සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 14.1% ක ඉහළ පෙළේ වර්ධනයක් වාර්තා කරයි

Share

Share

Share

Share

අභියෝග මධ්‍යයේ පවා හෙල්ත්කෙයාර්, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර අංශවල ඉහළ වර්ධනයක්

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක තත්වයන් සාර්ව ආර්ථික හමුවේ වුවද ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා, පසුගිය වසරට සාපේක්ෂව 14%ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇතx සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ (1QFY24) පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 13.4 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර ඔවුන්ගේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 10.6% කින් අඩු වී රුපියල් බිලියන 1.4 ක් වී ඇත. පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව පරිපාලන, සේවා සහ බෙදාහැරීමේ (S&D) වියදම්වල 32.4% ක වැඩිවීම සහ එම කාල පරිච්ෙඡ්දය තුළ මූල්‍ය පිරිවැය 93.5% කින් ඉහළ යාම මෙම පහත වැටීමට හේතු විය. සමූහයේ ආදායම් වර්ධනයට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ ප‍්‍රධාන ව්‍යාපාරික අංශ වන හෙල්ත්කෙයාර්, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාරවල ශක්තිමත් කාර්ය සාධනයයි.

සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට හෙල්ත්කෙයාර් අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 47.2% කි. මේ අතර පාරිභෝගික අංශය 35.1% ක් ද කෘෂි ව්‍යාපාර අංශය 17.6% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය.

සමූහය ලබා ගත් මෙම කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති අමල් කබ්රාල් මහතා පැවසුවේ ‘‘අභියෝග මධ්‍යයේ වුවද, සන්ෂයින් හෝල්ඩිංග්ස් FY24 පළමු කාර්තුවේදී කැපී පෙනෙන වර්ධනයක් අත්කර තිබෙනවා. සන්ෂයින් හි මෙම සාර්ථකත්වය, හෙල්ත්කෙයාර්, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන ප‍්‍රධාන අංශවල විශිෂ්ටත්වය මෙන්ම වෙහෙස මහන්සි වී ඉතා උද්යෝගයෙන් කටයුතු කරන අපගේ කණ්ඩායමේ දැඩි කැපවීම සඳහා කදිම සාක්ෂියක්. පවතින අවිනිශ්චිත ආර්ථික තත්වයන්වලදී පවා, සමාගමට අනුවර්තනය වීමට සහ සාර්ථක වීමට ඇති හැකියාව සමාගමේ වේගවත් බව සහ ඔරොත්තු දීමේ හැකියාව මැනවින් ඉස්මතු කරනවා. සන්ෂයින් අභියෝග ජය ගනිමින් සිටින බැවින්, තිරසාර වර්ධනයක් සහ පාර්ශවකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීම සඳහා වන සමාගමේ දැඩි කැපවීම ස්ථිරව පවතිනවා.’’ යනුවෙනි.

හෙල්ත්කෙයාර් අංශය

නිෂ්පාදන සහ වෛද්‍ය උපාංග ව්‍යාපාරවල සහායෙන් සලකා බලනු ලබන කාල පරිච්ෙඡ්දය තුළ සමූහයේ හෙල්ත්කෙයාර් අංශය පළමු කාර්තුවේදී රුපියල් බිලියන 6.3ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8.2%ක වැඩි වීමකි. සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව 362.1% ක සුවිශේෂී ආදායම් වර්ධනයක් ලබා ගෙන ඇති අතර Metered-Dose ඉන්හේලර් (MDI) කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන් ඉහළ යාම මෙයට හේතු විය. සමූහයේ හෙල්ත්කෙයාර් අංශයේ පොලී සහ බදු පෙර ඉපැයීම (EBIT) රුපියල් මිලියන 936ක් විය.

පාරිභෝගික අංශය

පසුගිය වසරට සාපේක්ෂව පාරිභෝගික අංශයේ ආදායම 20.9% ක් ලෙස කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් FY24 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 4.7 ක් වාර්තා කර ඇති අතර අදාල කාලය තුළ සමූහයේ ආදායමට 35.1% ක දායකත්වයක් ලබා දුන්නේය. ඒකාබද්ධ තේ කාණ්ඩය පසුගිය වසරට සාපේක්ෂව FY24 පළමු කාර්තුවේදී 10.7%කින් පහත වැටුණු අතර එයට ප‍්‍රධාන වශයෙන් 26.1%කින් අපනයන ව්‍යාපාරවල පහත වැටීම හේතු විය. රසකැවිලි අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 7.4% කින් වර්ධනය විය.

කෘෂි ව්‍යාපාර අංශය

සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම රුපියල් බිලියන 2.4 ක ආදායමක් වාර්තා කළේය. ගෝලීය භාණ්ඩ මිල පහත වැටීමට සමගාමීව මිල පහත වැටුණද, පාම් ඔයිල් ව්‍යාපාරයේ ඉහළ සාර්ථකත්වය මෙම ආදායම් වර්ධනයට මූලික වශයෙන් හේතු විය. කෘෂි ව්‍යාපාර අංශයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 2.3% කින් වර්ධනය වී රුපියල් මිලියන 751 ක් විය. විකුණුම් සහ කිරි මිල ඉහළ යාම හේතුවෙන් කිරි ආශ‍්‍රිත ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව, 53.2% කින් වර්ධනය විය.

 

 

 

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...