතේ පවතින සමාගමකි.

මෙම නිෂ්පාදනයේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින් Capital Maharaja සමූහ ව්‍යාපාරයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් ශ්‍රීනිවාසන් මහතා මෙසේ සඳහන් කළේ ය. ‘’ O3 සැමවිටම ක්‍රියාශීලී ජීවන රටාවකට ගැළපෙන අයුරින් නිර්මාණය කළ නිෂ්පාදනයක්. නව අභියෝග බාර ගැනීමට සූදානම් නිර්භීත තරුණයන්ගේ ඕනැම ක්‍රියාශීලී ක්‍රියාකාරකමක් වෙනුවෙන් උද්යෝගයක් ලබා දීමට මෙම නිෂ්පාදනයට හැකියාව පවතිනවා. ඒ වගේම මෙම O3 Deo Spray නිෂ්පාදනය, ක්‍රියාශීලී තරුණයින් අතර ජනප්‍රියත්වයට පත්වීම සම්බන්ධයෙන් ද අප ආඩම්බරයට පත් වෙනවා’’

O3 Deo Spray එළිදැක්වීමේ දී ඩිජිටල් මාධ්‍ය, ක්‍රියාකාරකම් මෙන්ම ක්‍රීඩා සහ යෝග්‍යතා හවුල්කාරීත්වයන් ඇතුළු සුවිශේෂී ප්‍රචාරණ ව්‍යාපාරයකින් බලගැන්වෙනු ඇත. O3 සමඟින් විශ්වාසයෙන් යුතුව ජීවන ගමනේ ඉදිරියට යාමට, කැපී පෙනීමට සහ නැවුම්ව සිටීම සඳහා මෙරට තරුණ පිරිමින් අඛණ්ඩව දිරිමත් කරනු ඇත.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...