ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ උපායමාර්ගික සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට කැප වන බැංකු සම්බන්ධීකාරකවරුන් ඇගයුමට ලක් කෙරේ‍

Share

Share

Share

Share

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය (APB) සහ එහි සාමාජික බැංකු අතර ශක්තිමත් සබඳතාවයක් පවත්වාගෙන යාමට දායක වන බැංකු සම්බන්ධීකාරකවරුන් ඇගයීමේ උත්සවයක්, පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම උත්සව සන්ධ්‍යාවට මෙරට බැංකු ක්ෂේත්‍රයේ හි සිටින නියෝජිතයින් රැසක් සහභාගී වී සිටි අතර, එහිදී ඔවුහු APB හි කාර්යයන් සම්බන්ධයෙන් සිය සහයෝගය ලබා දෙන ආකාරය පිළිබඳව කරුණු අවධාරණය කළහ.

සිය දේශනය ආරම්භ කරමින් APB හි සභාපති ඇන්ටන් ආරුමුගම් මහතා පැවසුවේ සංගමයේ මෙහෙවර සම්බන්ධයෙන් බැංකු සම්බන්ධීකාරකරුවන් ඉටු කරන කාර්යභාර්ය ඉතා වැදගත් වන බවයි. ජ්‍යොෂ්ඨ බැංකුකරුවෙකු වශයෙන් ආරුමුගම් මහතා, බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීය එකමුතුභාවය ගොඩනැගීම සඳහා බැංකු සම්බන්ධීකාරකවරුන් විසින් ගනු ලබන උත්සහායන් ද මෙහිදී අගය කළේ ය.

‘‘අපගේ බැංකු සම්බන්ධීකාරකවරුන් යනු හුදෙක්ම APB හා බැංකු අතර සම්බන්ධතාවය පවත්වාගෙන යන පිරිසක් නොවන අතර, ඔවුන් APB හි මුලපිරීම්, වෘත්තීය ප්‍රමිතීන් සහ වටිනාකම් නියෝජනය කිරීමට උපකාරී වන කණ්ඩායමකි. රටේ ප්‍රගතියට මෙන්ම ජනතාවගේ අභිලාෂයන්ට සහාය වන ක්ෂේත්‍රයක් වශයෙන් බැංකු කර්මාන්තය එක්සත් කිරීම උදෙසා මොවුන් සුවිසල් කාර්යභාර්යයක් ඉටු කරනු ඇතැයි’’ ආරුමුගම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙය ABP බැංකු සම්බන්ධීකාරකවරුන් ඇගයුමට ලක් කිරීමේ උත්සවයක් ලෙසින් පමණක් නොව අනාගත ඉලක්ක කරා පියමනින අර්ථාන්විත සංවාදයන් සඳහා වූ කදිම අවස්ථාවක් ද විය. එම සන්ධ්‍යාවේ දී ඉස්මතු වූ ඵලදායී සාකච්ඡාවන් හා දූරදර්ශී අදහස් හුවමාරු කර ගැනීම් තුළින් බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ සහයෝගීතාවය ශක්තිමත් කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මනා අඩිතාලමක් ද සකසනු ලැබීය.

1988 දී පිහිටුවන ලද වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය, දැනුම වැඩි දියුණු කිරීම සහ බැංකු වෘත්තීයේ අඛණ්ඩ උන්නතිය උදෙසා නායකත්ව වර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ බැංකු වෘත්තීය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මෙවැනි අවස්ථාවන් මගින් APB හි සාමාජිකයින් කෙරෙහි සංගමයේ නිරන්තර කැපවීම මෙන්ම රටේ බැංකු ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද මනාව පිළිබිඹු වේ.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...