සම්පත් බැංකුව සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් අරලගංවිල පාසල් 5ක දරුවන් වෙනුවෙන් පුස්තකාල පොත් පරිත්‍යාග කරයි

Share

Share

Share

Share

දැනුමෙන් පිරිපුන් පරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් විවිධ අංශයන් තුළින් දායකත්වය සපයන සම්පත් බැංකුව මෙරට දරු පරපුර වෙනුවෙන් ඉටු කරන කාර්ය භාරය අති මහත්ය. බැංකු හා මූල්‍ය සේවාවන්ගෙන් ඔබ්බට යමින් සමාජයට වැඩදායී වැඩසටහන් තුළින් අද වන විට එය මනාව තහවුරු කිරීමට සම්පත් බැංකුව සමත්ව සිටී. සම්පත් බැංකුවේ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ක්‍රියාත්මක එම වැඩසටහන් අතරට තවත් සුවිශේෂී පියවරක් එක් කිරීමට සම්පත් බැංකුව පසුගියදා සමත් වූයේ පොලොන්නරුව, අරලගංවිල විලයාය ජාතික පාසල ඇතුලු පාසල් 5ක් වෙත පුස්තකාල පොත් පරිත්‍යාග කරමිනි. ‘අද දින පාඨකයෝ – හෙට දින නායකයෝ’ යන්න තේමා කර ගනිමින් කියවීමේ අගය හා දරුවන්ගේ අනාගතය පිළිබඳ වටිනා පණිවිඩයක් සමාජයට ලබා දීම වෙනුවෙන් ආරම්භ කළ මෙම ජාතික මෙහෙවර යටතේ ප්‍රතිලාභ ලබන දරුවන් ප්‍රමාණය අති මහත්ය.

සාහිත්‍ය මාසය හා ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ සම්පත් බැංකුව සැප්තැම්බර් 22 වනදා සිට ඔක්තෝබර් 1 වනදා දක්වා පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී ඒ සඳහා වන පාඨක දායකත්වයද ලබා ගැනීමට කටයුතු කරන ලදී. මූලික වශයෙන් සම්පත් බැංකු සාමාජිකයින්ගේ පරිත්‍යාගයන් තුළින් දරුවන් සඳහා අවශ්‍ය පුස්තකාල පොත් විශාල ප්‍රමාණයක් එක් කර ගැනීමට ඔවුන් සමත් වූ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදීද ඒ වෙනුවෙන් විශාල පරිත්‍යාග ප්‍රමාණයක් හිමි විය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හා ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් අරලගංවිල, විලයාය ජාතික පාසලේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා සහ ප්‍රධාන ශිෂ්‍ය නායක වෙත සංකේතාත්මක වශයෙන් පොත් පරිත්‍යාග කිරීම සිදු වූ අතර එම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ නිලධාරීන් එක් වූහ.

එම පොත් පාසල් වෙත පරිත්‍යාග කිරීමේ නිල උත්සවය පසුගියදා අරලගංවිල විලයාය ජාතික පාසලේදී පැවැත්විණ. එහිදී විලයාය ජාතික පාසලට අමතරව එම ප්‍රදේශයේ තවත් පාසල් 4ක් වෙතද පොත් පත් පරිත්‍යාග කිරීමට සම්පත් බැංකුව කටයුතු කරනු ලැබීය. ඒ අනුව විලයාය ප්‍රාථමික විද්‍යාලය, මැදගම ජාතික පාසල, නහොනා පෙර පාසල, මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය යන පාසල් වෙත ද පුස්තකාල පොත් පරිත්‍යාග කළ අතර එම අවස්ථාව සඳහා එම විද්‍යාලයන්හි විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද, දෙමව්පියන්ද එක් වූහ.

මෙහිදී අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවි සහ පාරිභෝගික සබඳතා, තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “රටේ අනාගත නායකත්වය වෙනුවෙන් දැනුමෙන් මෙන්ම බුද්ධියෙන් පිරිපුන් පරපුරක් නිර්මාණය කිරීම, වැඩිහිටියන් ලෙස අප සියලු දෙනාගේ වගකීමක් ලෙස සැලකිය යුතුයි. ඒ වගකීම හඳුනාගත් සම්පත් බැංකුව අගනුවරින් ඈත දුෂ්කර පළාත්වල පාසල් දරුවන්ගේ දැනුම, අවබෝධය මෙන්ම රසවින්දනය ඉහළ නැංවීමේ අරමුණින් මේ ආකාරයේ පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු කළා. කියවීම මිනිසා සම්පූර්ණ කරන අතරම ඒ කියවීම තුළින් අනාගත නායකයන් බිහිකළ හැකි බව අපගේ විශ්වාසයයි. ලෝකය, පරිසරය, ආර්ථිකය, ආගම්, දේශපාලනය වැනි පාසල් විෂය මාලාවට අදාළ දැනුම මෙන්ම සමාජීය වශයෙන් අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා හොඳම දේ කියවීමයි. මේ පරිත්‍යාගයන් තුළින් අරලගංවිල දරුවන්ට ඒ අවස්ථාව උදා කර දීමට අපට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙන අතරම මෙම පොත් පත් පරිහරණය තුළින් දරුවන් විශිෂ්ට ජයග්‍රහණයන් අත්පත් කර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

කාලීන අවශ්‍යතාවන් හා සිතුම් පැතුම් හඳුනාගනිමින් ඊට ගැලපෙන ආකාරයේ සමාජ සත්කාරක ව්‍යාපෘති දියත් කිරීමේ විශේෂඥතාවකින් හෙබි සම්පත් බැංකුව මේ වන විට විවිධ සමාජ සත්කාරක වැඩසටහන් හරහා සමාජයේ විවිධ ජන කොටස් වෙත මෙන්ම පාරිසරික සාධකයන් වෙතද සුවිසල් සේවාවක් සැලසීමට සමත්ව ඇත. සම්පත් බැංකුවේ ආයතනික සමාජ වගකීම් වෙනුවෙන් වන කැපවීම Asiamoney Best Bank Awards වැඩසටහනේදී අඛණ්ඩව වසර 2ක් තිස්සේ පිළිගැනීමට ලක්ව ඇති අතර ආර්ථික අර්බුදය හේතුවෙන් උද්ගත වූ මූල්‍ය අභියෝග හමුවේ වුවද නව්‍ය හා සමාජීය පරිවර්තනය වෙනුවෙන් සම්පත් බැංකුව විසින් දියත් කළ වැඩසටහන් හේතුවෙන් 2023 වසරේදීද ආයතනික සමාජ වගකීම් සඳහා හොඳම බැංකුව ලෙස සම්පත් බැංකුව සම්මානයට පාත්‍ර විය.

ඡායාරූපය – සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවි සහ පාරිභෝගික සබඳතා, තාරක රන්වල මහතා ඇතුළු බැංකු නිලධාරීන් විසින් පාසල් පුස්තකාල සඳහා වන පොත් සංකේතාත්මකව පිළිගැන්වූ අයුරු.

 

 

 

 

 

 

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...