විලාසිතා දැක්මට නව හැඩයක් එක් කරමින් LANKATILES, CFW Couture + Trousseau 2026 සමඟ එක්වෙයි

Share

Share

Share

Share

Colombo Fashion Week සමඟ අඛණ්ඩව ගොඩනඟාගෙන යන සිය නිර්මාණ කේන්ද්‍රීය සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, CFW Couture + Trousseau 2026 සඳහා LANKATILES මෙවරද එක්විය. සාම්ප්‍රදායික භාවිතයන්ගෙන් ඔබ්බට ගොස්, LANKATILES පුළුල් නිර්මාණාත්මක අත්දැකීමක කොටසක් බවට පත් කළ හැකි ආකාරය මෙවර සහයෝගිතාව තුළින් නව අර්ථකථනයකට ලක් කෙරිණි.

මෙවර LANKATILES විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද මොසැයික් ආවරණය කළ blocks සහ plinths පෙළක් හඳුන්වා දුන් අතර, විලාසිතා දැක්ම තුළ සුවිශේෂී අවකාශයක් නිර්මාණය කිරීමට සමත් විය.

Colombo Fashion Week සමග පවත්වාගෙන යන මෙම සහයෝගීතාවය, සෑම අදියරකදීම නිර්මාණාත්මක කෝණයකින් විකාශනය විය. 2025 වසරේදී LANKATILES, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ටයිල් කරන ලද විලාසිතා දැක්මේ වේදිකාවක් හඳුන්වා දෙමින්, විලාසිතාවන් සහ මතුපිට නිර්මාණයන් සඳහා නව හැඩයක් එක් කළේ ය. CFW Summer 2026 හිදී මෙම සහයෝගීතාවය තවදුරටත් ත්‍රීව අයුරින් කැපී පෙණුනේ mosaic නිර්මාණවල කලාත්මක හා අවකාශීය හැකියාවන් ඉස්මතු කිරීමත් සමගිනි. CFW Couture + Trousseau 2026 හිදී ‘Living Sculpture’ සංකල්පය ඔස්සේ LANKATILES ආයතනය මෙම අදහස තවත් ඉදිරියට රැගෙන යමින්, mosaic නිෂ්පාදන මතුපිට නිමාවන් ලෙස භාවිතා කිරීමේ සිට විලාසිතා අවකාශයක ත්‍රිමාණ සැලසුම් අංගයන් බවට පරිවර්තනය කළේ ය.

මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් LANKATILES හි අලෙවි ප්‍රධානී Harin Samat මහතා පැවසුවේ මෙවැන්නකි. “Colombo Fashion Week යනු සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගොසින් නිර්මාණාත්මක ප්‍රකාශයන් පිළිබඳව පරිකල්පනය කිරීමට අවස්ථාව සලසන වේදිකාවකි. එමෙන්ම වාස්තු විද්‍යාව, අභ්‍යන්තර නිර්මාණ, විලාසිතා, ද්‍රව්‍ය සහ ශිල්පීය හැකියාවන් යන සියල්ල එකිනෙකට කැටිකොට ගත් වැදගත් සංවාදයක් නිර්මාණය කරයි. අප විසින් පවත්වාගෙන යනු ලබන සෑම සහයෝගීතාවයක් තුළින්ම එම නිර්මාණශීලී සංවාදයට මැනවින් දායක වන ආකාරය අපි ගවේෂණය කර තිබේ. ‘Living Sculpture’ යන සංකල්පය සමග මතුපිට නිමාවන්හි ස්වරූපය පරිවර්තනය කරමින්, සමස්ත විලාසිතා දැක්ම පෙර නොවූ විරූ අයුරින් ඉදිරිපත් කිරීමට අපට හැකියාව ලැබුණි.’’

මෙම සහයෝගීතාවය තුළින් ශ්‍රී ලංකාවේ සමකාලීන නිර්මාණ ක්ෂේත්‍රය ඔප් නැංවීමට LANKATILES දරන පුළුල් උත්සාහය මැනවින් පිළිබිඹු වේ. ඒ අනුව, ගෘහ නිර්මාණ ශිල්පීන්, අභ්‍යන්තර නිර්මාණකරුවන්, මෝස්තර නිර්මාණකරුවන්, සිසුන් මෙන්ම විවිධ නිර්මාණශීලී ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සමඟ එක්ව කටයුතු කරමින්, නව අදහස් හා නිර්මාණාත්මක හැකියාවන් සඳහා අවකාශ සලසා දීමට LANKATILES කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ එකම දේශීය mosaic නිෂ්පාදකයා වශයෙන් LANKATILES ආයතනය, mosaic සහ මතුපිට නිර්මාණකරණය (surface design) පිළිබඳව සිය විශේෂඥ දැනුම මෙම නිර්මාණාත්මක අවකාශයට එක් කරනු ලබයි. CFW Couture + Trousseau 2026 හිදී, එම විශේෂඥතාවය සුවිශේෂී නිර්මාණ ස්ථාපනයක් (installation) හරහා ප්‍රදර්ශනය කෙරුණු අතර, ස්පර්ශීය ගුණය (texture), ආලෝකය, චලනය සහ අමුද්‍රව්‍ය යන අංගයන් ඔස්සේ සමස්ත දෘෂ්‍ය අත්දැකීමට ආකර්ෂණීය පෙනුමක් එක් කළේ ය.

පසුගිය වසරේ ටයිල් අතුරා සකස් කළ විලාසිතා වේදිකාවේ (runway) සිට CFW Summer 2026 හි mosaic නිර්මාණය හා ‘Living Sculpture’ සංකල්පය දක්වාම Colombo Fashion Week සහ LANKATILES එක්ව සිදු කළ සෑම නිර්මාණාත්මක සහයෝගීතාවයකින්ම නැවුම් දැක්මක් අර්ථකථනය කිරීමට සමත් ව තිබේ.

මෙවැනි නිර්මාණාත්මක වැඩසටහන් තුළින් LANKATILES ආයතනය, උසස් තත්ත්වයේ සහ නවොත්පාදන දැක්මක් සහිත දේශීය සන්නාමයක් ලෙස සිය ස්ථානය අත්පත් කර ගනිමින්, ශ්‍රී ලංකාවේ විකාශනය වන නිර්මාණ සංස්කෘතිය හැඩගැස්වීමෙහිලා ප්‍රමුඛතම කාර්යභාර්යක් ඉටු කරනු ලබයි.

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...