වේගවත් ලිවීමක වටිනාකම අගයමින් 2024 Effie’s සම්මාන උළෙලේදී ‘Atlas Max’ රනින් දිදුළයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමය වන Atlas හි ‘Atlas Max’ නව්‍යකරන නිෂ්පාදනය පසුගියදා පැවති Effie’s සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. පාසල් සිසුන්ගේ ලිවීමේ වේගය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ‘Atlas Max’ නිෂ්පාදිතය සඳහා දියත් කළ ‘Write Fast with Atlas Max’ ව්‍යාපෘතිය, එම සම්මාන රාත්‍රියේ දී විශිෂ්ට ගණයේ මුලපිරීමක් වශයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය ද දිනා ගැනීමට සමත් වූයේ ය.

සිසු දරුවන්ගේ ලිවීමේ වේගය සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරමින් ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු පහසු කර ගැනීමේ කාර්යයේදී දී ඉටු කළ කාර්යභාර්ය වෙනුවෙන් ‘Education and Training’ කාණ්ඩය යටතේ රන් සම්මානයක් ද, තාරුණ්‍යයේ අවශ්‍යතාවය මැනවින් හඳුනා ගනිමින් එය නිර්මාණශීලී ලෙස සන්නිවේදනය කිරීම වෙනුවෙන් ‘Youth Marketing’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් ද හිමි කර ගැනීමට එහිදී ඇට්ලස් සන්නාමයට හැකි විය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Atlas Axillia සමාගමේ අලෙවි ප්‍රධානී රන්දික ද සිල්වා මහතා මෙසේ පැවසීය. “ඇට්ලස් කියන්නේ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය සතුටින් හා පහසුවෙන් සිදු කරගෙන යාමට නිරන්තරයෙන් උපකාරී වන ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බව මෙම සම්මාන පුද ලැබීමෙන් යළිත් වරක් තහවුරු වුණා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමේ දී ‘Atlas Max’ නිෂ්පාදනය සැලකිය යුතු කාර්යභාර්යක් ඉටු කරන බවට අපට පැහැදිලිවම විශ්වාසයි. ඉතා කාර්යක්ෂම ලෙස තමන්ගේ ලිවීමේ කටයුතු සිදු කරගෙන යාමට පහසුවක් වන මෙවැනි නිෂ්පාදන නිසා ශ්‍රී ලාංකේය දරු පරපුරේ අඛණ්ඩ විශ්වාසය දිනූ සන්නාමයක් බවට පත් වීමට Atlas Axillia ආයතනයට හැකි වී තිබෙනවා”

මීට අමතරව, මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ Atlas Axillia සමාගමෙහි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු අශාන් වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙවැන්නකි. “පාසල් දරුවන්ගේ ඉගෙනුම් අත්දැකීම් වැඩි දියුණු කිරීම උදෙසා අප නිෂ්පාදනය කළ Atlas Max නිෂ්පාදිතයට සඳහා Effie’s සම්මාන උළෙලේ දී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයක් හිමි වීම අපට මහත් ආඩම්බරයක්. Atlas Max නිෂ්පාදනය, කාර්යක්ෂම මෙන්ම සුමට ලිවීමකට උපකාරී වන හොඳම සන්නාමයක් වශයෙන් ඇගයුමට ලක් වීම තුළින් Atlas Axillia ආයතනයේ කැපවීම තවදුරටත් කැපී පෙනෙනවා. මතු පරපුරේ අනාගතය දීප්තිමත් කරලීම උදෙසා ඉදිරියටත් මෙවැනි විශිෂ්ට නිෂ්පාදනයන් සමගින් ඔවුන්ව සවිබල ගැන්වීමට අප බලාපොරොත්තු වෙනවා”

පාසල් දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි ක්‍රමවේදයන් නිර්මාණය කිරීමේ පරමාර්ථය පෙරදැරි කර ගත් Atlas සන්නාමය, ලාංකික සිසු දරුවන්ට අධ්‍යාපනික පිටුබලයක් සපයමින් කටයුතු කරයි. මෑතකදී ලද මෙම සුවිශේෂී ජයග්‍රහණයන් ඔස්සේ මෙරට සෑම දරුවකුගේම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම උදෙසා ක්‍රියාත්මක වන Atlas Axillia සමාගමෙහි නොසැලෙන කැපවීම තවදුරටත් දිරි ගැන්වෙනු ඇත.

Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...
City of Dreams Sri Lanka,...
බ්‍රිතාන්‍යයේ දොරටු විවරවීමත් සමගම මෙහි...
Dijital Team Sri Lanka reaffirms...
TikTok வழியாகக் கொண்டாடப்படும் சிங்கள மற்றும்...
இலங்கையின் டிஜிட்டல் பொருளாதாரத்தை வலுப்படுத்தும் Huawei:...
Dijital Team Sri Lanka reaffirms...
TikTok வழியாகக் கொண்டாடப்படும் சிங்கள மற்றும்...
இலங்கையின் டிஜிட்டல் பொருளாதாரத்தை வலுப்படுத்தும் Huawei:...
ජනශක්ති ෆිනෑන්ස් සමාගම කාන්තාවන්ගේ මූල්‍යමය...