සන්ෂයින් හෝල්ඩින්ග්ස්, සමාගම ප්‍රමුඛතම අපනයන සමාගමක් වන Joint Agri Products Ceylon හි 75% ක කොටස් අත්පත් කර ගැනීමට සැලසුම් කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ප්‍රමුඛතම අපනයන අරමුණු කරගත් සමාගමක් වන Joint Agri Products Ceylon පුද්. සමාගමේ (JAPC) 75%ක කොටස් අත්පත් කරගැනීමට අදහස් කරන බව නිවේදනය කර ඇත. මෙම සැලසුම 2026 ජනවාරි 21 වන දින අත්සන් කරන ලද කොටස් මිලදී ගැනීමේ ගිවිසුමේ (SPA) නියමයන් සහ කොන්දේසි වලට යටත් වේ.

මෙම ගිවිසුම අත්සන් කිරීම සන්ෂයින් හෝල්ඩින්ග්ස් ප්‍රධාන කාර්යාලයේදී සිදු වූ අතර එය සන්ෂයින් සමූහයේ දිගුකාලීන සංවර්ධන සැලසුම්වල වැදගත් පියවරක් සනිටුහන් කරයි.

මෙම අත්කර ගැනීම සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ගෝලීය ව්‍යාපාර ව්‍යාප්තිය තව තවත් ශක්තිමත් කිරීමටත් එහි පාරිභෝගික අංශය පුළුල් කිරීමටත් මෙන්ම සමූහයේ විවිධ ව්‍යාපාර අංශ හරහා තම ව්‍යාපාරික කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමත් සමඟ මනාව ගැලපේ. ප්‍රමුඛ පෙළේ අපනයන ක්ෂේත්‍රයකට පිවිසීමෙන් ඉහළ වටිනාකමක් ඇති ජාත්‍යන්තර වෙළඳපොළවල සිය ස්ථානය ශක්තිමත් කරගැනීමට සහ අභියෝගාත්මක කාලවලදී පවා ශක්තිමත් හා ස්ථාවර ව්‍යාපාර මාර්ග නිර්මාණය කිරීම සන්ෂයින් හි අරමුණයි.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “මෙම ආයෝජනය සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ගෝලීය පැවැත්ම පුළුල් කිරීම සඳහා සිදු කළ වැදගත් ඉදිරි පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. ඔරොත්තු දෙන, වර්ධනය විය හැකි සහ වෙළඳපොළට වඩාත් ගැළපෙන ව්‍යාපාර හරහා එය පුළුල් කළ හැකි බව එමගින් පෙන්නුම් කරනවා. ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා සහ කාර්යසාධනය සහිත උසස් තත්ත්වයේ කාබනික නිෂ්පාදන කාණ්ඩ සඳහා විශ්වාසදායක අපනයන වේදිකාවක් JAPC විසින් ගොඩනගා තිබෙනවා. එබැවින් මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවට දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරන අපනයන අරමුණු කරගත් ව්‍යාපාර ගොඩනැගීමට අපගේ කැපවීම තවත් ශක්තිමත් කරන අතරම එය අපගේ ව්‍යාපාරය වේගයෙන් වර්ධනය වීමට උපකාරී වනු ඇතැයි ද අපි විශ්වාස කරනවා.” යනුවෙනි.

මෙම අත්පත් කර ගැනීමට නියමිත සමාගම ඉහළ පෙළේ අපනයන වෙළඳපලවලට කාබනික කුළුබඩු සහ අනෙකුත් කෘෂි නිෂ්පාදන සකස් කර අපනයනය කරයි. තම නිෂ්පාදන ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට B2B විකුණුම් කෙරෙහි අවධානය යොමු කරන අපනයන සහ තවමත් ආරම්භක අදියරේ පවතින පාරිභෝගිකයින්ට ඍජුවම නිෂ්පාදන අලෙවි කරන B2C ව්‍යාපාර එම අංශ වශයෙන් JAPC සමාගමේ ව්‍යාපාර ක්‍රියාත්මක වේ.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඉහළ කළමනාකාරිත්වය JAPC හි වත්මන් කළමනාකරණ කණ්ඩායම සමඟ සමීපව කටයුතු කරමින් මෙම පරිවර්තන කටයුතු ඉතා ප්‍රවේසමෙන් මෙහෙය වනු ඇත. ව්‍යාපාර මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුවනු ඇත. ඒ අතර JAPC සමාගමේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට සන්ෂයින් සමාගම සිය යහපත් පාලන පිළිවෙත්, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ උපායමාර්ගික වර්ධනය පිළිබඳ දැනුම ලබා දෙනු ඇත.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...