සම්පත් බැංකුව දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කළ 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාව යළි අරඹයි

Share

Share

Share

Share

පළමු සම්මන්ත්‍රණය අගෝස්තු 20 දා මාතරකඹුරුපිටියේදී

දැනුමෙන් සවිමත් අනාගත පරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන සම්පත් බැංකුව 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් දැනුමින් පෝෂණය කරනු වස් 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත. දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපනයේ වැදගත්කම හඳුනාගත් බැංකුවක් ලෙස සම්පත් බැංකුව මෙම සම්මන්ත්‍රණ මාලාව පවත්වනු ලබන්නේ මෙරට ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක් වන නෙත් එෆ් එම් සමඟ එක් වෙමිනි.

අනුව මෙවර 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මාතර, කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික්ක ආවරණය කරමින් පැවැත්වීමට නියමිත අතර එහි පළමු සම්මන්ත්‍රණය අගෝස්තු 20 වන දින මාතර කඹුරුපිටියනාරන්දෙණිය ජාතික පාසලේදී උදෑසන 8 සිට 12 දක්වා පැය 4 කාලයක් පුරා පැවැත්වීමට නියමිත මෙම සුවිශේෂී සම්මන්ත්‍රණය 5 වසර ශිෂ්‍යත්ව විභාගයට කදිම මඟ පෙන්වීමක් වනු ඇති අතරම සුවිසල් ශක්තියක්ද වනු ඇත. මාතර දිස්ත්‍රික්කයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් ඉලක්ක කර ගනිමින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය තුළින් විෂයය ගැටළු හඳුනාගෙන ඒවා නිරාකරණය කර දෙමින්, 5 වසර ශිෂ්‍යත්වය විභාගය ඉහළින් ජය ගැනීමට අවශ්‍ය දැනුම ඔවුන් වෙත ලබා දීමට සම්පත් බැංකුව බලාපොරොත්තු වෙයි. එසේම විභාගයට නොබියව මුහුණු දීම සඳහා දරුවන්ගේ චිත්ත ශක්තිය ඉහළ නැංවීමටද සම්පත් බැංකුව මෙහිදී කටයුතු කරනු ඇති අතර ශිෂ්‍යත්ව විභාගයේදී දරුවන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී ඔවුන් දැනුවත් කෙරේ.

මීට අමතරව දරුවන්ගේ අධ්‍යාපනය හා විභාග මානසිකත්වය පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමද මෙම සම්මන්ත්‍රණයේ විශේෂත්වයකි. 5 වසර ශිෂ්‍යත්වය විභාගය පදනම් කර ගනිමින් දරුවන් මෙහෙයවීමේදී දෙමව්පියන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව මෙහිදී දැනුවත් කරනු ඇති අතර දරුවන් දිරි ගැන්වීම සම්බන්ධයෙන් වන මඟ පෙන්වීමද මෙම සම්මන්ත්‍රණයේදී දෙමව්පියන් වෙත ලබා දීමට කටයුතු කර තිබීම දරුවාගේ අනාගතයට සුවිසල් ආයෝජනයක් වනු ඇති බව සඳහන් කළ හැකිය.

මෙම 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සඳහා සම්පත් බැංකුවේ පුබුදු හෝ සපිරි ළමා ගිණුමක් ඇතිනැති සියලු දරුවන්ට නොමිලේ සහභාගී විය හැකි අතර සම්පත් බැංකුව විසින් සහභාගී වන සියලු දරුවන් වෙත අවශ්‍ය ලිපි ද්‍රව්‍යයද නොමිලේ ලබා දීමට සම්පත් බැංකුව කටයුතු යොදා ඇත. 

பிரதான 9 துறைகளில் சிறந்த திறமைகளை...
2026 ONE LOVE ரெகே நிகழ்ச்சி...
SWEDEN: A PUBLIC HEALTH BLUEPRINT...
ලංකා ටයිල්ස් නව ප්‍රදර්ශනාගාරය බොරැල්ලේදී...
LANKATILES Unveiled 60th Showroom, Elevating...
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ...
Prime Group இனால் பிரதமரின் பாதுகாப்பு...
Prime Melwa Port City (Pvt)...
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ...
Prime Group இனால் பிரதமரின் பாதுகாப்பு...
Prime Melwa Port City (Pvt)...
2026 One Love Reggae සංගීත...