නවලෝක රෝහල ශ්‍රී ලංකාවේ පළමුවරට වෛද්‍ය ප්‍රදර්ශනයක් පවත්වමින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික සුව සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල, 2023 සැප්තැම්බර් 18 වන දින සිය 38 වසරක සංවත්සරය සමරනු ලැබීය. ඊට සමගාමීව පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා නව ප්‍රමිතීන් සලකුණු කරමින් අද්විතීය වෛද්‍ය ප්‍රදර්ශනයක් ද පවත්වන ලදි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථමවරට පවත්වන ලද මෙම ප්‍රදර්ශනය නවලෝක රෝහලට සිය එක් එක් අංශයේ අද්විතීය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට පෙර නොවූ විරූ අවස්ථාවක් ලබා දුන්නේය. ඒ අති නවීන විශේෂඥතාවයෙන් ඕනෑම සෞඛ්‍ය ආරක්ෂණ අභියෝගයකට මුහුණ දීමට පෞද්ගලික අංශය සූදානම් බව ප්‍රකාශ කරමිනි.

විකිරණවේද ඒකකය, එන්ඩොස්කොපි සහ අක්මා අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, හෘද මධ්‍යස්ථානය, අක්ෂි මධ්‍යස්ථානය, රූපලාවණ්‍ය අංශය, විකලාංග මධ්‍යස්ථානය සහ රසායනාගාරය ඇතුළු රෝහලේ එක් එක් අංශ පිළිබඳ පුළුල් දැනුමක් මේ හරහා ලබාදුණි. පෞද්ගලික අංශයේ සුව සේවාවන් සඳහා ඉහළ ප්‍රමිතියක් තබමින් අති නවීන විශේෂඥතාව සඳහා නවලෝක රෝහල් සමූහයෙහි කැපවීම ප්‍රදර්ශනය තුළින් අවධාරණය කළේය.

මෙම ප්‍රදර්ශනයේ බලපෑම අදට හෙටට පමණක් බලපාන දෙයක් නොවන අතර අනාගතය වෙනුවෙන් කරන ලද ආයෝජනයකි. මෙයට සහභාගිවන්නන් පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතනයක හැකියාවන් සහ නවලෝක රෝහල් මගින් පිරිනමනු ලබන අති නවීන ප්‍රතිකාර පිළිබඳව සෘජු අවබෝධයක් ලබා ගත් අතර, කොළඹ නගර මධ්‍යයේ ඔවුන්ට දැරිය හැකි මිලකට ළඟා විය හැකි උසස් සෞඛ්‍ය සේවා විකල්පයන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන ලදි.

රෝහල් කාර්ය මණ්ඩලයට ද මේ හරහා ධනාත්මක බලපෑමක් කළ අතර රෝහල තුළ අනෙකුත් අංශ මගින් සිදු කරන දේ ගැන ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි. ඊට සහභාගී වූ සියල්ලටම මෙය දැනුම බෙදා ගැනීමට ඉතා වැදගත් අවස්ථාවක් මෙන් සහයෝගී සෞඛ්‍ය සේවා පරිසරයක් පෝෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලැබුණි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් නවලෝක රෝහල් සමූහයෙහි සභාපති සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ප්‍රකාශ කළේ, “අපගේ 38 වැනි සංවත්සරය හුදෙක් අතීත ගමන් මග සිහිකිරීමක් පමණක් නොව ශ්‍රී ලාංකේය ජනතාවට ඉහළම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අප දක්වන කැපවීම පිළිබඳ සාක්ෂියක් ද වෙනවා. අපි අපගේ ගමන ගැන මෙනෙහි කරන විට, සෞඛ්‍ය සේවය තුළ අපි පුරෝගාමී දියුණුවක් අත්පත් කරගෙන සිටින අතර සැමට දීප්තිමත්, සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ලබා දීමට කැපවී සිටිනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා.” යනුවෙනි.

නවලෝක රෝහල් හි විශිෂ්ට සාර්ථකත්වය එහි 2,100 ක් පමණ වූ ශක්තිමත් කාර්යය මණ්ඩලයේ දක්ෂතාවය මෙන්ම නවෝත්පාදන සහ තාක්ෂණික ප්‍රගතිය සඳහා වන කැපවීම පිළිබඳ සාක්ෂියකි. 2022 දී රුපියල් මිලියන 532 ක් ආයෝජනය කරමින්, රෝහල අඛණ්ඩව එහි වෛද්‍ය සේවාවන් වැඩිදියුණු කර ඇති අතර අති නවීන උපකරණ ද තම සුව සේවාවන් වෙනුවෙන් යොදාගෙන ඇත. දක්ෂ කාර්යය මණ්ඩලය සහ අති නවීන තාක්ෂණය ඒකාබද්ධව නවලෝක රෝහල සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වයේ හිනිපෙත්තටම ලගාවී ඇති අතර රෝගීන්ට ඉහළම ප්‍රමිතීන්ගෙන් යුත් සත්කාර සහ ප්‍රතිකාර ලබා දීම සහතික කරයි.

නවලෝක රෝහල්වල විශිෂ්ටත්වය සඳහා රෝහලේ කැපවීම පිළිබිඹු කරමින්, නවලෝක රෝහල් අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී, විධායක අධ්‍යක්ෂ විද්‍යා ජ්‍යෝති සම්මානිත මහාචාර්ය ලාල් ගෝඨාභය චන්ද්‍රසේන මහතා සඳහන් කළේ, “නවලෝක රෝහල් සමූහය, පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවාවේ පුරෝගාමීන් ලෙස අපගේ නාමය බබළවමින් රෝගීන් වෙත ඉහළම සේවාවක් ලබාදීමට අඛණ්ඩව කැපවෙනවා. එමෙන්ම වසර 38 ක් පුරාවටම සනිටුහන් කල අපගේ විශ්වාසනීයත්වය රඳාපවතින්නේ නවීන තාක්ෂණික දියුණුව, අපගේ දක්ෂ සහ කඩිසර කාර්ය මණ්ඩලය මෙන්ම අපගේ නව පර්යේෂණ සහ සංවර්ධන අත්හදා බැලීම් මතයි. ” යනුවෙනි.

 

Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...
போட்டித்தன்மை வாய்ந்த செலவு காரணி கார்பன்...
TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...
போட்டித்தன்மை வாய்ந்த செலவு காரணி கார்பன்...
TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා...
ITC Ratnadipa Secures Coveted ‘Sustainable...