විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භයක් සමඟින් Evolution Auto සමාගම ශ්‍රී ලංකාවට Xpeng G6 හඳුන්වා දෙයි. කොළඹ, ශ්‍රී ලංකාව – 2026 මැයි 22

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ XPENG සන්නාමයේ නිල බෙදාහරින්නා වන Evolution Auto (Pvt) Ltd විසින් නවතම XPENG G6 විදුලි SUV රථය 2026 මැයි 22 වනදා කොළඹ 05 හි පිහිටි Evolution Auto ප්‍රදර්ශනාගාරයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන විදුලි මෝටර් රථ වෙළඳපොළේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

මෙම උත්සවයට මාධ්යවේදීන්, කර්මාන්ත නියෝජිතයින් සහ ආරාධිත අමුත්තන් එක්වූ අතර, XPENG G6 රථය නිල වශයෙන් එළිදැක්වීමත්, එය සජීවීව දැකබලාගැනීමටත් , ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමටත්, ධාවන පරීක්ෂාවක් (test drives) අත්දැකීමක් ලබා ගැනීමටත් පැමිණි සිටි පිරිසට අවස්ථාව ලැබුණි.

XPENG G6 හඳුන්වාදීම සිදුවන්නේ ශ්‍රී ලංකාවේ විදුලි මෝටර් රථ වෙළඳපොළ සඳහා ඉතා වැදගත් අවස්ථාවකදීය. විදුලි මෝටර් රථ සඳහා ජනතා උනන්දුව ඉහළ යමින් තිබුණද, එක් ආරෝපණයකින් ගමන් කළ හැකි දුර, උසස් මට්ටමේ විද්යුත් රථවල හිඟය සහ අලෙවියෙන් පසු සේවා පිළිබඳ ගැටළු වෙළඳපොළ තුළ පැවතිණි. XPENG G6 එම ගැටළු සියල්ලට විසඳුමක් ලෙස හඳුන්වා දී ඇත.

Evolution Auto හි අලෙවි ප්‍රධානි අශාන් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් පැවසුවේ,
“අපි ශ්‍රී ලංකාවට ගෙන එන්නේ සාමාන්‍ය මෝටර් රථයක් පමණක් නෙවේ. නවීන තාක්ෂණය, හිමිකාරිත්ව අත්දැකීම් සහ නවීන විද්යුත් වාහනයකින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් අපේක්ෂා කළ යුතු දේ සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් අරගෙන එනවා.”

ගෝලීය, මධ්‍යම සහ ඉහළ මට්ටමේ විද්‍යුත් වාහන කාණ්ඩයේ තරඟ කරන උසස් තත්ත්වයේ විද්‍යුත් SUV රථයක් ලෙස ස්ථානගත කර ඇති Xpeng G6 රථය, WLTP සහතික ලත් 480km ක් දක්වා වූ ධාවන පරාසයක් (driving range) ලබා දෙයි. මෙම වාහනය 110 kW ක නිමැවුමක් සහ 440 Nm ක ව්යවර්ථයක් (torque) ලබා දෙන විද්යුත් මෝටරයකින් බලගන්වා ඇති අතර, එමඟින් කාර්යක්ෂමතාව, ක්‍රියාකාරීත්වය සහ එදිනෙදා භාවිතයේ පහසුව අතර මනා සමතුලිතතාවක් ලබා දෙයි.

G6 හි ප්‍රධානතම අංගයක් වූයේ Xpeng සතු සුවිශේෂී Level 2 උසස් රියදුරු උපකාරක පද්ධතිය (Advanced Driver Assistance System) වන XPILOT පද්ධතියයි. මෙම පද්ධතියට Adaptive Cruise Control, Lane Centering, ස්වයංක්‍රීය වාහන නැවැත්වීම (automated parking) සහ දුරස්ථව වාහනය කැඳවීමේ (remote summon) හැකියාව ඇතුළත් වේ. ආරක්ෂාව සහ පහසුව වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති XPILOT පද්ධතිය, Level 2 ස්වයංක්‍රීය ප්‍රමිතීන්ට අනුකූලව රියදුරුගේ සම්පූර්ණ වගකීම පවත්වා ගනිමින් රියදුරන්ට සහය දක්වයි.

Xpeng G6 රථයේ අභ්‍යන්තරය තුළ ඩිජිටල් තාක්ෂණය සහ සුවපහසුව කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත.එහි ඇතුළත අඟල් 15.6 ක මධ්‍යම ප්‍රමාණයේ ස්පර්ශ තිරය (Touchscreen Display) තොරතුරු-විනෝදාස්වාද පද්ධතියක් (infotainment system), ස්පීකර් 18 කින් යුත් XOPERA 2.0 උසස් තත්වයේ ශබ්ද පද්ධතියක්, වාතාශ්‍රය සහිත සහ සම්බාහන (ventilated and massaging) පහසුකම් සහිත ඉදිරිපස අසුන්, සහ ශබ්ද අවම කිරීමේ (active noise cancellation) තාක්ෂණය සහිත ද්විත්ව ශබ්ද ආරක්ෂිත වීදුරු (dual glazed soundproof glass) අඩංගු වේ. මෙම විශේෂාංග සමස්තයක් ලෙස වාහනය තාක්ෂණිකව දියුණු සහ සුවපහසුව කේන්ද්‍රගත කරගත් විද්යුත් SUV රථයක් ලෙස ස්ථානගත කරනු ලබයි.

G6 නිෂ්පාදකයා වන Xpeng, චීනයේ Guangzhou හි මූලස්ථානය පිහිටි ගෝලීය වශයෙන් ලැයිස්තුගත තාක්ෂණික සමාගමක් වන අතර එය නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේ XPEV ලකුණ යටතේ වෙළඳාම් කෙරේ. සමාගම සාම්ප්‍රදායික මෝටර් රථ නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් කෘතිම බුද්ධිය, රොබෝ විද්‍යාව සහ උසස් සංචලන පද්ධති දක්වා ව්‍යාප්ත වී ඇත.

2023 වසරේදී Volkswagen සමූහය XPENG සමාගමේ සියයට 4.99 ක කොටස් හිමිකාරීත්වයක් ලබාගෙන, නව පරම්පරාවේ විදුලි මෝටර් රථ වේදිකා සංවර්ධනය සඳහා ඒකාබද්ධ ගිවිසුමකටද එක්විය. මෙය XPENG සමාගමේ තාක්ෂණික හැකියාව පිළිබඳ ගෝලීය විශ්වාසය තහවුරු කරයි.

XPENG G6 යනු සමාගම ගොඩනගා ඇති පුළුල් නව්යකරණ පද්ධතියක කොටසක් වේ. එම පද්ධතියට ස්වයංක්‍රීය ගමනාගමන තාක්ෂණ පර්යේෂණ, IRON වේදිකාව යටතේ මනුෂ්‍ය හැසිරීම් අනුකරණය කරන රොබෝ තාක්ෂණය, සහ ARIDGE අංශය හරහා පියාසර වාහන සංවර්ධනයද ඇතුළත් වේ. මෙම සියලු වැඩසටහන් මගින් විවිධ ප්‍රවාහන ක්‍රම සහ නව තාක්ෂණ පද්ධති සමඟ කෘතිම බුද්ධිය එකතු කිරීමේ XPENG සමාගමේ දිගුකාලීන අනාගත සැලැස්ම පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවට, G6 ගෙන රැගෙන ඒම හුදෙක් නව වාහන මාදිලියක් හඳුන්වාදීමට වඩා වැඩි යමකි.එය ගෝලීය වශයෙන් වැදගත් තාක්ෂණික සන්නාමයක් දේශීය වෙළඳපොළට ප්‍රවේශ වීම සනිටුහන් කරන අතර, ඒ සමඟ උසස් තාක්ෂණික විසඳුම් සහ විද්යුත් වාහන හිමිකාරිත්වයේ අත්දැකීම පිළිබඳ නව අපේක්ෂාවන් ද රැගෙන එයි.

Evolution Auto සමාගම සඳහන් කළේ XPENG G6 හඳුන්වාදීම ශ්රී ලංකාවේ උසස් විදුලි මෝටර් රථ භාවිතය වැඩිදියුණු කිරීමේ තම දිගුකාලීන සැලැස්මේ කොටසක් බවයි. සමාගම වැඩිදුරටත් පැවසුවේ අලෙවියෙන් පසු සේවා, සේවා පහසුකම් සහ පාරිභෝගික සේවාවන් ද මෙම සන්නාමය සමඟ ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහන ක්‍රම වෙත මාරුවෙමින් සිටින මෙම කාලයේදී, XPENG G6 පැමිණීම උසස් විදුලි මෝටර් රථ වෙළඳපොළේ පාරිභෝගික බලාපොරොත්තු වෙනස් කිරීමට සහ බුද්ධිමත් විදුලි මෝටර් රථ භාවිතය වේගවත් කිරීමට වැදගත් භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Evolution Auto (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ Xpeng විද්යුත් වාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වේ. කොළඹ 05, ආර්. ඒ. ද මෙල් මාවතේ Evolution Auto සමාගමේ වාහන ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන යන අතර, විද්යුත් වාහන සඳහා අමතර කොටස්, වාහන අලුත්වැඩියා කටයුතු සමඟින් අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවන් ද සපයනු ලබයි..

Evolution Auto සහ Xpeng පිළිබඳ වැඩිදුර දැන ගැනීමට 0744112132 ඔස්සේ Evolution Auto අමතන්න හෝ www.xpeng.lk වෙත පිවිසෙන්න.

BYD ඉතිහාසයේ ප්‍රථම වරට මෝටර්...
TikTok හරහා මැණික් ගැන ලෝකෙටම...
எல்.பி.எல் 2026: உள்ளூர், சர்வதேச நட்சத்திர...
Samsung Sri Lanka Celebrates the...
Father’s Day Special: Meet the...
ජනශක්ති ෆිනෑන්ස් සමාගම ලාභදායීත්වය වැඩිදියුණු...
MAS Linea Intimo විසින් නිර්මාණය...
Sri Lanka’s IMF review: Stabilisation...
ජනශක්ති ෆිනෑන්ස් සමාගම ලාභදායීත්වය වැඩිදියුණු...
MAS Linea Intimo විසින් නිර්මාණය...
Sri Lanka’s IMF review: Stabilisation...
පසුගිය වසරේදී ආයතනවලින් 71%කට අවම...