ලියාපදිංචි කළ, නොකළ වාහන සඳහා සුවිශේෂී ප‍්‍රතිලාභ ලබා දීමට HNB, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ පැවති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛපෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඩු පොලී අනුපාත සමඟින් අසමසම ප‍්‍රතිලාභ රැුසක් පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය.

මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි ලීසිං විකල්ප, එක් එක් පුද්ගලයාට ආවේණික වූ සේවා සහ බාධාවකින් තොර පහසු මූල්‍ය අත්දැකීමක් ලැබෙනු ඇත. HNB සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික මූල්‍ය සේවා කාංචන කරුණාගම සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක සිල්වා යන මහත්වරුන් දෙපාර්ශවය අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳ නිල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික මූල්‍ය සේවා කාංචන කරුණාගම මහතා පැවසුවේ, ‘‘ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර ඔවුන්ගේ සිහින වාහනය මිලදී ගැනීම සඳහා ආයෝජනය කිරීමට මෝටර් රථවලට දැඩි කැමැත්තක් දක්වන පුද්ගලයින්ට විශ්වාසදායක උපකාරක සේවාවක් තිබීම අත්‍යවශ්‍ය වනවා. ඒ නිසා අපි රටේ ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ සමාගමක් වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අපගේ හවුල්කාරිත්වය නැවත අලූත් කිරීම ගැන සතුටු වනවා.’’ යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය යටතේ HNB විසින් පාරිභෝගිකයින්ට ආකර්ෂණීය මූල්‍ය විසඳුම් සහ වසර තුනක්, හතරක් සහ පහක් පුරා පවතින ලීසිං සඳහා අවම පොළී අනුපාත ඇතුළු ප‍්‍රතිලාභ රැසක් ලබා දෙයි. මීට අමතරව, සාමාන්‍ය ලීසිං පහසුකම් සඳහා ලීසිං වටිනාකමින් 25%ක අවශේෂ වටිනාකමක් සහිතව බැංකුව විසින් දැනට පවත්නා පොළී අනුපාතය ලබා දෙනු ඇත. මෙමගින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය සැලසුම් පහසුවෙන් දැරිය හැකි සහ සකස් කර ගත හැකි බව සහතික කරයි.

තවද HNB General Insurance විසින් ගනුදෙනුකාරභවතුන්ට වාහන රක්ෂණ වාරික සඳහා ආකර්ෂණීය වට්ටම් ද හදිසි මරණයකදී නොමිලේ රු. මිලියන 4.5ක ජීවිත රක්ෂණාවරණයක් සහ ස්වභාවික මරණයක් සඳහා රු. 600,000 ක රක්ෂණාවරණයක් ද ලබා දෙයි. මීට අමතරව ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් පාරිභෝගිකයින්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

‘‘මෙම හවුල්කාරිත්වයට එළැඹෙන්නේ වාහන හිමිකරුවන්ට සහ ඉදිරියේදී වාහනයක් මිලදී ගන්නා අයට වාහන සහ අමතර කොටස් සෙවීමේදී අභියෝගවලට මුහුණ දෙන තීරණාත්මක මොහොතක යි. මෙම සහයෝගීතාවය විශ්වාසදායක උපකාරක සේවාවක් නිර්මාණය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. එමගින් ඔවුන්ගේ වාහන මිලදී ගැනීමට සහ ඒවා අලූත්වැඩියා කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. රට නැවත නගා සිටුවීමට HNB දරන අවංක උත්සාහය දකින විට, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට අවශ්‍ය සහාය ලබා දීමට නැවත වරක් ඔවුන් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි නිහතමානීව ආඩම්බර වනවා.’’ යනුවෙන් ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක සිල්වා මහතා පැවසුවේය.

HNB සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික මූල්‍ය සේවා කාංචන කරුණාගම (වමේ සිට පස්වැන්නා) සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක සිල්වා (දකුණේ සිට හතරවැන්නා) යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. HNB සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඡායාරූපයේ වෙයි.

 

 

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...