ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන සන්නාමය වන BYD සිය 11 වන ප්‍රදර්ශනාගාරය මීගමුවේදී විවෘත කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය මෙන්ම ලොව විශාලතම NEV නිෂ්පාදකයා වන BYD සමාගම, එහි මෙරට එකම බලයලත් නිල බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ 11 වන ප්‍රදර්ශනාගාරය පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙමඟින් බස්නාහිර පළාත තුළ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය තවදුරටත් පුළුල් වේ.

අංක 254, හලාවත පාර, මීගමුව, යන ලිපිනයෙහි පිහිටි මෙම නව BYD ප්‍රදර්ශනාගාරය පසුගිය සැප්තැම්බර් 11 වනදා විවෘත කෙරිණි. කොළඹ, ගාල්ල, කුරුණෑගල, මහනුවර, අම්පාර සහ රත්නපුර යන නගරවල දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක වන BYD ප්‍රදර්ශනාගාර සහ සේවා ජාලයට මෙම නවතම මධ්‍යස්ථානයද එක් වේ. මෙමඟින් බස්නාහිර වෙරෙළබඩ කලාපය ආශ්‍රිත ප්‍රදේශවල BYD සන්නාමය තවදුරටත් ශක්තිමත් වේ. එමෙන්ම මීගමුව සහ ඒ අවට පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විදුලි සහ plug-in hybrid වාහන මාදිලි පහසුවෙන්ම මිලදී ගැනීමට මෙන්ම දිවයින පුරා BYD සන්නාමයේ ප්‍රවේශය තහවුරු කිරීමටද මෙය මනා පිටුවහලක් වේ.

දීප ව්‍යාප්ත BYD සේවා ජාලය සතු ඉහළ විශ්වාසනීයත්වය, අලෙවියෙන් පසු සහාය සහ විශිෂ්ට සේවාව එලෙසින්ම අත්විඳීමේ අවස්ථාව දැන් මීගමුව අවට පාරිභෝගිකයින්ට ද හිමි වේ. ආරම්භයේදී ප්‍රදර්ශනාගාරයක් ලෙස පමණක් ක්‍රියාත්මක වන මෙම නව මධ්‍යස්ථානය, පසුව අලෙවිය, අලුත්වැඩියා/නඩත්තු සේවා සහ අමතර කොටස් යන සියලු පහසුකම් එකම වහලක් යටින් ලබා ගත හැකි 3S පහසුකම් සහිත මධ්‍යස්ථානයක් දක්වා සංවර්ධනය කිරීමට ද කටයුතු යොදමින් සිටී. මෙම ප්‍රදර්ශනාගාරය BYD SEALION 5, BYD SEALION 6, BYD SEALION 8, BYD ATTO 1, BYD ATTO 2, SHARK 6 සහ BYD DOLPHIN යන නවීන වාහන මාදිලි රැසකින් සමන්විත වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් JKCG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ “අපගේ 11 වන ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට හැකිවීම ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමයේ ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක්. ඉතා කෙටි කාලයක් තුළ, මෙරට මෝටර් රථ වෙළඳපොළ තුළ සිදු වූ මෙම කැපී පෙනෙන වෙනස අප අගය කරනවා. එහිදී, නව බලශක්ති වාහන පිළිබඳව දැනුවත් වීමට වඩා ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් ඒවා තම එදිනෙදා ජීවිතයේ ප්‍රධානතම තේරීමක් කරගැනීමට දක්වන උනන්දුව වේගයෙන් වර්ධනය වී තිබෙනවා. අපගේ මීළඟ ඉලක්කය වන්නේ මෙම ප්‍රදර්ශනාගාර ජාලය සහ ඒ වටා ඇති යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීමයි. එමඟින් රටේ කොතැනක සිටියත් පරිසර හිතකාමී නව බලශක්ති වාහන භාවිතයට විශ්වාසයෙන් යුතුව යොමුවීමට අපගේ පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවනවා.” යනුවෙනි.

මෙරට තුළ ශක්තිමත් නව බලශක්ති වාහන යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් Keells සමාගම දිවයින පුරා චාජර්ස් 43ක් ස්ථාපනය කර ඇත. මීට අමතරව, BYD පසුගියදා GreenEV සමඟ ඇති කරගත් සහයෝගීතාවය හරහා තවත් චාජර් 73ක පහසුකම් පාරිභෝගිකයින්ට හිමි වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් ක්‍රියාත්මක වන මුළු charge කිරීමේ ස්ථාන සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම, සෑම BYD සහ Denza පාරිභෝගිකයෙකුටම වාහන මිලදී ගැනීමේදී නිවසේදී භාවිත කළ හැකි චාජරයක් නොමිලේ හිමිවන බැවින්, තමන්ට රිසි පරිදි ඉතා පහසුවෙන් වාහන charge කරගැනීමේ අවස්ථාව ඔවුන්ට උදාවේ.

මීගමුවේ විවෘත කරන ලද මෙම 11 වන ප්‍රදර්ශනාගාරයත් සමඟින්, ශ්‍රී ලංකාව පුරා තම මෝටර් රථ අලෙවි සහ සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට BYD සමත්ව සිටී. මේ වන විට බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් ආවරණය වන පරිදි ව්‍යාප්ත වී ඇති මෙම ප්‍රදර්ශනාගාර සහ සේවා ජාලය, BYD වාහන මාදිලි මෙන්ම ඔවුන්ගේ විශිෂ්ට පාරිභෝගික සේවාවන් ද මෙරට පාරිභෝගිකයින්ට වඩාත් සමීපව අත්විඳීමට අවස්ථාව සලසා දෙයි.

Evolution Auto இலங்கையில் AVATR 07...
New Media Solutions Pvt Ltd...
HNB FINANCE, Toyota Lanka forge...
Sri Lanka’s terror law could...
Sri Lanka’s No.1 NEV Brand...
JAAF welcomes PUCSL’s call for...
Connect to Care brings global...
Sunshine Healthcare expands into digital...
JAAF welcomes PUCSL’s call for...
Connect to Care brings global...
Sunshine Healthcare expands into digital...
Guardrails, Not Walls: What Teen...