බැංකුවේ වර්ධනය සහ නව්‍ය ප්‍රවේශයන් දිරිගැන්වීමේ අරමුණින් HNB ප්‍රධාන පත්වීම් දෙකක් නිවේදනය කරයි

Share

Share

Share

Share

හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන වර්ධන නිලධාරී ලෙස බිමල් පෙරේරා මහතාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී ලෙස චන්දිම කුරේ මහතාත් පත් කර ඇති බව බැංකුව නිවේදනය කළේය. මෙම නව පත්වීම් බැංකුව විසින් ගනු ලැබූ වැදගත් උපාය මාර්ගික තීරණයක් වන අතර එහි පාර්ශවකරුවන්ගේ වටිනාකම වැඩි කරන ඉහළ කාර්යසාධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා බැංකුවේ කැපවීම ද පෙන්නුම් කරයි. තවද වේගයෙන් වෙනස් වන සහ තරඟකාරී ව්‍යාපාරික ලෝකයට අනුවර්තනය වීමට සහ සාර්ථක වීමට නව්‍ය අදහස් සමඟ පෙරමුණ ගැනීමට බැංකුවේ අවධානය ද එයින් මැනවින් පෙන්නුම් කරයි.

බිමල් පෙරේරා – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන වර්ධන නිලධාරී
බිමල් පෙරේරා මහතා ආයතනික උපායමාර්ග, ආයෝජන මූල්‍ය, අවදානම් කළමනාකරණය සහ ඩිජිටල් මූල්‍ය සේවා පිළිබඳ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකි. නැගී එන ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සහ දිගුකාලීන තිරසාර ප්‍රතිලාභ ප්‍රවර්ධනය කිරීමට ඔහු සතු හැකියාව සමඟින් නව තනතුර සඳහා බැංකු, රක්ෂණ සහ ෆින්ටෙක් ක්ෂේත්‍ර පිළිබඳ ඔහු සතු පුළුල් දැනුම සහ ප්‍රවීණත්වය යොදා ගනු ඇත.

පෙරේරා මහතා NDB Bank PLC” LB Finance PLC, Allianz Insurance Lanka Ltd සහ Acuity Knowledge Partners යන ආයතනවල ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත. ඔහු මීට පෙර NDB Bank PLC හි Strategy සහ Business Intelligence අංශයේ උප සභාපතිවරයා ලෙස කළ කටයුතු කරමින් එම බැංකුවේ ව්‍යාපාර ආකෘතියේ සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. මෙම වෙනස්කම් දත්ත විශ්ලේෂණය කිරීමට සහ තීරණ ගැනීම වැඩිදියුණු කිරීමට භාවිතා කරන උසස් මෙවලම් සහ තාක්ෂණයෙන් සමන්විත විය. ඔහු LB Finance PLC හිදී ප්‍රධාන අවදානම් නිලධාරී ලෙසත් පසුව උපායමාර්ග හා ඩිජිටල් මූල්‍ය සේවා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙසත් සේවය කරන කාලයේදී එහි මෙහෙයුම් මියන්මාරය තුළ ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය.
නව භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් බිමල් පෙරේරා මහතා පැවසුවේ “මෙම සුවිශේෂී අවස්ථාවේදී HNB සමඟ සම්බන්ධ වීමට ලැබීම මට ගෞරවයක්. අපගේ ගනුදෙනුකරුවන්, පාර්ශවකරුවන් සහ ප්‍රජාවන් සඳහා කල්පවත්නා වටිනාකමක් ඇති කරන උපායමාර්ගික වර්ධන මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

චන්දිම කුරේ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරි
චන්දිම කුරේ යනු සංකීර්ණ ව්‍යාපාරික අභියෝගවලට මුහුණ දීම සඳහා තාක්ෂණය උපරිම ලෙස භාවිත කරන වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති දූරදර්ශී නායකයෙකි. නව්‍ය චින්තනය සහ ව්‍යවසායකත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඔහු විවිධ කර්මාන්ත හරහා නිරන්තරයෙන් බලපෑම් සහගත විසඳුම් ලබා දී ඇත.

යුනිලීවර් සහ MAS Holdings සමඟින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ කුරේ මහතා සිය තාක්ෂණික නවෝත්පාදනයන් වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය. හේමාස් හෝල්ඩින්ග්ස් හිදී ප්‍රධාන ක්‍රියාවලි නිලධාරි, ප්‍රධාන ඩිජිටල් නිලධාරී සහ එහි ව්‍යාපාර අංශය වන Concept Ventures හි විධායක අධ්‍යක්ෂ ඇතුළු නායකත්ව භූමිකාවන් ඔහු විසින් ඉටු කරන ලදී. ව්‍යාපාර තාක්ෂණය භාවිතා කරන ආකාරය වැඩිදියුණු කිරීමට මෙන්ම නව සමාගම් වර්ධනය වීමට සහ නවීන ඩිජිටල් මෙවලම් භාවිතා කිරීම සඳහා කර්මාන්තවලට සැලසුම් නිර්මාණය කිරීමට ඔහු සහාය විය.

HNB හි ප්‍රධාන නවෝත්පාදන නිලධාරියා වශයෙන්, පාරිභෝගික අත්දැකීම් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා නව තාක්ෂණයන් උපයෝගී කර ගැනීම කෙරෙහි චන්දිම කුරේ මහතා අවධානය යොමු කරනු ඇත.

“නවෝත්පාදනය දියුණුවේ හදවත වගේ. අනාගතය සඳහා බැංකුකරණය නැවත නිර්වචනය කරන අති නවීන විසඳුම් ලබා දීමේ HNB හි මෙහෙවරට දායක වීමට මා බලාපොරොත්තු වනවා.” යනුවෙන් ඔහු පැවසුවේය.

මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “HNB නවෝත්පාදනය, ඔරොත්තු දීමේ හැකියාව සහ අරමුණු මත පදනම් වූ වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන එඩිතර නව පරිච්ඡේදයකට අවතීර්ණ වෙමින් සිටිනවා. ඒවගේම බිමල් පෙරේරා සහ චන්දිම කුරේගේ පත්වීම් මගින් මූල්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනයකට නායකත්වය දීමට අපගේ කැපවීම හොඳින් පෙන්නුම් කරනවා. ව්‍යාපාර සවිබල ගැන්වීමෙන්, ප්‍රජාවන්ට සහාය දීමෙන් සහ දියුණුව කරා ගමන්කිරිමට පහසුකම් සැලසීමෙන් ශ්‍රී ලංකාව තුළ සැමට එක හා සමානව ප්‍රතිලාභ ලබා දෙන තිරසාර ආර්ථික වර්ධනයක් අප අරමුණු කරනවා.” යනුවෙනි.

LankaPay Technnovation Awards 2026 හිදී...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
ITC Ratnadipa Presents The Art...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...