සම්පත් බැංකුවේ 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය සාර්ථකව නිමවෙයි මීළඟ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 10 – කුරුණෑගල මලියදේව බාලිකාවේදී

Share

Share

Share

Share

සම්පත් බැංකුවේ දායකත්වයෙන් සංවිධානය කරනු ලබන 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය පසුගියදා ඉතා සාර්ථකව නිමා විය. මාතර, කඹුරුපිටිය – නාරන්දෙණිය ජාතික පාසලේ පැවැත්වුණු පළමු සම්මන්ත්‍රණය සඳහා 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරු දැරියන් 1000කට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ. ඊට අමතරව දෙමව්පියන් රැසක්ද ඊට එක්ව සිටි අතර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දරුවන් සහ දෙමව්පියන් අතර තිබූ ගැටළු රැසක් නිරාකරණය කර ගැනීමටද එහිදී අවස්ථාව උදා විය. දරුවන්ගේ විෂයය ගැටළු පහසුවෙන් නිරාකරණය කිරීම සඳහා මඟ පෙන්වූ එම සම්මන්ත්‍රණයේදී දෙමව්පියන්ටද දරුවන් ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙහෙයවන ආකාරය පිළිබඳව උපදෙස් ලබා දීම විශේෂත්වයකි. සරත් ආනන්ද මහතා විසින් දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණය මෙහෙයවූ අතර දෙමව්පියන් වෙනුවෙන් වන මඟ පෙන්වීම සනත් ගමගේ මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුව නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- අලෙවිකරණ හා පාරිභෝගික සබඳතා තාරක රන්වල, සහකාර සාමාන්‍යාධිකාරී – තැන්පතු ප්‍රවර්ධන හලීන් හෙට්ටිගොඩ, ප්‍රධාන කළමනාකාර – අලෙවිකරණ පූජිත රාජපක්ෂ, ප්‍රාදේශීය කළමනාකාර වත්සල ගුරුගේ, මාතර කඩවීදිය කළමනාකාර සම්පත් මාවැල්ල, කඹුරුපිටිය ශාඛා කළමනාකාර දිනේෂ් පීරිස් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. සියලු දෙනාට නොමිලේ පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණ මාලාවේ දෙවැනි සම්මන්ත්‍රණය සැප්තැම්බර් 10 වන දින කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවැත්වෙන අතර තෙවන සම්මන්ත්‍රණය සැප්තැම්බර් 24 වන දින මහරගම ජනාධිපති විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය. මෙහි දැක්වෙන්නේ පළමු සම්මන්ත්‍රණයට සහභාගී වූ දරුවන්ගෙන් කොටසකි.

Sampath Bank PLC Appoints Dilip...
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂිකමහා සභා...
ආචාර්ය ප්‍රසාද් සමරසිංහ HNB FINANCE...
සංචාරක සේවාවේ පරිවර්තනයක් සමඟින් NÜWA,...
Beyond Revival: How a Public-Private...
ආසියානු කලාපය රස ගැන්වූ Hot...
Have You Noticed the Democratisation...
Coke Kottu Beat Party කටුනායක...
ආසියානු කලාපය රස ගැන්වූ Hot...
Have You Noticed the Democratisation...
Coke Kottu Beat Party කටුනායක...
Creator Search Insights සමඟින් ඉහළ...