ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම (2025 සිට 2030) අර්බුදයෙන් පසු තිරසාර හා සාධාරණ වර්ධනයකට ප්‍රතිපත්ති මාර්ගසටහනක්

Share

Share

Share

Share

කොළඹ – ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද‍්‍රය (CEPA) එක්ව සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම (2025–2030)” ග්‍රන්ථය, 2026 ජනවාරි 8 දින කොළඹ ශ්‍රී ලංකා පදනමේදී නිල වශයෙන් එලි දක්වන ලදී. මෙම ග්‍රන්ථ නිකුත් කිරීම මෙම ග්‍රන්ථයේ කතුවරුන් නව දෙනාගේ අධීක්ෂණය හා සහභාගිත්වය යටතේ සම්පාදනය වී ඇත.

2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන්ට ප්‍රතිචාර ලෙස, මෙම ග්‍රන්ථය කෙටි කාලීන ස්ථාවරතාවය ඉක්මවා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීම, ආයෝජන හා අපනයන වර්ධනය, සහ දුප්පත්කම අඩු කිරීම එකම ප්‍රතිපත්ති රාමුවක සම්බන්ධ කරගත් පරිවර්තනීය ආර්ථික වර්ධන ආකෘතියක් ඉදිරිපත් කරයි.

මේ වන විට ශ‍්‍රී ලංකාව සන්ධිස්ථානයක සිටී. නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් පවතින රට, පරිවර්තනීය ආර්ථික වර්ධනයක් ඇති කරගැනීමේ සහ උත්සාහයකින් දිනාගත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමේ ද්විත්ව අභියෝගයට මුහුණ දෙයි. ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද‍්‍රයේ (CEPA) සහයෝගීතාවයෙන් ඉදිරිපත් කෙරෙන මෙම වාර්තාව, මෙම සංකීර්ණ තත්වයෙන් ගොඩ ඒම සඳහා තීරණාත්මක මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි. මෑත කාලීන ස්ථාවරකරණ උත්සාහයන් ආර්ථික වර්ධන ප‍්‍රවණතාවයක් සහ අඩු උද්ධමනය ඇතුළු ධනාත්මක ප‍්‍රතිඵල ලබා දී ඇතත්, දරිද්‍රතා මට්ටම් වඩා ඉහළ ලෙස ඉහළ මට්ටමක පවතී. අනාගත අර්බුද වළක්වා ගැනීමට සහ ශ‍්‍රී ලංකාවේ දැවැන්ත විභවය විවෘත කිරීමට අඛණ්ඩ ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව මෙම අධ්‍යයනය තර්ක කරයි. ප‍්‍රධාන ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍ර හයක් – සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ගෝලීය සැපයුම් දාම ඒකාබද්ධ කිරීම, වැඩිදියුණු කළ සාධක වෙළඳපොළවල්, ඉලක්කගත ආංශික ප‍්‍රතිපත්ති, දරිද‍්‍රතාව අඩු කිරීම සහ එකඟතාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ශ‍්‍රී ලංකාවට 2025 සහ 2030 අතර කාලය තුළ තිරසාර හා සියල්ල ඇතුළත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරය, ඩිජිටල් ආර්ථිකය, නිකේතන නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත‍්‍රවල අවස්ථා ප‍්‍රයෝජනයට ගත හැකිය.

මෙම ග්‍රන්ථය ආචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, රවීන් බස්නායක, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ඉවට් ප්‍රනාන්දු, ආචාර්ය ඩර්ක් විලම් ටී වෙල්ඩ්, ඇසල වීරකෝන් සහ ශියා වික්‍රමසිංහ සහ ආචාර්ය ගනේශන් විග්නරාජා යන ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයන් නව දෙනා විසින් සකස් කර ඇත.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ CEPA විධායක අධ්‍යක්ෂ ආචාර්ය සිරිමල් අබේරත්න මහතා“ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වන්නේ සංඛ්‍යාත්මක වර්ධනය පමණක් නොව, ජන ජීවිතයට සෘජුව ප්‍රතිලාභ ලැබෙන, ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන වර්ධනයකි. 2025–2030 කාලය තුළ එවැනි පරිවර්තනීය මාර්ගයකට රට ගෙන යා හැකි ප්‍රතිපත්ති දිශානතියක් මෙම ග්‍රන්ථය ඉදිරිපත් කරයි.”යනුවෙන් පැවසීය.

ග්‍රන්ථය අනුව, ඉදිරි වසර කිහිපය ශ්‍රී ලංකාවට නැවත හැරවිය නොහැකි අවස්ථාවක් වන අතර, ප්‍රතිපත්ති අඛණ්ඩතාව, රාජ්‍ය–පෞද්ගලික සහයෝගිතාව සහ සමාජීය එකඟතාවය මත පදනම් වූ ක්‍රියාත්මක කිරීම මඟින් පමණක් මෙම වර්ධනය තිරසාර කරගත හැකි බව අවධාරණය කරයි.

Hope Is Just a Scroll...
Hope Is Just a Scroll...
Samsung Sri Lanka 2026 අලෙවි...
වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට...
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
விற்பனை மற்றும் பங்களிப்பில் சிறந்து விளங்கிய...