සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Unmask Diabetes 2025’ සමඟින් ලෝක දියවැඩියා දිනය සමරයි

Share

Share

Share

Share

සන්ෂයින් හෝල්ඩින්ග්ස් එහි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) හරහා ලෝක දියවැඩියා දිනය සැමරීම සඳහා ‘Unmask Diabetes 2025’ නමින් නොමිලේ මහජන සෞඛ්‍ය වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. මෙම වැඩසටහන නොවැම්බර් 14 සහ 15 යන දිනවල කොළඹ පිහිටි හෙල්ත්ගාඩ් ෆාමසි කිහිපයක පැවැත්විණි. දින දෙකක් පුරා පුරාවට පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීම, කල්තියා හඳුනා ගැනීම ප්‍රවර්ධනය කිරීම සහ මහජනතාව අතර සෞඛ්‍ය සම්පන්න ජීවන රටා පුරුදු දිරිමත් කිරීමයි.

මෙය සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමේ සුව දිවිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක විය. හෙල්ත්ගාඩ් හි සහාය ඇතිව ස්වේච්ඡා සේවකයින්, වෛද්‍යවරුන් සහ පෝෂණවේදීන් මේ සඳහා සහභාගී වූ අතර මෙමඟින් ජනතාවට නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ සඳහා ප්‍රවේශ වීමට සහ දියවැඩියාව කළමනාකරණය කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ප්‍රවේශය පහසු කළේය.

හෙල්ත්ගාඩ් ෆාමසි 10 ක පවත්වන ලද මෙම වැඩසටහන සඳහා කාර්යාල සේවකයින්, තරුණ තරුණියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු 900 කට ආසන්න පිරිසක් සහභාගී විය. මෙහිදී සහභාගිවූවන්ට නොමිලේ රුධිරගත සීනි සහ රුධිර පීඩන පරීක්ෂණ මෙන්ම දියවැඩියාව වැළැක්වීම සහ කළමනාකරණය කිරීම පිළිබඳ වෘත්තීය උපදෙස් ද ලැබුණි. තවද වෛද්‍ය කණ්ඩායම් විසින් ආහාර, ජීවන රටා වෙනස්කම් සහ දියවැඩියාවේ මුල් රෝග ලක්ෂණ පිළිබඳව එක් එක් පුද්ගලයාට ගැලපෙන උපදෙස් ද ලබා දෙන ලදී.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “දියවැඩියාව ශ්‍රී ලංකාවේ වඩාත්ම බරපතල හා වේගයෙන් වර්ධනය වන සෞඛ්‍ය අභියෝගවලින් එකක් ලෙස සලකනු ලබනවා. මෙම රෝගය හරියාකාරව කළමනාකරණය කිරීම රඳා පවතිනු ලබන්නේ අඛණ්ඩ දැනුවත්භාවය සහ කල්තියා හඳුනා ගැනීම මතයි. ‘Unmask Diabetes 2025’ හරහා අපි අවධානය යොමු කරන ලද්දේ දියවැඩියාව වළක්වා ගැනීමේ සෞඛ්‍ය සේවා සෘජුවම ප්‍රජාවන් වෙත ගෙන ඒම, පරීක්ෂණ සඳහා පහසුවෙන් යොමු වීම සහ ප්‍රායෝගික හා වෛද්‍යමය වශයෙන් විශ්වාසදායක මග පෙන්වීමක් ලබා දීමටයි. මෙම සියලුම වැඩසටහන්වල මහජන සහභාගීත්වය හා ප්‍රතිචාරයෙන් පෙනී යන්නේ විශ්වාසදායක, ප්‍රජා පාදක සෞඛ්‍ය සහාය සඳහා සැබෑ අවශ්‍යතාවයක් පෙන්නුම් කළ බවත්, ජාතික සෞඛ්‍ය සහ යහපැවැත්ම ශක්තිමත් කරන වැඩසටහන් පුළුල් කිරීම සඳහා සමූහයේ කැපවීමත්ය.” යනුවෙනි.

මෙම වැඩසටහන හෙල්ත්ගාඩ් ෆාමසි 10 ක් ආවරණය කරන ලද අතර එම දින දෙක තුළදී ස්වේච්ඡා කණ්ඩායම් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් විසින් කලින් වේලාව වෙන්කර ගැනීමකින් තොරව පැමිණ සිටි පුද්ගලයින්ට සෞඛ්‍ය පරීක්ෂණ හා තනි තනි උපදේශන සඳහා සහාය විය. මීට සහභාගීවූවන් මේ සඳහා ඇති පහසු ප්‍රවේශය, වෘත්තීය සේවාව මෙන්ම ඔවුන්ගේ දියවැඩියාව ඇතිවීමේ අවදානම සහ සමස්ත සෞඛ්‍ය තත්ත්වය වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ අවස්ථාව ලබා දුන් මෙම වැඩසටහන අගය කළේය.

‘Unmask Diabetes 2025’ යනු සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ප්‍රධාන අංශ දෙක යටතේ සමූහයට අයත් සියලුම ආයතනවල ක්‍ීඍ වැඩසටහන් ඒකාබද්ධ කරන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමේ කොටසකි.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...