සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) හලාවතදී විවෘත කරයි

Share

Share

Share

Share

මෙරට ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) පසුගියදා හලාවත, හැලඹවටවන ශ්‍රී සද්ධානන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය.

මේ අනුව මීට පෙර පිරිසිදු පානීය ජලය ලබා ගැනීම අභියෝගයක්ව පැවති එම පාසලේ 1300කට අධික දරු දැරියන්ට සහ ඒ අවට ජීවත් වන දෙදහසකට අධික ගම්වාසීන්ට මෙම නව ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය මගින් සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු ඇත. එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ නිදන්ගත වකුගඩු රෝගය (CKDu) වැනි ජලය ආශ්‍රිත රෝග අවම කිරීමට අමතරව එම ප්‍රදේශයේ පවුල්වලට ජලය මිලදී ගැනීම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරනු ලබන පිරිවැය ද මෙමගින් අඩු කර ගැනීමට උපකාරී වේ.

මෙම ජල පිරිපහදු ඒකකය (RO Plant) විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හී සමූහ ප්‍රධාන විධායක නිලධාරි, ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ ‘’අපගේ 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය හලාවතදී විවෘත කිරීම සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවලට යහපත් දේ ගෙන ඒම සඳහා අපගේ දිගුකාලීන කැපවීම පෙන්නුම් කරනවා. දියසරණ ව්‍යාපෘතිය හරහා ලබා දෙනු ලබන සෑම ජල පිරිපහදු ඒකකයක්ම පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරානු ලබනවා පමණක් නොවේ. එමගින් ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම වැඩිදියුණු කරන අතරම ජාතිය ගොඩනැගීමේදී හා තිරසාර විසඳුම් හරහා ජීවිතවලට යහපත් දේ ගෙන ඒම අපගේ අරමුණයි.’’ යනුවෙනි.

සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම යටතේ දියසරණ ව්‍යාපෘතිය ආරම්භ කළ දා සිට ශ්‍රී ලාංකිකයින් 35,000 කට වැඩි පිරිසකට සුරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය ලබා දී ඇත. මේ දක්වා, උතුර, උතුරු මැද, වයඹ, දකුණ, ඌව සහ මධ්‍යම පළාත්වල ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකක 23 ක් ස්ථාපිත කර ඇත. මෙම සෑම ජල පිරිපහදු ඒකකයකින්ම දිනකට ජලය ලීටර් 5,000 සිට 10,000 දක්වා තෝරාගත් පාසල් හා කුඩා ගම්මානවලට ප්‍රමාණවත් ලෙස ජලය සපයන අතරම එහිදී බීමට නුසුදුසු ජලය පවතින ඉහල අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වන පාසල හා ගම්මානවලට ප්‍රමුඛත්වය ලබා දෙයි.

තවද ‘දිය සරණ’ ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කය (SDG 6) සමඟ පෙළගැසී ඇති අතර සියලු දෙනාට ආරක්ෂිත සහ දැරිය හැකි පානීය ජලය සඳහා සාධාරණ හා සමාන ප්‍රවේශයක් ඇති බව සහතික කිරීමට කැපවී සිටී.
2017 වසරේදී ආරම්භ කරන ලද සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමල සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ප්‍රධාන අංශ දෙක යටතේ සමූහයට අයත් සියලුම ආයතනවල CSR වැඩසටහන් ඒකාබද්ධ කරයි. එමෙන්ම දියසරණ වැනි ව්‍යාපෘති සමඟින්, SFG ප්‍රජා සෞඛ්‍යය ඉහළ නැංවීම, අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනයට දායක වීම වැනි වැදගත් ප්‍රජා අවශ්‍යතා සපුරාලීම අඛණ්ඩව කරගෙන යයි.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...