සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස සමරයි

Share

Share

Share

Share

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2025’ ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී. මෙම අවස්ථාව සඳහා සන්ෂයින් සමූහයේ සියලුම ව්‍යාපාර සහ කලාපීය ඒකක නියෝජනය කරමින් සාමාජිකයින් 750කට අධික පිරිසක් සහභාගී විය.

මෙවර අලුත් අවුරුදු සැමරුම් උළෙල අතුරුගිරිය වානේ සංස්ථා ක්‍රීඩාංගනයේදී පැවති අතර එය සන්ෂයින් සමාගමේ සාමාජිකයින් අතර එකමුතු බව හා අවුරුදු සතුට නිරායාසයෙන් කැන්දා ගෙන ඒමට සමත් විය. මෙහිදී සමූහයේ සාමාජිකයින් සම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසකට එක්වූ අතර ඒ අතරින් “වාසනා මුට්ටිය”, “අලියට ඇහැ තැබීම” සහ “කොට්ට පොර” වැනි ජනප්‍රිය අවුරුදු ක්‍රීඩා මෙම අවුරුදු උළෙල තව තවත් වර්ණවත් කළේය.

කිරි බත්, මුං කැවුම්, කොණ්ඩ කැවුම් ඇතුළු සම්ප්‍රදායික ආහාර හා රසකැවිලි මෙම උත්සවය සඳහා එක්කර තිබුණි. සන්ෂයින් සාමාජිකයින් ඒවා රසවිඳින අතරතුර සතුටින් හා විනෝදයෙන් එකිනෙකා සමඟ සුහදව කතාබහ කරමින් කාලය ගත කරන ලද අතර එය ඔවුන් අතර සබඳතා ශක්තිමත් කිරිමට ද උපකාරී විය.

සන්ෂයින් සූර්ය මංගල්‍යය 2025 හි විශේෂ අවස්ථාවක් වූයේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමයි. ඒ සඳහා සහභාගී වූ සාමාජිකයින් අතරින් අලංකාරවත් ලෙස සැරසුණු සන්ෂයින් සමාජිකයෙක් සහ සාමාජිකාවක් ජයග්‍රාහකයින් ලෙස තෝරා ගනු ලැබීය. ඒ අනුව මේ වසරේ අවුරුදු කුමරා ලෙස ආකාස් ඩවුඩ් (Sunshine Medical Devices) සහ අවුරුදු කුමරිය ලෙස සෙලනි චමත්කා (සන්ෂයින් ෆාමසූටිකල්ස්) අභිසෙස් ලැබුහ.

මීට අමතරව සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ව්‍යාපාරික අංශ 9 විසින් නිර්මාණය කරන ලද ‘best hut’ තේරීමේ තරඟයක්ද මෙහිදී පැවැත්විණි. ඒ අනුව වඩාත් නිර්මාණාත්මක හා කණ්ඩායම් හැකියාවන් ප්‍රදර්ශනය කරන ලද අලංකාර ’hut’ එක ලෙස Lina Manufacturing හි ’hut’ එකට මෙහිදී ජයග්‍රහණය හිමි විය. ඔවුන් විසින් ඉතා නිර්මාණාත්මක අයුරින් නිර්මාණය කර තිබූ ’hut’ එක තුළින් අලුත් අවුරුදු උත්සව අසිරිය මනාව දැක ගැනීමට හැකි විය.

‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2025’ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක් මෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික උරුමයන් පිළිගන්නා, සියලු දෙනාට සමාන වටිනාකම් හා අවස්ථාවන් ලබා දෙන සේවා ස්ථානයක් නිර්මාණය කිරීමේ සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි කැපවීම පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස ද පෙන්වා දිය හැකිය.

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...