සංජීව් හුලුගල්ල මහතා Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී තනතුරට පත් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය මෙහෙයවීමේ අවස්ථාව සංචාරක කර්මාන්තය පිළිබඳ ගෝලීය විශිෂ්ටයකුට පැවරෙයි

Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරීවරයා ලෙස සංජීව් හුලුගල්ල මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සුවිසල් වෙනසකට ලක් වෙමින් පවතින කාලයක Cinnamon Life හි සිදු වූ මෙම සුවිශේෂී වෙනස හෙට දවසේ එහි සාර්ථකත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.

විශේෂයෙන් මාලදිවයිනේ සිට කැනඩාව දක්වාත්, චීනයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වාත් ලොව පුරා රටවල් 12කට අධික ප්‍රමාණයක විශිෂ්ට සංචාරක හෝටල් ව්‍යාපෘති හා දේපළ වෙළෙඳාම් සමාගම් ගණනක් මෙහෙයවමින් හුලුගල්ල මහතා ලබා ගෙන ඇති සුවිශේෂී අත්දැකීම් තුළින් මෙරට සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ සුවිසල් වෙනසක් සිදු කිරීමට හැකියාව උදා වනු ඇත. එම පත්වීම Cinnamon Life හි විශිෂ්ටත්වය තවදුරටත් ලොවට ප්‍රදර්ශනය කිරීමේ මහඟු අවස්ථාවක් ද නිර්මාණය කරනු ඇත්තේ මෙරට සංචාරක කර්මාන්තය වෙත නවමු අත්දැකීම් රැසක්ද එක් කරමිනි.

මීට පෙර සංචාරක හා දේපළ වෙළෙඳාම් සමාගමක් වන KOHLER සමාගමේ සමූහ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති හුලුගල්ල මහතා එහි විවිධ ව්‍යාපෘති නව්‍යකරණයේ හා උපායමාර්ගික වර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙක් ලෙසද සඳහන් කළ හැකිය. Auberge Resorts Collection යටතේ ඩොලර් මිලියන 210 ක ව්‍යාපෘතියක් නැවත පිහිටුවීමට සමත් වූ ඒ මහතා වසර 24ක් පමණ කාලයක් Four Seasons සමඟ කටයුතු කරමින් සම්මානලාභී විශිෂ්ටයින් කණ්ඩායමක් ලොවට දායාද කිරීමටද කටයුතු කරන ලදී.

ඉන් පසුව විශ්‍රාම සුවයෙන් කාලය ගත කළ හුලුගල්ල මහතා මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ඇති උනන්දුව හා කැපවීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ මහතා පවසන්නේ මෙය තමන් භාරගත් වෘත්තියක් නොව තමන්ගේ මව්බිමේ සාර්ථකත්වය වෙනුවෙන් දායක වීමට ලැබුණු අවස්ථාවක් බවයි.

සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක පිරිමි දරුවා වූ හුලුගල්ල මහතා තමන්ගේ පවුල තුලින් අත්කරගත් සුවිශේෂී ශක්තිය, පන්නරය හා පෞරුෂය Cinnamon Life at City of Dreams වෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙන් පසුවන්නේ එය හෙට දවසේ ලොවක් ආකර්ෂණය කරගන්නා සංචාරක තෝතැන්නක් බවට පත් කිරීම සඳහා සැලසුම් සකසමිනි. එපමණක්ද නොව මෙරට සංචාරක කර්මාන්තයේ දිශානතිය වෙනස් කරන කොළඹ නගරය සුන්දර ස්ථානයක් බවට පරිවර්තනය කිරීමටද මේ තුලින් ඒ මහතා බලාපොරොත්තු වෙයි.

එසේම ආකර්ෂණය හා විශිෂ්ටත්වය සමඟින් AI පදනම් කරගත් තාක්ෂණය, නේවාසික දේපල වෙළෙඳාම් සහ සෞඛ්‍යාරක්ෂිත පාරිභෝගික සන්නාම සමඟින් ක්‍රියාකාරී ආයෝජකයකු ලෙස Cinnamon Life නිරන්තරයෙන් උපායමාර්ගික දූරදර්ශී හා හෘදයාංගම සේවාවක් සමඟින් ඉදිරියට ගෙන යාමටද හුලුගල්ල මහතා කටයුතු කරනු ඇත.

සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් තමන්ගේ දිවියෙන් බොහෝ කාලයක් කැපකර ඇති මේ විශිෂ්ටයා අවසාන වශයෙන් මෙසේ පවසා සිටියි.
‘අවංක වන්න, හදවතින් සේවය කරන්න, ඔබේ සාර්ථකත්වය එවිට ඔබ සොයා එනු ඇත.’

Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Sri Lanka to Host Leading...
ஆரம்பகால குழந்தைப் பருவ வளர்ச்சியை வலுப்படுத்தும்...
City of Dreams Celebrates One...
Huawei’s Advanced Antenna Technology Delivers...
Prime Group Brings Real Estate...
City of Dreams Celebrates One...
Huawei’s Advanced Antenna Technology Delivers...
Prime Group Brings Real Estate...
Atlas PlayPalz joins national ECD...