ශ්‍රී ලංකාවේ සුව සේවා අංශයේ අලුත් ආරම්භයක් සනිටුහන් කරමින් Lina Manufacturing නව ලාංඡනය එළිදක්වයි

Share

Share

Share

Share

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing සමාගමේ සන්නාම අනන්‍යතාවය තවත් ශක්තිමත් කරමින් නව ලාංඡනය පසුගියදා එළිදැක්වීය. මෙම නව ලාංඡනය මගින් සමාගමේ වර්ධනය, අනාගත සැලසුම් සහ ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි සුව සේවා නිෂ්පාදන ලබා දීමේ එහි අඛණ්ඩ පොරොන්දුව පෙන්නුම් කරයි.

මෙම නව ලාංඡනය Lina සමාගමේ ව්‍යාපාරික ගමන්මගේ වැදගත් අවස්ථාවක් වන අතර එය සමාගමේ සැබෑ වටිනාකම් සහ අරමුණ එලෙසම පවත්වා ගෙන යෑම පිළිබිඹු කරන නැවුම් හා නවීන පෙනුමකින් යුක්ත වෙයි. Metered dose inhaler (MDIs) සහ කැප්සියුලයක හැඩයකින් යුතුව මෙම නව ලාංඡනය නිර්මාණය කර ඇත. හිරු එළිය, ජීවිතය, වර්ධනය, එකමුතුකම සහ ශක්තිය වැනි වැදගත් වටිනාකම් නියෝජනය කරන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ලාංඡනයේ එන spiral හැඩය එය තවත් අලංකාරවත් කරයි. ඒ සඳහා යොදා ගෙන ඇති ඉතාම සුවිශේෂී නිල් පැහැය (Teal) මගින් පැහැදිලි බව, සන්සුන්භාවය සහ අවංකත්වය පිළිබිඹු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ අධ්‍යක්ෂ ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි අප සැමට අද ආඩම්බර දිනයක්. වසර තුනකට පෙර Lina සමඟ කටයුතු කිරීමට පටන් ගත් අප මේ වන විට බොහෝ වැදගත් ඉලක්ක සපුරා ගෙන තිබෙනවා. Lina Manufacturing යනු අපගේ අනාගත සැලසුම්වල විශාල කොටසක් වගේම එය තව තවත් වර්ධනය කිරීම සඳහා අපි අඛණ්ඩව ආයෝජනය කරනවා. මෙම නව වෙනස්කම් සමඟින් Lina ශ්‍රී ලංකාවේ ශ්වසනය ආශ්‍රිත ඖෂධ නිෂ්පාදනය කරනු ලබන මෙරට ප්‍රමුඛතම සමාගම බවට පත් කිරීම අපගේ අරමුණයි. ඉදිරියේදී සිදුවීමට නියමිත දේ ගැන අපි විශ්වාසයෙන් හා උද්යෝගයෙන් යුතුව බලාසිටිනවා.” යනුවෙනි.

මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ශ්වසනය ආශ්‍රිත ඖෂධ නිෂ්පාදන සපයනු ලබන විශ්වසනීය ඖෂධ සැපයුම් සමාගමක් ලෙස Lina Manufacturing වගකිව යුතු ව්‍යාපාරික පිළිවෙත් පිළිබඳ සමූහයේ වටිනාකම් පිළිබිඹු කරයි. සන්ෂයින් හෝල්ඩින්ග්ස්, Lina විසින් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනයක්ම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සඳහා ඉහළම ප්‍රමිතීන්ගෙන් නිපදවන බවට සහතික වන අතර රටේ සුව සේවා අංශය වැඩිදියුණු කිරීමට ද එය උපකාරී වේ.

“ශ්‍රී ලංකාවට තුළ ඖෂධ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින මේ අවස්ථාවේදී අපි මෙම නව ලාංඡනය එළිදක්වන්නේ රටේ ඉතා වැදගත් කාලයකයි. මෙම නව අනන්‍යතාවය මගින් පෙන්නුම් කරන්නේ උසස් තාක්ෂණය සහ ඉහළ ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන සමඟින් පමණක් නොව ශ්‍රී ලාංකිකයින්ට විශිෂ්ට සේවයක් ලබා දීමට දැඩි කැපවීමකින් යුතුව Lina එම වෙනසට නායකත්වය දීමට සූදානම් බවයි.” යනුවෙන් Lina Manufacturing හි ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය ටී. සයන්ධන් මහතා පැවසුවේය.

Lina Manufacturing පසුගිය මූල්‍ය වර්ෂය තුළ MDI ඒකක මිලියන 3 කට වඩා නිෂ්පාදනය කරමින් රුපියල් බිලියන 4 ක ආදායමක් වාර්තා කළ අතර එය ශ්‍රී ලාංකිකයින්ට ශ්වසනය ආශ්‍රිත සුව සේවා සැපයීමේදී සමාගම සිදු කරනු ලබන වැදගත් කාර්යභාරයට කදිම නිදසුනකි.

Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...
Janashakthi Foundation and President’s Fund...
ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...