සහජීවනයෙන් ඔද වැඩුණු සුන්දර දිවයින ශ්‍රී ලංකාවයි, TikTok අවධාරණය කරයි

Share

Share

Share

Share

මීට වසර 77කට පෙර පරිපූර්ණ නිදහස හිමිකර ගත් ශ්‍රී ලංකාව අතීත උරුමයේ අභිමානය පෙරටු කරගනිමින් එකම දරු කැලක් විලස ලෝකය හමුවේ සිය අනන්‍යතාව විදහාලන්නට සමත්ව ඇත්තේ බුද්ධිමත් ජාතියක ගෞරවයද හිමිකර ගනිමිනි. එකිනෙකට සබැඳුණු සංස්කෘතික දායාදයන්ගෙන් පොහොසත් ජීවන රටාවකින් සුසැදි ශ්‍රි ලාංකිකයින් සාමය, සමගිය, සහ ජීවනය තුළින් දියුණු රටක් ගොඩනැගීම සඳහා අත්වැල් බැඳගෙන සිටියි. ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යන විට රටක් ලෙස නවීන තාක්ෂණය සමඟ අත්වැල් බැඳගනිමින් ඉදිරියට ඇදෙන ශ්‍රී ලාංකේය නිර්මාණශීලීත්වයද ඉතා විශිෂ්ට සහගතය. මෙම විශිෂ්ටත්වය ලොවට ප්‍රදර්ශනය කරන එක් අවස්ථාවක් වන්නේ TikTok වේදිකාවයි.

ජාතියේ උරුමයන්ට නැවත ජීවය දෙමින් අතීතය තුළ මිහිදන් වීමට තිබූ බොහෝ දේ යළි ජනතා අවධානයට ලක් කරමින් TikTok වේදිකාව තුළ ශ්‍රී ලාංකිකයින් ගෙන හැර දක්වන විශ්මිත නිමැවුම් පරිශීලකයින්ට නවමු අත්දැකීමක් බවට පත්ව ඇත. පුරාණ ආහාර වට්ටෝරු නැවත සජීවීකරණය කරමින් අතීත රසය වර්තමානයටද ගෙන එන සූපවේදීන්, අලංකාර නර්තන සම්ප්‍රදායන් වර්තමානය සමඟ එක් කරන නර්තන ශිල්පීන්, ශ්‍රී ලංකායේ මිහිතලය මත සැඟවුණු ප්‍රෞඪ අතීතය සොයා යන සංචාරකයින්, අභිමානවත් ඉතිහාසය රසවත්ව ඉදිරිපත් කරන නිර්මාපකයින් යනාදී විවිධ නිර්මාණශීලී පුද්ගලයින් ඊට උදාහරණ සපයයි. ඒ සියලු දේ තුළින් ප්‍රදර්ශනය වන්නේ ආකර්ෂණීය ශ්‍රී ලාංකේය අනන්‍යතාවයි.

එදා ලක්දිව පැවති අභිමානය අදද නොනැසී පවතින්නේ ඉහත කී බොහෝ ශේෂයන් අදද ජීවමානව ලෝකය හමුවේ දැකගන්නට මෙන්ම විඳ ගැන්මට ඇති නිසාය. ඊට නොදෙවෙනි ස්වභාවික සුන්දරත්වය එහි වටිනාකම තව තවත් ඉහළ නංවන්නේ සුන්දරත්වයෙන් අග තැන්පත් සුවිශේෂී ස්ථානයන් රැසක හිමිකාරිය බවට පත් වෙමිනි.

මෙවන් විශිෂ්ටත්වයක් සහිත ශ්‍රී ලංකාව 77 වන නිදහස අභිමානයෙන් සමරනු ලැබීය. ඒ නිදහසට TikTok සුභ පැතුම් මෙසේ එක්කර සිටියි.

 

TikTok වේදිකාව තුලින් ලොවක් මවිත...
Vision AI தொழில்நுட்பத்துடன் கூடிய புதிய...
JEWELS 2026 සඳහා එක්වන ලෙස...
පොත් ප්‍රදර්ශනයට ගිහින් හොඳම පොත්...
CFW Couture + Trousseau 2026...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
இசை, நீர் விளையாட்டுக்களுடன் பாணந்துறையை அதிரவைக்க...