ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPI) සභාපති ලෙස ප‍්‍රතාබන් මයිල්වාගනම් පත් වෙයි

Share

Share

Share

Share

 

 

ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPI) 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ජුනි 23 වැනි දිනදා කොළඹදී පැවැත්විණි. නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ සිල්ලර වෙළෙන්දන් ඇතුළු ශ‍්‍රී ලංකාවේ පුද්ගලික ඖෂධ වෙළඳපොලෙන් 80% කට වැඩි දායකත්වය ලබා දෙන සහ සාමාජික සමාගම් 60කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන ඉහළම ආයතනයක් ලෙස මෙම ගෞරවනීය සංසදයට දීර්ඝ ඉතිහාසයක් ඇත.

Emerchemie NB (ලංකා) Ltd හි නියෝජ්‍ය සභාපති/සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී වන ප‍්‍රතාබන් මයිල්වාගනම් මහතා, අලූතින් පත් කරගන්නා ලද නිලධාරී මණ්ඩලය සමඟින් සංසදයට නායකත්වය ලබා දෙනු ඇත. සියලූම පාර්ශ්වකරුවන් සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් තුළින් ශ‍්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්වය සහ ආයු අපේක්ෂාව ඉහළ නැංවීම ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ දැක්ම වේ. ඖෂධ කර්මාන්තය පුද්ගලයන් 80,000 කට වැඩි පිරිසකට සෘජු රැකියා සපයන අතර තවත් 400,000 කට ආසන්න පිරිසකට වක‍්‍රව සහාය දක්වයි.

සිය ප‍්‍රධාන දේශනයේදී මයිල්වාගනම් මහතා ඖෂධ කර්මාන්තයේ පවත්නා සුවිශේෂී වියදම් සැලකිල්ලට ගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මිල යාන්ත‍්‍රණයක් අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. රෝගියා කේන්ද්‍ර කරගනිමින් මිල අඩුකිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ඔහු ඖෂධ මිලෙහි සිදුවන වෙනස්කම් සලකා බැලීමේදී, එන්නත් වැනි ද්‍රව්‍ය ඒවායේ නිසි උෂ්ණත්වය තබා ගනිමින් ප‍්‍රවාහනය හා ගබඩා කර තැබීම, ගබඩාවල උෂ්ණත්වය පාලනය කිරීම, පාරිභෝගික සිල්ලර අලෙවිසැල් සහ ප‍්‍රවාහනය වැනි ඖෂධ කර්මාන්තයට අදාළ වන වියදම් පිළිබඳව සැලකිල්ලට ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

ධූරයෙන් සමුගන්නා සභාපති සංජීව විජේසේකර මහතා COVID-19 වසංගතය හමුවේ කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව අගය කළ අතර සිය ධූර කාලය පුරාවට සියළුම පාර්ශවකරුවන්ට දැක්වූ දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව එක් කළේය. වසංගතයේ උච්චතම අවස්ථාවේදී ඖෂධ කර්මාන්තයේ පාර්ශවකරුවන් වෙහෙස නොබලා කටයුතු කළ ආකාරය හා ඔවුන් පෙන්නුම් කළ එක්සත් බව ඉතා ඉහළින් අගය කළ විජේසේකර මහතා එම අවස්ථාවේදී පුද්ගලික අංශයේ වෙළඳපොල තුළ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවීමට වගබලා ගත් බව සඳහන් කළේය.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍ය ගරු. ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ශ‍්‍රී ලංකාවට අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ප‍්‍රතිඵල කරා ගෙන යන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ SLCPI අතර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව විජේසේකර මහතාට සිය ස්තූතිය පුද කළේය. අර්බුදකාරී සමයේදී රටේ මූල්‍යමය වශයෙන් පැවති බර අවම කිරීමට ඉන්දීය ණය පහසුකම හරහා හදිසි ආධාර ලබාදීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.

ඖෂධ මිල නියම කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ, වඩාත් පිළිගත හැකි සහ දීර්ඝ කාලීන ප‍්‍රවේශයක් ක‍්‍රියාත්මක වන තුරු වත්මන් මිල අඩු කිරීම තාවකාලික විසඳුමක් බවයි. ස්ථිර විසඳුමක් සෙවීම සඳහා නව මිල කමිටුවක් පත් කර ඇති බව ඔහු පැවසුවේය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ශ‍්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාවේ කවදත් සහයෝගය ලබා දෙන බවත් ශ‍්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා ඉන්දියාවේ ඇති උනන්දුව පිළිබඳවත් අවධාරණය කළේය. දෙරට අතර සහයෝගීතාවය මැනවින් විදහා දක්වන මෙම අවස්ථාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ අඛණ්ඩව සාකච්ඡුා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

SLCPI හි 2023/24 වර්ෂය සඳහා නිළධාරී මඩුල්ල වන්නේ, සභාපති – ප‍්‍රතාබන් මයිල්වාගනම් (Emerchemie NB) (ලංකා) Ltd හි නියෝජ්‍ය සභාපති/සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී),  හිටපු සභාපති – සංජීව විෙඡ්සේකර මහතා (විධායක අධ්‍යක්ෂක, ජෝර්ඡ් ස්ටුවර්ට් හේල්ත් (පුද්) සමාගම), ජ්‍යෙෂ්ඨ උප සභාපති – අසාම් ජාවඞ් මහතා, (කළමනාකාර අධ්‍යක්ෂක සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සිප්ලා බී‍්‍රත් ෆ‍්‍රී ලංකා සමාගම), උප සභාපති – ශාන්ත බණ්ඩාර (ප‍්‍රධාන විධායක නිලධාරී, සන්ෂයින් හෙල්ත් ලංකා සමාගම), ගරු. ලේකම් – සිරිමල් ප‍්‍රනාන්දු මහතා (අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී, ඇස්ට‍්‍රන් ලිමිටඞ්) සහ ගරු භාණ්ඩාගාරික –  රසික හිරිමුතුගොඩ (ඩාර්ලි බට්ලර් සහ සමාගම).

 

 

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...