Charcoal Colombo විවෘත කර මේ වන විට ගෙවී ඇත්තේ ඉතා කෙටි කලකි. ඒ ඉතා කෙටි කාලය තුළ ශ්‍රී ලාංකේය පාරිභෝගික ආකර්ෂණය නොමඳව හිමිකර ගැනීමට Charcoal Tandoor Fire & Grill අවන්හල සමත්ව ඇත. මේ වන විටත් කොළඹ නගරය තුළ විශාල ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව ඇත. ජනප්‍රිය අත්දැකීමක් බවට පත්ව ඇති මෙහි විශේෂත්වය ආහාර පාන පමණක් නොවේ.
කොළඹ පිහිටි Charcoal Tandoor Fire & Grill අවන්හල තුලට ඇතුළු වන විටම එහි ඇති මනා ඉඩකඩ සහිත නිදහස් අවකාශය සිතට ලබා දෙන්නේ ඉමහත් සහනයකි. උස සිවිලිම් සහිත විවෘත අවකාශයද ඊට එක් කරන්නේ තවත් වටිනාකමකි. මනා ආලෝකකරණය, රටා සහිත තිර සහ අතින් නිමවන ලද සියුම් අලංකරණ අංගයන් අවන්හල ඇතුළත සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.
Charcoal හි නිර්මාතෘ Rohit Sachdev මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් “අවන්හල පිහිටා ඇති ස්ථානයේ ස්වභාවය එහි මුල් සැලසුම් නිර්මාණශීලී අයුරින් හැඩගැස්වීමට හේතුවක් වුණා. මෙම ස්ථානය සතු සුවිශේෂී ලක්ෂණ වන උස සිවිලිම්, පුළුල් ඉඩකඩ සහිත නිදහස් අවකාශය සහ කොළඹ නගරයේ සුන්දර දර්ශන දැක ගැනීමේ හැකියාව වැනි දේ තුලින් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට අපට අවශ්‍ය වුණා,” යනුවෙන් පැවසීය.
මෙම අවකාශයේ මුල් පෙනුම වෙනස් නොකරමින් ඒවා සමඟ මනාව බද්ධ වන ආකාරයෙන් අවන්හලේ අභ්‍යන්තරය නිර්මාණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, නිදහස් නිහඬ රාත්‍රී ආහාර වේලකට අවශ්‍ය පෞද්ගලිකත්වය මෙන්ම විශාල පිරිසකගෙන් සැදුම්ලත් සාදයකට අවශ්‍ය සජීවී බව එකසේ ලබා දීමටත්, ආකර්ෂණීය හා විශිෂ්ට තත්වයක් උදා කර දීමටත් ඊට හැකි වී තිබේ.
අවන්හලේ සැලසුම මඟින් Charcoal සතු පුළුල් ඉතිහාසයද පාරිභෝගිකයා වෙත ගෙන ඒමට මෙහිදී කටයුතු කර තිබීමද විශේෂත්වයකි. මෙහි ආහාර සංස්කෘතිය සියවස් ගණනාවක සංචාර, වෙළෙඳාම සහ සංස්කෘතික හුවමාරුවෙන් හැඩගැසුණු උතුරු ඉන්දීය තන්දූරි ආහාර පිසීමේ ක්‍රමවේදයන් සහ මෝගල් සම්ප්‍රදායන් මත පදනම් වී ඇත. එම ඓතිහාසික පසුබිම, ඉන්දීය උපමහාද්වීපයෙන් සහ පැරණි Spice Route වෙතින් ආභාෂය ලැබූ විවිධ අමුද්‍රව්‍ය, රටා සහ අලංකරණ භාණ්ඩ හරහා අවන්හලේ අභ්‍යන්තර සැලසුමෙන් මනාව පිළිබිඹු වේ.
Rohit Sachdev මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “සුපුරුදු සාම්ප්‍රදායික අංගවලට නවීන මුහුණුවරක් ලබාදීමට මට අවශ්‍ය වුණා. නමුත් කිසිවිටෙකත් මෙම අවන්හල ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය කළ තැනක් හෝ යම් තේමාවකට අනුව නිර්මාණය කළ තැනක් ලෙස පෙන්වීමට අවශ්‍ය වුණේ නැහැ, විවිධ ස්ථරවලින් ආකර්ෂණීය සැලසුමක් වන මෙය පැමිණෙන අමුත්තන්ට ඔවුන් අවන්හලේ රැඳී සිටින කාලය පුරාම අ අලංකරණයන් අත්විඳීමට අවස්ථාව උදා වනවා.” යනුවෙනි.
Charcoal හි දැකිය හැකි ප්‍රධානතම සාධකය වන්නේ විවෘත මුළුගැන්ගෙයයි. ගින්දර පදනම් කරගත් කරගත් ආහාර කලාව අමුත්තන්ට ඉතා සමීපව අත්විඳීමට අවස්ථාව සලසා දෙන එය මේසයේ සිටින අමුත්තන්ට සූපවේදීන් තන්දූරි උඳුන්වල රොටි පිසින සහ කෑම පිළියෙළ කරන අයුරු සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ.
ගින්දර යනු සැමවිටම Charcoal හිත්දැකීමේ හදවතයි. ඒ නිසාම අමුත්තන් අවන්හලට ඇතුළු වූ මොහොතේ සිටම එය දැකීමට, දැනීමට සහ එහි සුවඳ විඳීමට මෙහිදී අවස්ථාව උදා කර දී ඇත. මුළුතැන්ගෙය වටා ඇති රාක්ක විවිධ වර්ණවත් කුළුබඩු බෝතල්වලින් පුරවා ඇති අතර, එමඟින් කෑම වර්ග සඳහා භාවිත කරන නැවුම් අමුද්‍රව්‍ය කෙරෙහි පාරිභෝගික අවධානය යොමු කරයි. මෙම ප්‍රදර්ශනයන් මඟින් එදා ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැදපෙරදිග සහ ඉන් ඔබ්බට කුළුබඩු රැගෙන ගිය ඉපැරණි ඓතිහාසික වෙළෙඳ මාර්ග සමඟ අවන්හලේ ආහාර සංස්කෘතිය මනාව සම්බන්ධ කරයි.
ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය, කලාව සහ ඉතිහාසය කුළුබඩු, සාගර වෙළෙඳාම සහ විවිධ මිනිසුන්ගේ සංක්‍රමණයන් මත හැඩගැසී ඇති අතර, Charcoal අවන්හල සැලසුම් කර ඇත්තේ උරුමය මනාව උපයෝගී කරගනිමිනි. මෙම ඉන්දීය ආහාර සංස්කෘතියේ පවතින සාමාජීය ස්වභාවය මුල් කරගනිමින්, සුහද කතාබහ සහ කෑම බෙදාගැනීමේ සජීවී වාතාවරණයක් උදෙසා නිර්මාණය කර ඇත.
බැංකොක් නගරයෙන් ආරම්භ වු Charcoal හි කොළඹ අවන්හල තුලින් දේශීය හා විදේශීය පාරිභෝගිකයින් වෙත සිය සන්නාමයේ අනන්‍යතාව අත් විඳීමේ අවස්ථාව ලබා දීමට මෙහිදී බලාපොරොත්තු වේ. එය සියලු පාරිභෝගිකයින්ට අමතක නොවන ආකර්ෂණීය අත්දැකීමක් වනු ඇති බව නොඅනුමානය.
මෙම රසවත් අත්දැකීම විඳගැනීමට අවස්ථා වෙන් කර ගැනීම හා වැඩි විස්තර සඳහා කරුණාකර 0112-123456 අමතන්න.





