සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් හඳුන්වා දෙයි

Share

Share

Share

Share

ඩිජිටල් පරිවර්තනයේ සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයේ අද්වීතිය කඩඉමක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කෘත්‍රීම බුද්ධිය (AI) සහ උසස් දත්ත විශ්ලේෂණ තාක්ෂණය ඇසුරින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක Sampath Select, ක්ෂණික පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් හඳුන්වා දීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. සම්පත් බැංකුවේ උපායමාර්ගික මුලපිරීමක් වන EvolveX හි පියවරක් ලෙස හඳුන්වා දී තිබෙන මෙම නවතම දියත් කිරීම හරහා වැඩිදියුණු කරන ලද මුල්‍ය සේවාවන්හි ප්‍රවේශය, පහසුව සහ කාර්යක්ෂමතාවයන් හේතුවෙන් දේශීය බැංකු ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට සම්පත් බැංකුව යළිත් වරක් සමත් වී තිබේ.
Sampath Select යනු මෙරට වෙළදපොළෙහි මුල්වරට ක්‍රියාත්මක වන කඩදාසි රහිත ස්වයංක්‍රීය පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් වන අතර, පාරිභෝගික දත්තයන්හි තත්කාලීන විශ්ලේෂණයන් මත පදනම්ව නිරවද්‍ය වූ අනුමැතියන් ලබා දීමට කටයුතු කරයි. සංකීර්ණ ක්‍රියාවලියකින් තොර වැඩි කාර්යක්ෂමතාවයක් සහිත ආරක්ෂිත ක්‍රමවේදයකින් යුතුව පාරිභෝගිකයාට වගකීම්සහගත සේවාවක් ලබාදීමට මෙමගින් සහතික වේ. Sampath Vishwa ජංගම යෙදුම හරහා, ක්ලික් කිරීම් 5කින් යුත් සරල ක්‍රියාවලියක් තුළින් තත්පර කිහිපයක් ඇතුළත පුද්ගල මූලික මුල්‍ය විසඳුම් වෙත ප්‍රවේශ වීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබේ. නව්‍යකරණයෙන් යුත් AI තාක්ෂණය සහ උසස් දත්ත විශ්ලේෂණ හැකියාවන් මත ගොඩනගා ඇති මෙම ණය ලබා දීමේ විසඳුම තුළින්, පුද්ගලික ණය අයැදුම් කිරීම සඳහා බහු නාලිකා පාරිභෝගික සහභාගීත්වයක් සහිත වේගවත් සහ නිරවද්‍යතාවයෙන් යුතු අඛණ්ඩ ඩිජිටල් සේවාවක් සපයනු ලබයි.

නවතම දියත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ප්‍රධාන උපායමාර්ගික නිලධාරී සංජය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. ‘‘මෙම නවෝත්පාදනයන් ඔස්සේ ක්‍රම ක්‍රමයෙන් වෙනස්වන පාරිභෝගි අවශ්‍යතා මැනවින් හඳුනා ගැනීමටත්, ඒවා කාර්යක්ෂමව ඉටු කරදීමටත් මූල්‍ය ආයතන වලට හැකියාව ලැබෙන අතර මෙම තාක්ෂණයන් භාවිතාවෙන් පමණක් නොනැවතී ඉන් ඔබ්බට ගොස් ගනුදෙනුකරුවන්ට පහසු, වේගවත් සහ කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට සම්පත් බැංකුව ඔස්සේ අවස්ථාව උදා වේ. Sampath Select ඉතා සූක්ෂ්ම දත්ත ආකෘති සහ උපායමාර්ගික සහයෝගීතාවයන් ඔස්සේ ගොඩනගා ඇති අතර, ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණය පහසු කිරීමේ සහ ගැටලුවලට සැබැවින්ම ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මීට පෙරදී දිගු කාලයක් වැය කරමින් ගනුදෙනුකරුවන් ලබා ගත් සේවාව, මේ අන්දමින් ස්වයංක්‍රීය කිරීමට අප ගනු ලැබූ උත්සාහය මත කාර්යක්ෂම සහ දියුණු අනාගතයක් කරා පිය නැගීමට හැකි වනු නිසැකය’’

Sampath Select හඳුන්වා දීමත් සමග ඇති වූ ඩිජිටල් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යාමේදී සම්පත් බැංකුව, සිය පාරිභෝගිකයින්ට වඩාත් හොඳ කාර්යක්ෂ්ම සේවාවක් ලබා දෙමින් දත්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට උසස් විශ්ලේෂණ දත්ත මධ්‍යස්ථානයක් ද පිහිටුවා තිබේ. දත්ත හරහා ගැඹුරු නිරීක්ෂණයන් අනාවරණය කර ගැනීමෙන් පසුව බැංකුවට වේගවත් සහ නිවැරදි තීරණ ගැනීම සඳහා මෙම මධ්‍යස්ථානය ප්‍රධාන කාර්යභාර්යක් ඉටු කරනු ඇත. දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ දී සහ නවෝත්පාදන ක්‍රියාවලියක දී බැංකුවේ හැකියාවන් ඉහළ නැංවීමට අරමුණු කරගත් නිශ්චිත ඉලක්කයන්ගෙන් සමන්විත ඉදිරි සැලසුමක් ද (Roadmap) අනුගමනය කරනු ලබයි.

Sampath Select යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන පුද්ගලික ණය ලබා දීමේ විසඳුම වන අතර, එය හුදෙක්ම නවෝත්පාදනයකින් ඔබ්බට ගොස් බැංකු ක්ෂේත්‍රයේ පෙර නොවූ විරූ වෙනසක් සංකේතවත් කරනු ඇත. නූතන ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් ඒවා කඩිනමින් සපුරාලන නව යුගයක් නිර්මාණය කිරීම උදෙසා Sampath Select, මනා පිටිවහලක් වනු ඇතැයි නොඅනුමානය.

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...