ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ව්‍යාපාරය සවිබල ගැන්වීමට HNB, බ‍්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟ අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය අද වන විට මුහුණ දී සිටින අභියෝග මධ්‍යයේ වුවද එම ක්ෂේත‍්‍රය සවිබල ගැන්වීමට මෑතකාලීනව දරන ලද උත්සාහයන් අනුව යමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පුරෝගාමියා වන බ‍්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟින් නැවතත් අත්වැල් බැඳගත්තේය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා ‘‘පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට බලපා ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව අපි සැවොම හොඳින් දන්නවා. එමගින් කෘෂි කර්මාන්තයට, ජාතික ආහාර සුරක්ෂිතතාවට මෙන්ම අපනයන වෙළෙඳපොළට ද ඉතා අහිතකර බලපෑමක් එල්ල කරනු ලැබුවා. මෙම තත්වය හොඳින් වටහා ගනිමින් රට නැවතත් යතා තත්වයට පත් කිරීමට අපි කැපවී කටයුතු කළා. ඒ අනුව යමින්, ගොවි මහතුන්ට ප‍්‍රමුඛ පෙලේ ට‍්‍රැක්ටර් සහ අස්වනු නෙළන යන්ත‍්‍ර මිලදී ගැනීමට පහසු ප‍්‍රවේශයක් ලබා දීම සඳහා අප බ‍්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟින් අත්වැල් බැඳ ගැනීමට හැකි වීම සතුටක්.’’

‘‘අප විසින් ලබා දී ඇති විසඳුම් මගින් මෙරට කෘෂි කර්මාන්තය තුළ නව ප‍්‍රබෝධයක් ඇති කිරීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වන අතර ශ‍්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට දායක වීමට අපගේ කාර්යභාරය ඉටු කිරීමට ද අප කැපවනවා.’’ යනුවෙනි.

රටේ වත්මන් ආර්ථික තත්වය යටතේ කෘෂි යන්ත‍්‍ර වල සේවා, නඩත්තු සහ අලූත්වැඩියාවන් සඳහා වැය වන පිරිවැය පියවා ගැනීම ගොවි මහතුන්ට අභියෝගයක්ව පවතී. HNB සහ බ‍්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය යටතේ දැන් TAFE ට‍්‍රැක්ටර් මිලදී ගැනීමේදී වසර 2ක (හෝ පැය 2000ක) වගකීමක් ලබා දෙයි. මීට අමතරව, මෙම HNB/Browns ලීසිං ප‍්‍රවර්ධනය යටතේ ට‍්‍රැක්ටරයක් මිලදී ගන්නා ගොවි මහතුන්ට සේවා ගාස්තුවලින් තොරව පාරිභෝගිකයාගේ නිවෙස් වෙතටම ගොස් ලබා දෙන සේවා අවස්ථා හතරක් හිමිවනු ඇත. තවද HNB පාරිභෝගිකයින්ට සියලූම ට‍්‍රැක්ටර් මාදිලි සඳහා නොමිලේ ලියාපදිංචි කිරීම ද සිදු කර ගත හැකිය. මෙහිදී තෝරාගත් ට‍්‍රැක්ටර් මාදිලි සඳහා පළමු වසරේ රක්ෂණ වාරිකය නිදහස් කර ඇත. YANMAR සහ SUMO හාවෙස්ටර් යන්ත‍්‍ර මිලදී ගැනීමේදී කම්කරු ගාස්තුවලින් තොරව පාරිභෝගිකයාගේ නිවෙස් වෙතටම ගොස් ලබා දෙන සේවා තුනක් සමඟින් විශේෂ මාදිලියේ තෝරාගත් හාවෙස්ටර් යන්ත‍්‍ර සඳහා මාස 6ක වගකීමක් ද මෙම ප‍්‍රවර්ධනය යටතේ පාරිභෝගිකයින්ට ලබා දෙයි.

‘‘උසස් තත්වයේ නිෂ්පාදන, අලෙවියෙන් පසු හොඳම සේවා සහ දිගුකාලීන සබඳතාව ආදිය තුළින් බ‍්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය ගොවි මහතුන්ගේ පළමු තේරීම ලෙස ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන ගැනීමට සමත්ව තිබෙනවා. මෙවැනි තීරණාත්මක අවස්ථාවක කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය සවිබල ගැන්වීම සඳහා අප මෙන්ම එකම අරමුණකින් කටයුතු කරන HNB සමඟ හවුල් වීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා. මෙම හවුල්කාරිත්වය හරහා, ගොවි මහතුන්ට ඔවුන්ගේ ව්‍යාපාරවලට අවශ්‍ය සහාය ලබා දීමට වටිනා ප‍්‍රතිලාභ සහ පහසු ලීසිං විසඳුම් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් බ‍්‍රවුන්ස් කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජය නිශ්ශංක මහතා පැවසුවේය

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...