ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂිකමහා සභා රැස්වීමේ මුලසුන දෙසුම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් සිදු කෙරේ

Share

Share

Share

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.

වාර්ෂික මහා සභා රැස්වීම සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා පැවැත්වේ. ප්‍රාදේශීය වැවිලි සමාගම්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ෂවකරුවන් ඊට එක්වීමට නියමිතය. වැවිලි ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි ව¾ධනය සඳහා අවශ්‍ය ප්‍රමුඛතා හඳුනාගැනීම මෙවර සමුළුවේ ප්‍රධාන අරමුණකි.

ශ්‍රී ලංකාවේ වැවිලි ක¾මාන්තය ආයෝජන පුළුල් කිරීම, ඵලදායිතාව ඉහළ නැංවීම සහ දිගුකාලීන ප්‍රතිපත්තිමය ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් සිටින අවස්ථාවක ආචාර්ය වීරසිංහ මහතාගේ දේශනය පැවැත්වීම විශේෂ වැදගත්කමක් ගනී.

තේ වගාව , ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයනවල ප්‍රධාන පදනමක් ලෙස තවදුරටත් පවතී. ඒ සමඟම ප්‍රාදේශීය වැවිලි සමාගම් ඉහළ වටිනාකමක් ඇති බෝග වෙත සිය වගා පදනම විවිධාංගීකරණය කරමින් සිටී.

පාම් තෙල්, කෝපි, අලිගැටපේර, බෙරි වර්ග, ගම්මිරිස්, කුරුඳු, එනසාල් සහ කොකෝවා ඒ අතර වේ. මෙම බෝග හරහා ඉහළ වටිනාකමක් ඇති ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසීමේ නව අවස්ථා ඇතිකර ගැනීමට හැකි වේ. සාම්ප්‍රදායික භෝග කිහිපයක් මත පමණක් රඳා පැවතීම අඩු කිරීම ද එහි තවත් අරමුණකි.

ක්ෂේත්‍රයේ දිගුකාලීන ඵලදායිතාව ශක්තිමත් කිරීම සඳහා නැවත වගා කිරීම සඳහා ද ආයෝජන සිදු කෙරේ. සැකසුම් ධාරිතාව වැඩි කිරීම සහ නව තාක්ෂණය හඳුන්වාදීම ද එහි කොටසකි.

ගෝලීය වෙළෙඳපොළේ වෙනස් වන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් පාරිසරික සහතිකකරණය සඳහා ද වැඩි අවධානයක් යොමු වී තිබේ. සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම ද මේ වනවිට වැවිලි සමාගම්වල ප්‍රධාන ප්‍රවණතාවක් බවට පත්ව ඇත.

1854 වසරේ පිහිටුවන ලද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ වැවිලි ක¾මාන්තයේ සාමූහික හඬ ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබේ. ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක් එහි නියෝජනය වේ. තේ, රබර්, පාම් තෙල් සහ කුළුබඩු ඇතුළු වැවිලි ආර්ථිකයේ ප්‍රධාන අංශ ගණනාවක් ඒ හරහා ආවරණය වේ.

වැවිලි ක්ෂේත්‍රයේ දිගුකාලීන තිරසාරභාවයට සහ තරගකාරීත්වයට බලපාන ප්‍රතිපත්ති පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය රජය සහ අනෙකුත් පාර්ෂවකරුවන් සමඟ අඛණ්ඩව සංවාදයේ නිරත වෙයි.

172 වැනි වාර්ෂික මහා සභාව, ක්ෂේත්‍රයේ වර්තමාන අභියෝග සමාලෝචනය කිරීමටත්, නව ආර්ථික අවස්ථා හඳුනාගැනීමටත්, ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ ඉදිරි ගමන සඳහා පැහැදිලි දිශාවක් සාකච්ඡා කිරීමටත් වැදගත් වේදිකාවක් වනු ඇත.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...