විෂ් ගෝවින්දසාමිගේ නායකත්වයෙන් පසු සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍යාම් සතාසිවම් සමඟින් නව යුගයකට පිවිසෙයි

Share

Share

Share

Share

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ විධායක තනතුරක් හෙබවූ විෂ් ගෝවින්දසාමි මහතා එම තනතුරින් ඉවත් වී නියෝජ්‍ය සභාපති ලෙස විධායක නොවන තනතුරක කටයතු කරන බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. සමූහය තුළ ඔහුගේ එඩිතර නායකත්වය, නව්‍ය වෙනස්කම් හඳුන්වා දීම සහ වගකිවයුතු ව්‍යවසායකත්වය සඳහා දැඩි කැපවීමකින් කටයුතු කිරීම ඔහුගේ වසර 28 ක ව්‍යාපාරික ගමන්මගේ විශේෂයෙන් කැපී පෙනේ. ගෝවින්දසාමි මහතා තවදුරටත් සමූහයේ උපදේශකයකු ලෙස කටයුතු කරනු ඇත.

ගෝවින්දසාමි මහතාගේ සමුගැනීම සනිටුහන් කිරීමට මෙන්ම ඒ මහතාගේ සුවිශේෂී ව්‍යාපාරික ගමන්මග සහ සමූහයේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සුවිසල් මෙහෙවර අගයනු වස් පසුගියදා උපහාර උත්සවයක් පැවැත්විණි. එයට මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික නායකයින්, සන්ෂයින් හි ජ්‍යෙෂ්ඨ නායකත්වය සහ ක්ෂේත්‍රයේ අනෙකුත් පාර්ශවකරුවන් සහභාගී විය.

මෙම උපහාර උත්සවය අමතමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “පසුගිය දශක තුන අප ව්‍යාපාරික වර්ධනයක් පෙන්නුම් කළ අතර මා මෙම තනතුරු භාර ගන්නා මේ අවස්ථාවේදී ගෝවින්දසාමි මහතා විසින් ඇති කළ වටිනාකම් සහ ගොඩනැගූ සාර්ථකත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට මා කැපවී සිටිනවා. අපගේ අරමුණ වන්නේ සියලුම කොටස්කරුවන් ගැන සැලකිලිමත් වන සහ ජීවිතවලට ධනාත්මක ලෙස බලපාන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමයි. සන්ෂයින් හෝල්ඩින්ග්ස් අද පවතින තත්ත්වයට ගෙන ඒමට ඔහු කළ කැපවීම සහ ඔහුගේ දූරදර්ශී නායකත්වයට මම ඔහුට ස්තූතිවන්ත වන අතර ඔහුට සුභ පතනවා.” යනුවෙනි.

ශ්‍යාම් සතාසිවම් මහතා 2024 දී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වූ අතර සමාගමේ ඉදිරි ව්‍යාපාරික සංවර්ධන කටයුතු මෙහෙය වීම සඳහා නායකත්වය දෙනු ඇත. 2005 වසරේදී සමාගමට එක් වූ ඔහු එහි නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සමූහයේ මෑත කාලීන සාර්ථකත්වය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. ගෝවින්දසාමි මහතා සමඟ වසර 20 කට වැඩි කාලයක් සමීපව කටයුතු කර ඇති ඒ මහතා පුළුල් දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක් ඇති අයෙකි. එමෙන්ම ඔහු සතු ව්‍යාපාරය පිළිබඳ ගැඹුරු අවබෝධය සහ අනාගතයේදී සමාගමේ වර්ධනය හා සාර්ථකත්වය සඳහා උපකාරී වන උපායමාර්ගික දැක්ම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඊළඟ අදියරේ වර්ධනයට නායකත්වය දෙනු ඇත.

1997 වසරේදී වටවල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමඟ එක් වූ ගෝවින්දසාමි මහතා එය ශ්‍රී ලංකාවේ වටිනාම කලාපීය වැවිලි සමාගම බවට පත් කළේය. Zesta, වටවල තේ සහ රන් කහට වැනි ප්‍රසිද්ධ වෙළඳ නාම හඳුන්වා දීමටත් සන්ෂයින් සමූහය සුව සේවා, පාරිභෝගික භාණ්ඩ, පුනර්ජනනීය බලශක්තිය සහ කිරි ආශ්‍රිත ව්‍යාපාරය දක්වා ව්‍යාප්ත කිරීමටත් ඔහු ලබා දුන් දායකත්වය විශේෂයෙන් කැපී පෙනිණි. 2003 දී, ඔහු ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳාම නව මානයකට රැගෙන ගිය පුරෝගාමී හෙල්ත්ගාඩ් ෆාමසි ජාලය හඳුන්වා දුන්නේය.

2007 වසරේ සිට සන්ෂයින් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ගෝවින්දසාමි මහතා සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමට Wilmar සහ SBI Japan වැනි ගෝලීය සමාගම් සමඟ ප්‍රධාන හවුල්කාරිත්වයන් ඇති කරගනිමින් සමාගමේ වර්ධනය සඳහා පුද්ගලික කොටස් සමාගම්වලින් සැලකිය යුතු ආයෝජන ලබා ගත්තේය. මීට අමතරව ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරටත් ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතර 57 වන ස්ථානයටත් සමාගම පත් වූ අතර සමූහය ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් ආයතනයක් ලෙස ද ඇගයීමට ලක් විය.

ව්‍යාපාරික සාර්ථකත්වයට අමතරව සෞඛ්‍ය හා අධ්‍යාපනයේ දිගුකාලීන වැඩිදියුණු කිරීම් අරමුණු කර ගනිමින් ඔහු 2017 වසරේදී සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) ආරම්භ කළේය.

තවද ඔහු 2021 වසරේදී ලංකා වාණිජ මණ්ඩලයේ (CCC) සභාපති බවට පත් වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඇතුළුව ලංකා සේව්‍ය සම්මේලනයේ සහ ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් කිහිපයක ජාතික මට්ටමේ ප්‍රධාන නායකත්ව තනතුරු රැසක් හෙබවීය.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සිය ගමන්මග පිළිබඳව ආවර්ජනය කරමින් විෂ් ගෝවින්දසාමි මහතා පැවසුවේ “සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමට නායකත්වය ලබා දීම මගේ වෘත්තීය ජීවිතයේ මා ලබා ගත් විශිෂ්ටතම ගෞරවයක්- සිවිල් යුද්ධයක සිට ආර්ථික අර්බුදයක් දක්වා කණ්ඩායමක් ලෙස අපි බොහෝ අභියෝගවලට මුහුණ දී තිබෙනවා- නමුත් පසුගිය වසර 28 පුරාවට අපගේ ඔරොත්තු දීමේ හැකියාව අපව ඉදිරියට ගෙන ගියා. අපගේ කණ්ඩායම්, හවුල්කරුවන් සහ කොටස්කරුවන් දැක්වූ සහයෝගයට මම බෙහෙවින් කෘතඥ වෙනවා. ඉදිරියේදී උපදේශකයකු ලෙස අඛණ්ඩව සමාගමට සහයෝගය ලබා දීමට මා බලාපොරොත්තු වන අතර ශ්‍යාම්ගේ නායකත්වය යටතේ සන්ෂයින් හෝල්ඩින්ග්ස් මීටත් වඩා විශාල සාර්ථකත්වයක් අත්කර ගනු ඇති බව මට විශ්වාසයි.” යනුවෙනි.

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...