සැම්සුන් ශ‍්‍රී ලංකා හි ‘Awesome අවුරුදු’ සමඟින් අලූත් අවුරුද්ද සතුටින් සමරන්න

Share

Share

Share

Share

උදාවන සිංහල – දමිළ අලූත් අවුරුද්දේ සිය පාරිභෝගික සතුට වෙනුවෙන් සුවිසල් ප‍්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ‘සැම්සුන් Awesome අවුරුදු’ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. 2024 මාර්තු 17 වනදා සිට අපේ‍්‍රල් 30 වනදා දක්වා ක‍්‍රියාත්මක වන මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ සැම්සුන් බලයලත් නියෝජිතයින්ගෙන් හෝ අන්තර්ජාලයෙන් Galaxy ජංගම දුරකතන හෝ ටැබ් මිලදී ගැනීමේදී ආකර්ෂණීය ත්‍යාග රැසක් පාරිභෝගිකයා වෙත ලබා දීමට සැම්සුන් කටයුතු කර ඇත.

පුරා මාසයකට වැඩි කාලයක් ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් සැම්සුන් ශීතකරණ 6ක්, Galaxy A05 ස්මාර්ට් ජංගම දුරකතන 126ක්, සැම්සුන් වෙළෙඳ භාණ්ඩ 420ක් ත්‍යාග ලෙස හිමි කර දීමට කටයුතු කර ඇති අතර අවසන් මහා දිනුම් ඇදීම තුළින් 75’’ crystal UHD රූපවාහිනියක් දිනා ගැනීමේ සුවිසල් අවස්ථාවද සැම්සුන් වෙතින් උදා කර දී තිබීම විශේෂත්වයකි. උත්සව සමයේ සැම්සුන් නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයින් අතුරින් 500කට වැඩි පිරිසක් ත්‍යාගලාභීන් බවට පත් කරන මෙම ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් අලෙවි හවුල්කරුවන් වෙතද නොමිලේ රෙදි සෝදන යන්ත‍්‍ර සහ Fit3 උපාංග ඇතුළු ආකර්ෂණීය ත්‍යාග හිමි කර දීමටද සැම්සුන් කටයුතු යොදා ඇත.

මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළකළ සැම්සුන් ශ‍්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා පැවසුවේ ‘‘අපගේ ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ සුවිශේෂී සංස්කෘතික උත්සවයක් වන සිංහල – දමිළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් ත්‍යාග ලබා දෙමින් නව තාක්ෂණික සැමරුමක් ගෙන ඒමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ පාරිභෝගිකයින් වෙත නවතම නිෂ්පාදන තුළින් වඩා ඵලදායී අත්දැකීමක් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට හැකි වනු ඇතැයි අපි සැමවිටම විශ්වාස කරනවා’’ යනුවෙනි.

‘සැම්සුන් Awesome අවුරුදු’ ප‍්‍රවර්ධන වැඩසටහනට සඳහා එක් වීමට පාරිභෝගිකයින් සිදු කළ යුත්තේ සැම්සුන් හි බලයලත් අලෙවි නියෝජිතයකුගෙන් සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ Tab එකක් මිලදී ගෙන 2024 අපේ‍්‍රල් 30 වන දිනට පෙර එය සක‍්‍රිය කිරීමයි. මිලදී ගැනීම සිදු කළ පසු අදාල ප‍්‍රවර්ධන වැඩසටහන සමඟ සාර්ථකව ලියාපදිංචි වීම සඳහා පාරිභෝගිකයින් විසින් https://samsungawesomeavurudu.com/ නිල ප‍්‍රවර්ධන වෙබ් අඩවිය වෙත පිවිසිය යුතුය.

මෙම ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා පාරිභෝගිකයාගේ සියලූ විස්තර නිවැරදිව ඇතුළත් කිරීම අනිවාර්ය වේ. ලියාපදිංචිය සාර්ථකව සිදු කිරීමෙන් අනතුරුව තහවුරු කිරීම සඳහා වන කෙටි පණිවිඩය ඔබගේ ජංගම දුරකතනයට ලැබෙනු ඇත. මෙම කෙටි පණිවිඩය සැම්සුන් ජාලය සමඟ බෙදා ගැනීම තුළින් ආකර්ෂණීය ත්‍යාග තමන් සතු කර ගැනීමටද පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ. එසේම අවසානයේදී මෙම ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් ත්‍යාග ජයග‍්‍රහණය කරන පාරිභෝගිකයින් හට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ 02, Access Towers හි සැම්සුන් කාර්යාලයෙන් තමන්ට හිමි ත්‍යාගයන් ලබාදීමට සැම්සුන් සූදානමින් සිටියි.

ජංගම දුරකතන, ගෘහ උපකරණ සහ ඩිජිටල් තිර ඇතුළු නිෂ්පාදනයන් රැසක් සමඟින් නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය මෙරට පාරිභෝගිකයා වෙත ගෙන එන ප‍්‍රමුඛතම සැපයුම්කරුවකු ලෙස සැම්සුන් ශ‍්‍රී ලංකා සඳහන් කළ හැකිය. විශිෂ්ට නිෂ්පාදනයන් තුළින් පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් කැපවන සැම්සුන් සමාගම ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව සෑම රටකම පාහේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික කර්මාන්තයට නව අරුතක් එක් කිරීමටද නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

Samsung අඛණ්ඩව වසර හතරක් ශ‍්‍රී ලංකාවේ ‘People’s Youth Choice Brand of the Year’ ලෙස SLIM Sri Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...