පියවරුන්ගේ දිනය නිමිත්තෙන් පවුලේ සියලු දෙනා නැවත රස ගැන්වූ TikTok තාත්තා

Share

Share

Share

Share

ගෙදරක අම්මා උයන පිහන රසවත් ආහාර වේලක ගුණ දොස් පවසන්නේ අන් කිසිවෙක් නොව තාත්තාය. ලුණු, ඇඹුල් රස හොඳටම දන්නේ තාත්තාය. මිරිස් තුනපද පදමට ඇත්දැයි හොඳටම දන්නේ තාත්තාය. එහෙයින් කෑම වේලෙහි ගුණ දොස් නිරන්තරයෙන් පවසන්නේද තාත්තාය. එවන් තාත්තෙකු TikTok වේදිකාව තුලද ආහාරවල ගුණ දොස් පෙන්වා දෙමින් තාත්තෙකුගේ භූමිකාව මනාව පවත්වාගෙන යමින් සිටියි. ඒ දමිත් වික්‍රමසිංහයි. TikTok හි Dam.eats ගිණුම තුලින් ඔහු විවිධ ආපනශාලාවන් හා ආහාර සේවාවන් සපයන ආයතනයන්හි කෑම බීම පිළිබඳව සිය අදහස් මතු කරමින් සිටින්නේ තමන්ගේ සියලු අනුගාමිකයින්ට පුතා කියා අමතමිනි.

ඒ හරහා තමන් වටා සිටින සියලු දෙනා වෙත විනෝදාස්වාදය සමඟින් රසවත් අත්දැකීමක් බෙදාහදා ගැනීමට දමිත් කටයුතු කරමින් සිටියි.

TikTok එන්න කලින් ඉඳන්ම, ඔහුට හැමදේම වුණේ පවුලයි
ප්‍රේක්ෂක සංඛ්‍යාව කොතරම් වැඩි වුණත්, කෑම විචාර දහස් ගණනක් කළත්, මඟතොටදී වගේම ඉන්ටර්නෙට් එකෙනුත් තමන්ට ‘’පුතා” කියා ආමන්ත්‍රණය කරන විශාල පිරිසක් සිටියත්, සමාජ මාධ්‍ය කියන්නේ තමන්ගේ ජීවිතයෙන් ඉතා කුඩා කොටසක් පමණක් බව දමිත් නිහතමානීව සිහිපත් කරනවා. ‘’සෝෂල් මීඩියාවලට එන්න කලින් ඉඳන්ම මම සාමාන්‍ය තාත්තා කෙනෙක්, සැමියෙක්. ඒ වගේම මහන්සි වෙලා වැඩ කිරීම සහ සරල ගුණධර්ම විශ්වාස කරන කෙනෙක්,” ඔහු පවසයි.

අනෙක් බොහෝ තාත්තලා වගේම ඔහුගේ ජීවිත කතාවත් ව්‍යාපාරික අභියෝග, පවුලේ වගකීම් සහ ජීවිතයේ ලැබුණු නොයෙකුත් හැලහැප්පීම් මැද හැඩගැසුණු එකක්. ඒ හැමදේම මැද ඔහු ජීවිතයේ වැඩිපුරම අගය කළේ තමන්ගේ පිය පදවියයි. අද මිනිස්සු ඔහුව TikTok හරහා හඳුනද්දී, මේ හැමදේම පිටුපස ඉන්න සැබෑ ගාමක බලවේගය වුණේ ඔහුගේ දූවරුන් පිරිසයි.

දූවරුන්ගේ සහයෝගය
මෙම ගමනේදී දමිත්ට ශක්තියක් වන්නේ ඔහුගේ දූවරුන්ය. ඩියාරා විසින් වීඩියෝකරණය, ස්ථාන තේරීම සහ සංස්කරණය කිරීම සිදු කරමින් දමිත් සමඟ එක්ව අන්තර්ගත නිර්මාණකරණ ක්‍රියාවලියේ හදවත ලෙස ක්‍රියා කරයි. වසර පහකට පෙර ‘’Pink Salt’’ හරහා ක්ෂේත්‍රයට පිවිසි ඔවුන්ගේ අන්තර්ජාල වීඩියෝවල පෙනෙන සරල බව සැබෑ ජීවිතයේද එලෙසම පවතින බව දමිත් පවසයි.

Dam.eats, TikTok ගිණුම ආරම්භ වූයේ සැලසුමකින් තොරව, ඩියාරාගේ කැෆේ එකේ දමිත් ඩෝනට්ස් කන වීඩියෝවකට ඉහළ ප්‍රතිචාර ලැබීමත් සමඟය. පසුව චානාගේ බිරියානි වීඩියෝවක් හරහා ප්‍රසිද්ධියට පත් වූ ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස වූයේ රඟපෑමෙන් තොර, අවංක කෑම විචාරයයි.

අපි වීඩියෝ කරන්න පටන් ගනිද්දී මම ඇත්තටම දැනන් හිටියේ නැහැ අපි මොනවද කරන්නේ කියලා. Views, Saves, Shares කියන්නේ මොනවද කියලවත් මම දැනන් හිටියේ නැහැ. මම කළේ කෑම කන එක සහ ඒ ගැන මගේ අවංක අදහස කියපු එක විතරයි.” අන්න ඒ අවංකකම තමයි ඊට පස්සේ සිද්ධ වුණු හැමදේටම ශක්තිමත් පදනම වුණේ.

සාමාන්‍ය මොහොතක් වුවත් හැමෝටම පොදු අත්දැකීමක් බවට පත් කිරීමට TikTok සතු හැකියාව නිසා, මේ තාත්තා සහ දුවගේ විනෝදාංශය විශාල රසික සමූහයක් බවට පත් වුණා. Comments, Shares සහ වෙනත් සන්නිවේදනයන් හරහා ප්‍රේක්ෂකයන් නිකන්ම වීඩියෝ බලන පිරිසක් නොවී, ඔවුන්ද එහිම කොටසක් බවට පත් වුණා. අලුත් දේවල් සොයා ගැනීමට උදව් වන TikTok හි ස්වභාවය නිසාත් මේ රසික එකමුතුව තවත් විශාල වුණා. Shares, Reposts සහ Comments හරහා දමිත්ගේ වීඩියෝ ඔහුගේ හිතවතුන් අතරින් ඔබ්බට ගොස්, “පුතා” යනුවෙන් අමතමින් කණ්ඩායමේ අනන්‍යතාවය වුණු ලෙන්ගතුකම, හාස්‍යය සහ හුරුපුරුදු බව අලුත් ප්‍රේක්ෂකයන් වෙත රැගෙන යාමට හැකිවුණා. නිකන්ම කෑම රිවීව් එකකින් ආරම්භ වුණු මේ ගමන, අද වෙද්දී මිනිස්සුන්ට හොඳ කෑම තැන් ගැන තොරතුරු බෙදාගන්න, තමන්ගේ පවුලේ කතා කියන්න, දේශීය ව්‍යාපාර අගය කරන්න වගේම කෑමට තියෙන ආදරය නිසා හැමෝම එකට එකතු වෙන ලස්සන තැනක් බවට පත් වෙලා තියෙනවා.

கல்வி மற்றும் சுகாதாரத் துறையில் புதிய...
உணவு மேசையில் குடும்பங்களை ஒன்றிணைக்கும்‘TikTok அப்பா’
Mahindra Ideal Finance කොළඹ ප්‍රධාන...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Perituza engages Sri Lanka’s agency...
Prime Lands களுத்துறையின் முதலாவது பாதுகாப்பு...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Perituza engages Sri Lanka’s agency...
Prime Lands களுத்துறையின் முதலாவது பாதுகாப்பு...
First Capital සමාගම ප්‍රාග්ධන වෙළඳපොළ...