ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා HNB සහ TVS Lanka අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සොනාලිකා ට්‍රැක්ටර්ස් (Sonalika Tractors) ප්‍රවර්ධනය කිරීම සඳහා TVS Lanka (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය HNB හි ලීසිං සේවා පුළුල් කරන අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීන යන්ත්‍රෝපකරණ භාවිතය වැඩි කිරීමට සහාය වේ.

මෙම හවුල්කාරිත්වය හරහා HNB විසින් Sonalika Tractors මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං පැකේජ සහ සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙයි.

මෙම හවුල්කාරීත්ය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ශක්තිය සඳහා ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික ඵලදායිතාව ඉතා වැදගත්. TVS Lanka සමඟ වන මෙම හවුල්කාරිත්වය හරහා අප දිවයින පුරා සිටින ගොවීන්ට සහ කෘෂි ව්‍යවසායකයින්ට නවීන ගොවිතැන් උපකරණ වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා ගැනීමට උපකාරී කරනවා. එමෙන්ම එක් එක් පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන ලෙස සැකසූ HNB හි ලීසිං විසඳුම් සමඟින්, පාරිභෝගිකයින්ට නම්‍යශීලී මූල්‍ය විසඳුම් සහ විශ්වාසදායක උපදේශන සහාය ලැබෙන බව ද සහතික කරනාවා.” යනුවෙනි.

“Sonalika Tractors ඉහළ කාර්ය සාධනය, කල් පැවැත්ම සහ ඉන්ධන කාර්යක්ෂමතාවය වැනි අද කාලයේ ගොවි ප්‍රජාවට අත්‍යවශ්‍ය ලක්ෂණ සමඟින් නිර්මාණය කර තිබෙනවා. HNB සමඟ එක්ව කටයුතු කිරීමෙන් අපට විශ්වාසදායක යන්ත්‍රෝපකරණ සහ පහසු මූල්‍යකරණයක් පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා දීමට හැකියි. මෙම හවුල්කාරිත්වය ග්‍රාමීය ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ සහ කෘෂිකාර්මික ආර්ථිකයේ වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අපගේ ඒකායන ඉලක්කයට සහාය වනවා.” යනුවෙන් TVS Lanka ප්‍රධාන විධායක නිළධාරී ගීතාල් ඇන්තනි මහතා සඳහන් කළේය.

මෙම සහයෝගීතාවයේ අරමුණ වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල මූල්‍යකරණ අවස්ථා ශක්තිමත් කිරීම සහ රටේ කෘෂිකාර්මික කර්මාන්තය නවීකරණය කිරීමට සහ සැමට ප්‍රතිලාභ ලැබිය හැකි ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට උපකාර කිරීමයි.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...