ශ‍්‍රී ලංකාව ආශ්චර්යමත් ගමනක් වෙනුවෙන් පෙරටම

Share

Share

Share

Share

Ceylon Miracle Journeys Pvt Ltd ශ‍්‍රී ලංකා දුම්රිය සේවය සහ සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර එමඟින් ඇල්ලේ මීදුම් කඳුකරය වෙත තරු පහේ සුවපහසුවකින් යුත් සුවිශේෂී දුම්රිය අත්දැකීමක් මගීන්ට ලබා දෙයි.
මෙම සුඛෝපභෝගී දුම්රිය සේවාව 2023 පෙබරවාරි 14 වන දින සිට ජනතාව වෙනුවෙන් විවර වේ.
මෙම අතිසුඛෝපභෝගී දුම්රිය සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 5.30 ට පිටත් වී සවස 4 ට ඇල්ල හරහා බදුල්ලට ළඟා වන අතර පසුදා උදේ 6 ට කොළඹ බලා පිටත් වී සවස 6 ට කොළඹට ළඟා වේ.
ඔබ මිලදී ගන්නා ඩොලර් 99.99 ක් වන ටිකට් පත වෙනුවෙන් උපරිම සාධාරණයක් කරමින් තරු පන්තියේ උදෑසන ආහාරය, දිවා ආහාරය සහ තේ සංග‍්‍රහ ගමන පුරාවට සපයනු ලබයි.
ගමන අතරතුරදී රඹුක්කන, පේ්දෙණිය හන්දිය, නාවලපිරිය, හැටන්, ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල, නානුඔය, පට්ටිපොල දුම්රිය ස්ථානය අසල එල්ජින් දිය ඇල්ල, ආරුක්කු නවය පාලම සහ දෙමෝදර ලූප් අසල දුම්රිය නවතා මගීන්ට එහි සුන්දරත්වය විදීමට අවස්ථාව සලසනු ඇත. එමෙන්ම මෙම සුන්දර චාරිකාවේදී මහනුවර දුම්රිය ස්ථානයේදී කලාත්මක සංස්කෘතික සංදර්ශනයක් නැරඹීමටද අවස්ථාව උදාවනු ඇත.
www.ceylonmiraclejourneys.com වෙබ් අඩවිය ඔස්සේ හෝ 67/2, මීගමුව පාර, පෑලියගොඩ පිහිටි Ceylon Miracle Journeys කාර්යාලයෙන් හෝ 0113491000 අංකය ඇමතීමෙන් ප‍්‍රවේශපත‍්‍ර වෙන්කරවා ගත හැක.
”අපගේ නව සුඛෝපභෝගී දුම්රිය සේවාව මගින් ශ‍්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය අත්විඳින අතරම මගීන්ට නව සුවපහසුව, විශ්මයජනක දර්ශනතල අත්දැකීමට ද හැකි අතර උපරිම ආරක්ෂාවක් ද ලබා දෙනවා. අපගේ දැක්ම යථාර්තවත් කර ගැනීම සඳහා අපට සහාය වීම පිළිබඳව ශ‍්‍රී ලංකා දුම්රිය සේවයට සහ සංචාරක අමාත්‍යාංශයට මම ස්තූතිවන්ත වෙනවා. මෙම සංචාරක හිතකාමී වැඩසටහන හරහා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකිවීම අපට මහත් සතුටක්.” යනුවෙන් Ceylon Miracle Journeys Pvt. Ltd පුද්ගලික සමාගමේ අලෙවි අධ්‍යක්ෂ මනෝජ් ගුණසීලන් මහතා සඳහන් කළේය.

LANKATILES Launches Sri Lanka’s First...
UN Global Compact Network Sri...
LPL 2026’s inaugural match comes...
ஜனசக்தி பைனான்ஸ் மேம்பட்ட இலாபத்தன்மையுடன் நான்காம்...
அமெரிக்கத் தேவையின் காரணமாக மே மாதத்தில்...
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයට සුවිශේෂී...
MullenLowe’s Praveena Perera Becomes First...
அமெரிக்கத் தேவையின் காரணமாக மே மாதத்தில்...
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයට සුවිශේෂී...
MullenLowe’s Praveena Perera Becomes First...
Zydus Lifesciences and Sunshine Healthcare...