රග්බි උන්මාදය කොළඹට: HNB – MasterCard සමඟින් එක්ව HNB ප‍්‍රධාන කාර්යාලයේදී ‘වෙබ් එලිස් කුසලානය’ එළිදක්වයි

Share

Share

Share

Share

ගෝලීය ගෙවීම් දැවැන්තයෙකු සහ ප‍්‍රමුඛතම ක්‍රෙඩිට් කාඞ් සමාගම වන MasterCard සමඟ වන සිය දිගුකාලීන හවුල්කාරීත්වය උපයෝගී කරගනිමින්, හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධාන කාර්යාලයේදී වෙබ් එලිස් කුසලානය ප‍්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී අවස්ථාවක් හිමි විය.
ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන මෙම දුර්ලබ අවස්ථාවට එක් වන ලෙස ආරාධනා කරමින් HNB විසින් සිසුන්, බැංකුව සමඟ ගනුදෙනු කරන ඉහළ පෙළේ ගනුදෙනුකාරභවතුන් සහ කාර්ය මණ්ඩලයට මෙම කුසලානය පුද්ගලිකව නැරඹීම සඳහා අවස්ථාව ලබා දුන්නේය. පසුගියදා ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට ලංකාවට ළඟා වූ වෙබ් එලිස් කුසලානය 2023 පෙබරවාරි 18 සහ 22 අතර කොළඹ සහ මහනුවරදී මහජන ප‍්‍රදර්ශනය සඳහා තැබීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘‘ශ‍්‍රී ලංකාවට 1879 සිට රග්බි ක‍්‍රීඩාව සමඟ දිගු සාඩම්බර ඉතිහාසයක් තිබෙන අතර මෙම ක‍්‍රීඩාව අපගේ දේශීය රග්බි ක‍්‍රීඩා සංස්කෘතිය සමඟ ද බද්ධ වී තිබෙනවා. වසර ගණනාවක් පුරා අපගේ රග්බි ක‍්‍රීඩකයන් මහත් ආශාවෙන් බලා සිටි එම සුවිශේෂී අවස්ථාව ලබා දෙමින් HNB ටවර්ස් හිදී මෙම කුසලානය ප‍්‍රදර්ශනය කිරීමට අපට අවස්ථාව හිමි වුනා.’’ යනුවෙනි.
ප‍්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන අත්දැකීම විඳගැනීමට කැමති රග්බි ලෝලීන්ට මාස 24ක පොලී රහිත වාරික ගෙවීමේ පහසුකම් පිරිනැමීමට HNB, Classic Travels සහ Aitken Spence Travels සමඟ අත්වැල් බැඳ ගෙන සිටී.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...