“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” තේමාව අරුත් ගන්වමින් HNB FINANCE ලෝක ළමා දින සැමරුම දෙබරවැවදී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC, සිය ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ වාර්ෂිකව සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් වැඩසටහන මෙවර තිස්සමහාරාම, දෙබරවැව ජනාධිපති විදුහල් ක්‍රීඩාපිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

2026 වසරේ ලෝක ළමා දින තේමාව වූ “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න වඩාත් අරුත් ගන්වමින් සංවිධානය කෙරුණු මෙම සැමරුම් උළෙල, දරුවන්ගේ සතුට, නිර්මාණශීලීත්වය සහ මානසික සුවතාව ප්‍රවර්ධනය කරන අරුත්බර හා විනෝදාත්මක විශේෂාංග රැසකින් සමන්විත විය.

දෙබරවැව ජනාධිපති විදුහලේ පැවති මෙවර HNB FINANCE ලෝක ළමා දින සැමරුම සඳහා පාසලේ දරුදැරියන් 4,000කට ආසන්න පිරිසක් සහභාගී වූහ. පාසලේ විදුහල්පති ආර්. ඒ. එස් කීර්තිරත්න මහතා සහ HNB FINANCE හි අංශ ප්‍රධානී – ක්ෂුද්‍රමූල්‍ය ඉතුරුම්/කුසලතා සංවර්ධන, අනුර උඩවත්ත මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස එක් වූ අතර ‍දෙබරවැව ජනාධිපති විදුහලේ ආචාර්ය මණ්ඩලය, HNB FINANCE හි තිස්සමහාරාම කළමනාකාර කිත්සිරි මලවිආරච්චිගේ මහතා ඇතුළු ප්‍රධාන කාර්යාලයේ සහ තිස්සමහාරාම ශාඛාවේ කාර්යමණ්ඩලයේ මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.

HNB FINANCE හි ළමා ඉතුරුම් ගිණුම වන “යාළු” ඉතුරුම් ගිණුමේ සාදර අනුග්‍රහයෙන් උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවති සැමරුම් වැඩසටහනට විනෝදාත්මක, නිර්මාණාත්මක සහ අධ්‍යාපනික අංග රැසක් ඇතුළත් වූ අතර, ගුරුභවතුන් විසින් දරුදැරියන් වෙනුවෙන් ඉදිරිපත් කළ විශේෂාංගද පැමිණ සිටි සැමගේ විශේෂ ඇගයීමට ලක් විය.

මෙම අවස්ථාවට සහභාගී වූ දරුදැරියන් 4,000කට ආසන්න පිරිස වෙනුවෙන් HNB FINANCE විසින් අයිස්ක්‍රීම් සංග්‍රහයක්ද සංවිධානය කර තිබූ අතර, උළෙලේ පැවති විවිධ විනෝදාත්මක තරග සඳහා සහභාගී වූ සහ ජයග්‍රහණ ලැබූ දූදරුවන් වෙත “යාළු” ළමා ඉතුරුම් ගිණුමේ අනුග්‍රහයෙන් ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “දරුවෙකුගේ අනාගතය ගොඩනැගෙන්නේ අධ්‍යාපනික ජයග්‍රහණ මත පමණක් නොව, ශක්තිමත් මනසක්, ආත්මවිශ්වාසයක්, නිර්මාණශීලීත්වයක් සහ යහපත් ජීවන පුරුදු මතද වේ. මෙවර ලෝක ළමා දින තේමාව වන ‘මනසින් සවිමත් – දරුවන් පොහොසත්’ යන්නද එම සත්‍යය ඉතා පැහැදිලිව සිහිපත් කර දෙනවා. HNB FINANCE ලෙස දරුවන්ගේ සතුට සහ සමබර වර්ධනයට දායක වීමත් සමඟම, කුඩා කල සිටම ඉතුරුම් සහ මූල්‍ය විනය පිළිබඳ හොඳ පුරුදු ගොඩනැගීමට දරුවන් හා දෙමාපියන් දිරිගැන්වීම අපගේ දිගුකාලීන කැපවීමක්. ‘යාළු’ ළමා ඉතුරුම් ගිණුම හරහා අපි බලාපොරොත්තු වන්නේ දරුවන්ට ඉතුරුම් කිරීමේ වටිනාකම හඳුන්වා දෙමින්, ඔවුන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයෙන් සිතීමට අවශ්‍ය සුරක්ෂිත පදනමක් සකස් කිරීමයි.” යනුවෙන් පැවසීය.

HNB FINANCE සමාගම දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පවත්වන ලද ප්‍රධාන ලෝක ළමා දින සැමරුම් උළෙලට සමගාමීව, සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලයේ සම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය මට්ටමින්ද ලෝක ළමා දින සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

මෙවැනි වැඩසටහන් හරහා දරුවන්ගේ සාමාජීය සහ මානසික යහපැවැත්ම ශක්තිමත් කිරීමට මෙන්ම, අනාගත පරපුර අතර ඉතුරුම් සංස්කෘතිය සහ මූල්‍ය වගකීම පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමට HNB FINANCE අඛණ්ඩව කැපවී සිටී.

පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...
BBDO Sri Lanka හි ‘Deleted...