සැම්සුන් විසින් AI මගින් බලගැන්වුණු ආහාර සහ ආහාර වට්ටෝරු වේදිකාවක් වන Samsung Food හඳුන්වා දෙයි

Share

Share

Share

Share

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් එක් එක් පුද්ගලයාට ගැලපෙන, AI මගින් බලගැන්වුණු ආහාර සහ ආහාර වට්ටෝරු වේදිකාවක් වන Samsung Food පසුගියදා එළිදැක්වීය. ලොව පුරා රටවල් 104ක් පුරා භාෂා අටකින් ලබා ගත හැකි මෙම නව්‍ය සේවාව වන Samsung Food වෙතින් විවිධ ආහාර වට්ටෝරු 160,000කට වැඩි සංඛ්‍යාවක් ලබා ගත හැකි අතර ඒ තුළින් පරිශීලකයින්ට පුළුල් පරාසයක විසිරුණු ආහාර අත්දැකීමක් ලබා ගත හැකි වනු ඇතx මෙම සේවාව පරිශීලකයින්ට නව කෑම වර්ග සොයා ගැනීමට, ගැලපෙන ආහාර සැලසුම් නිර්මාණය කිරීමට සහ අන්තර්ජාලය හරහා පහසුවෙන් අමුද්‍රව්‍ය ඇණවුම් කිරීමට උපකාර වන විශේෂිත සහායකයෙකු ලෙස ක‍්‍රියා කරයි. මෙම සේවාව පරිශීලකයින්ට ඔවුන්ගේ ඉවුම් පිහුම් උපකරණ කළමනාකරණය කිරීමට, සවිස්තරාත්මක ඉවුම් පිහුම් උපදෙස් ලබා දීමට සහ ඔවුන්ගේ ප‍්‍රියතම ආහාර වට්ටෝරු පහසුවෙන් සමාජ මාධ්‍යවල බෙදාහදා ගැනීමට ඉඩ සලසයි.

සැම්සුන් හි විවිධ ඉවුම් පිහුම් උපකරණ සහ ආහාර සේවා පුළුල් කරමින්, Samsung Food සිය සේවාවේ පහසුකම් වැඩිදියුණු කිරීමට සහ පරිශීලකයින්ගේ අවශ්‍යතා සහ ජීවන රටාවන්ට ගැලපෙන ආහාර වේදිකාවක් ලබා දීමට AI තාක්ෂණය භාවිතා කරයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා Samsung Food විසින් 2019 දී Samsung Next විසින් අත්පත් කරගත් smart ආහාර වේදිකාවක් වන Whisk හි පුළුල් දත්ත සමුදාය භාවිතා කරයි. Samsung Food පරිශීලකයින් කැමති දේ සහ ඇතැම් ආහාර ස්වභාවිකව වගා කර අස්වනු නෙළන කාලය මත පදනම්ව ආහාර නිර්දේශ කිරීමට Whisk හි උසස් Food AI තාක්ෂණය භාවිතා කරයි.

‘‘අපි රසවිඳින ආහාර සහ එය පිළියෙළ කරන ආකාරය අපගේ දෛනික ජීවිතය හා බැඳි පවතින අතර, අපි සැවොම එකට ආහාර පිසීමට හා කෑමට ප‍්‍රිය කරනවා.’’ යනුවෙන් විධායක උප සභාපති සහ සැම්සුන් ඉලෙක්ට්‍රොනික් Digital Appliances Business හි Service Biz Group ප‍්‍රධානී Chanwoo Park මහතා පැවසුවේය.‘‘සැම්සුන් ecosystem හරහා ඩිජිටල් උපකරණ, ජංගම උපාංග සම්බන්ධ කිරීමෙන් සහ පරිශීලකයින්ගේ සාප්පු සවාරි අත්දැකීමේ සිට රාත‍්‍රී ආහාරය දක්වා ඔවුන්ට සහාය වීමෙන්, Samsung Food පරිශීලකයින්ට තම ඇඟිලි තුඩුවලින් ඉතා පහසුවෙන් පාලනය කළ හැකි එක් එක් පුද්ගලයාට ගැලපෙන සුවිශේෂී ආහාර අත්දැකීමක් ලබා දීමට උසස් AI හැකියාවන් භාවිතා කරනවා.’’

Samsung Food හි පුළුල් පරාසයක විසිරුනු විශේෂාංග මගින් පරිශීලකයින්ට ඔවුන්ගේ ආහාර සැලසුම් කිරීමේ සහ පිසීමේ සෑම පියවරකදීම උපකාර කරන අතර මෙම විශේෂාංග ප‍්‍රධාන ක්ෂේත‍්‍ර හතරක් ආවරණය කරයි: ඒවා නම් එක් එක් පුද්ගලයාට ගැලපෙන ආහාර වට්ටෝරු සහ ආහාර වට්ටෝරු සොයා ගැනීම, එක් එක් පුද්ගලයාට විශේෂිත ආහාර සැලසුම් නිර්මාණය කිරීම, මුළුතැන්ගෙයි උපකරණ සමඟ සම්බන්ධ වෙමින් ආහාර පිසීමේදී පරිශීලකයින්ට සහාය වීම සහ සමාජ මාධ්‍ය ජාල පරිශීලකයින්ට ඔවුන්ගේ ප‍්‍රියතම ආහාර වට්ටෝරු බෙදා ගැනීමට හැකියාව ලබා දීම වේ.

 

මෙම වසර අවසන් වන විට, Samsung Food සමඟ Samsung Health ඒකාබද්ධ කිරීමට සැම්සුන් අරමුණු කරන අතර පරිශීලකයින්ට ආහාර කළමනාකරණ යෝජනා ලබා ගැනීමට එමගින් ඉඩ සලසයි. මෙම ඒකාබද්ධ කිරීම මගින් BMI, ශරීර සංයුතිය සහ කැලරි ප‍්‍රමාණය වැනි තොරතුරු Samsung Food සමඟ බාධාවකින් තොරව සම්බන්ධ කරන අතර පරිශීලකයින්ට ඔවුන්ගේ සෞඛ්‍ය ඉලක්ක සපුරා ගැනීමට සහ සමබර ආහාර වේලක් පවත්වා ගැනීමට උපකාරී වේ. 2024 දී සැම්සුන් Samsung Food හි Vision AI තාක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි. මෙම තාක්ෂණය මඟින් ඔබේ කැමරාවෙන් ඡායාරූපයක් ගන්නා විට ආහාර ද්‍රව්‍ය සහ ආහාර වර්ග හඳුනා ගෙන ඒවා පිළිබඳ පෝෂණ තොරතුරු ද ඇතුළුව තොරතුරු සැපයීමට Samsung Food හට හැකි වේ. මෙම ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන්, Samsung Food යෙදවුමට ඒවා භාවිතා කිරීම සඳහා සුදුසු ආහාර වට්ටෝරු යෝජනා කිරීමට, පරිශීලකයා සඳහා මෙම ආහාර වට්ටෝරු ගබඩා කිරීමට සහ අවශ්‍ය අමුද්‍රව්‍ය බඩු ලැයිස්තුවකට එක් කිරීමට ඔබට ගත වන්නේ ඉතා සුළු වේලාවකි.

 

Samsung අඛණ්ඩව වසර හතරක් ශ‍්‍රී ලංකාවේ ‘People’s Youth Choice Brand of the Year’ ලෙස SLIM Sri Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...