ස්විස්ටෙක්හි නවතම සමූහ සන්නාම ප්‍රචාරණ ව්‍යාපාරය වන ‘Build Your Own World’ නිල වශයෙන් එළිදක්වයි.

Share

Share

Share

Share

නිවාස හිමියන්ගේ, දේපළ සංවර්ධකයින්ගේ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ අභිලාෂයන්ට මුල්තැන දෙමින්, ස්විස්ටෙක් විසින් සිය පළමු ඒකාබද්ධ ප්‍රචාරණ ව්‍යාපාරය වන ‘ඔබේ ලෝකය ගොඩනගන්න’ (Build Your Own World) පසුගියදා දියත් කරනු ලැබීය. එය කොළඹ One Galle Face හි PVR Cinemas හිදී නිල වශයෙන් එළිදැක්වූ අතර, ස්විස්ටෙක් හි ඇලුමිනියම් දොර ජනේල් පද්ධති, ටයිල් adhesives, බිත්ති මතුපිට සුමට කිරීමේ ද්‍රව්‍ය (Skim Coats), සෙවිලි විසඳුම්, ජල ආරක්ෂණ විසඳුම්, බිම් ඇතුරුම් සහ අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය එකම සන්නාම දැක්මක් යටතේ වෙළඳපොළ වෙත යොමු කෙරේ.

දශක හයකට ආසන්න නිෂ්පාදන හා තාක්ෂණික පළපුරුද්දක් සමඟින් ඉදිරියට පැමිණ ඇති ස්විස්ටෙක් සමාගම, නිවාස, වාණිජ ගොඩනැගිලි සහ ආයතනික ඉදිකිරීම් සඳහා වන නිෂ්පාදන අවශ්‍යතාවන් සපුරාලමින් සිටී. තම සුවිශේෂී නිෂ්පාදන කාණ්ඩ ඔස්සේ පිරිනමනු ලබන නිෂ්පාදන හා සේවාවන්හි පුළුල් පරාසය පිළිබඳව පාරිභෝගිකයින්ට මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හවුල්කරුවන්ට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දීම මෙම ඒකාබද්ධ ප්‍රචාරණ ව්‍යාපාරයේ මූලික පරමාර්ථයයි.

මෙම දියත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Swisstek (Ceylon) PLC සහ Swisstek Aluminium Ltd හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය. ‘‘වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකිකයින් නිර්මාණය කරගන්නා විවිධ අවකාශයන් සමග අත්වැල් බැඳ ගැනීමට අපට හැකි වී තිබෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමස්ත වටිනාකම් ඔස්සේ අපගේ ව්‍යාපාරය පුළුල් වෙමින් තිබෙන මොහොතක, පාරිභෝගිකයින් සිහින දකින ආකාරයේ අවකාශයන් ගොඩනගා ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණ පෙරදැරිව අපගේ දැක්ම ද පුළුල් කරගෙන තිබෙනවා. නිවසක් යනු පවුලක සිහින සහ අභිලාෂයන් නියෝජනය කරන ස්ථානයක් වන අතර, සේවා ස්ථානයකින් ද ව්‍යවසායකයෙකුගේ වෘත්තීය අභිලාෂයන් පිළිබිඹු කරනු ලබනවා. එවැනි සෑම අවකාශයක් පිටුපසම අනාගත දැක්මක් සහිත මිනිසුන් සිටින බැවින් ඔවුන්ගේ එම බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කර ගැනීමට සහාය වීම ස්විස්ටෙක් හි කාර්යභාරයයි.’’

ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ දී අදාළ වන ප්‍රායෝගික තේරීම් සමග පාරිභෝගික අභිලාෂයන් ඉටු කර ගැනීමට මෙම ඒකාබද්ධ ව්‍යාපාරය මනා පිටිවහලක් සපයයි. ගොඩනැගිලි කර්මාන්තයේ දී භාවිත කරන ද්‍රව්‍ය, පද්ධති සහ නිමාවන් මගින් ගොඩනැගිල්ලක බාහිර පෙනුම, ක්‍රියාකාරීත්වය සහ කල්පැවැත්ම තීරණය කරන බැවින්, ඒ පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව තෝරා ගැනීම ඉතා වැදගත් වේ. එම නිසා ස්විස්ටෙක් හි එක් එක් නිෂ්පාදන කාණ්ඩ හඳුන්වා දීමෙන් ඔබබ්ට ගොස්, සම්පුර්ණ ඉදිකිරීම් ව්‍යාපෘතියක අවශ්‍යතාවන් සමග නිෂ්පාදන මුසු වන ආකාරය මෙම ප්‍රචාරණ ව්‍යාපාරය මගින් පිළිබිඹු කරයි.

මේ අතර, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, කාර්මික ශිල්පීන්, අලෙවිකරුවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඉදිකිරීම් කර්මාන්තයට ලබා දෙන දායකත්වය ද මෙමගින් හඳුනා ගැනේ. එමෙන්ම, සැලසුම් සහ පිරිවිතර සකස් කිරීමේ සිට නිෂ්පාදන සැපයුම සහ ස්ථාපනය කිරීම දක්වා වූ සෑම අදියරකදීම ඔවුන්ට අවේණික වූ දැනුම හා කුසලතාවයන් ඒකාබද්ධ කරමින් සැලසුම් සැබෑ අවකාශයන් බවට පත් කර ගැනීමට උපකාරී වේ.

‘ඔබේ ලෝකය ගොඩනගන්න’ යන ප්‍රචාරණ ව්‍යාපාරය හරහා ස්විස්ටෙක් සිය ඉදිකිරීම් ආශ්‍රිත නිෂ්පාදන පෙළ එකම සමූහ සන්නාම දැක්මක් යටතේ ගෙන එමින්, පාරිභෝගිකයන්ගේ සහ ඔවුන් අපේක්ෂා කරන අවකාශයන් නිර්මාණය කිරීමට දායක වන වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට ද මනා සහායක් ලබා දෙනු ඇත.

City of Dreams Sri Lanka...
ස්විස්ටෙක්හි නවතම සමූහ සන්නාම ප්‍රචාරණ...
இலங்கையின் உடற்பயிற்சித் துறையில் 28 ஆண்டுகால...
1,000 வாகன விநியோகங்கள் மற்றும் சேவைகளை...
மேம்பட்ட திரை தொழில்நுட்பம் மற்றும் AI...
14ஆவது நிறுவனங்களுக்கு இடையிலான பெட்மிண்டன் சம்பியன்ஷிப்பில்...
போலி உள்ளடக்கங்களுக்கு முற்றுப்புள்ளி வைக்க TikTok-இன்...
தெற்காசிய பயண விருது 2026 இல்...
14ஆவது நிறுவனங்களுக்கு இடையிலான பெட்மிண்டன் சம்பியன்ஷிப்பில்...
போலி உள்ளடக்கங்களுக்கு முற்றுப்புள்ளி வைக்க TikTok-இன்...
தெற்காசிய பயண விருது 2026 இல்...
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්”...