ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයට සුවිශේෂී මූල්‍ය වරප්‍රසාද පිරිනැමීම සඳහා HNB සහ IESL අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. HNB Towers හිදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණු අතර, මේ හරහා දිවයින පුරා සිටින 25,000 කට අධික IESL ඉංජිනේරු වෘත්තිකයින් පිරිසකට සුවිශේෂී මූල්‍ය ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.

මෙම ගිවිසුම යටතේ IESL සාමාජිකයින් වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කළ, පූර්ව අනුමැතිය සහිත ප්‍රීමියම් ක්‍රෙඩිට් කාඩ්පත් සහ පූර්ව අනුමැතිය සහිත පුද්ගලික ණය පහසුකම් ලබාගත හැක. මීට අමතරව සාමාන්‍ය පුද්ගලික බැංකු සේවා යටතේ විශේෂ සහන රැසක්ද ඔවුන්ට හිමිවේ. නියමිත සුදුසුකම් සපුරාලන සාමාජිකයින්ට, සුවිශේෂී වරප්‍රසාද රැසක් පිරිනමන HNB හි ඉහළම බැංකු සේවාව වන ‘HNB Priority Circle’ සමඟ සම්බන්ධ වීමේ අවස්ථාවද උදාවේ.

මෙම පැකේජය සකස් කර ඇත්තේ ඉංජිනේරු වෘත්තිකයින්ගේ වෘත්තීය ස්වභාවය සැලකිල්ලට ගනිමිනි. විශේෂයෙන්ම ස්වාධීන උපදේශකයින් ලෙස කටයුතු කරන සහ සාමාන්‍ය බැංකු සේවාවලට වඩා වැඩි යමක් අපේක්ෂා කරන ඉංජිනේරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් මෙය නිර්මාණය කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ “ඉංජිනේරුවන් යනු ශ්‍රී ලංකාවේ ඉහළම වෘත්තීය මට්ටමකින් සංවිධානය වූ ප්‍රජාවක්. නමුත් ඔවුන්ගේ සුවිශේෂී බැංකු අවශ්‍යතාවලට ගැළපෙන සේවාවන් මෙතෙක් ලැබී තිබුණේ කලාතුරකින්. IESL සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා එය වෙනස් කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ වෘත්තීය ගරුත්වයට සහ වෘත්තීය පසුබිමට මැනවින් ගැළපෙන මූල්‍ය සේවා රැසක් අප ඔවුන් වෙත පිරිනමනවා. මෙය දිගුකාලීනව පවත්වා ගෙන යාමට අපට අවශ්‍ය අතර, IESL සාමාජිකයින්ට ඉහළම වටිනාකමක් ලබාදීමට අප කැපවී සිටිනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) යනු මෙරට ඉංජිනේරුවන් වෙනුවෙන් ඇති ප්‍රධානතම සහ ඉහළම වෘත්තීය ආයතනයයි. මෙය 1906 වසරේදී ‘ලංකා ඉංජිනේරු සංගමය’ (Engineering Association of Ceylon) ලෙස ආරම්භ විය. පසුව 1968 දී පාර්ලිමේන්තු පනතක් මගින් මෙය නිල වශයෙන් ස්ථාපිත කරන ලදී.

වර්තමානය වන විට IESL ආයතනය විවිධ ඉංජිනේරු ක්ෂේත්‍ර 20කට අධික සංඛ්‍යාවක වෘත්තිකයින් නියෝජනය කරයි. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි දේශීය ශාඛා 8ක් මෙන්ම එක්සත් රාජධානිය, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය සහ මැදපෙරදිග කලාපය පුරා විදේශීය ශාඛා 7ක් ද IESL සතුය. තවද, රාජ්‍ය හා පුද්ගලික අංශ දෙකෙහිම ඉහළ පිළිගැනීමක් ඇති Chartered Engineer වෘත්තීය සුදුසුකම පිරිනැමීමට ශ්‍රී ලංකාවේ ඇති එකම නිල බලයලත් ආයතනය වන්නේද IESL ය.

IESL සභාපති, ඉංජිනේරු කෝසල කඹුරදෙණිය මහතා පැවසුවේ “ගුණාත්මක මූල්‍ය හා බැංකු සේවාවන් ලබා ගැනීම අපගේ සාමාජිකයින් රැසකට ඇති ප්‍රායෝගික අවශ්‍යතාවයක්. විශේෂයෙන්ම වෘත්තීය ජීවිතය අලුතින්ම ආරම්භ කරන ඉංජිනේරුවන්ට සහ ස්වාධීන වෘත්තිකයින් ලෙස කටයුතු කරන අයට මෙය වඩාත් වැදගත් වනවා. HNB සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, අපගේ සාමාජික ප්‍රතිලාභ කමිටුව හරහා IESL සාමාජිකයින්ට උපරිම වටිනාකමක් ලබාදීමට අප දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. මෙම හවුල්කාරීත්වය දිවයින පුරා සිටින ඉංජිනේරුවන්ට සැබවින්ම විශාල ප්‍රතිලාභයක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” යනුවෙනි.

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...