සුන්දරත්වයෙන් අනූන කොළඹ නගරයේ ඉහළම High Tea සත්කාරය අත්විඳින්න, Cinnamon Life, Gatz වෙත එන්න

Share

Share

Share

Share

කොළඹ නගරයේ අලංකාරය විඳ ගන්නා අතරම සුන්දරත්වයේ නවාතැන වන Cinnamon Life හි Gatz වෙත පිවිස සත්කාරත්වයේ උණුසුම සමඟින් ්‍යසටය ඔැ් රසය අත්විඳින්නට ඇත්නම් එය ජිවිතයේ සොඳුරුම අත්දැකීම වනු ඇත. සුන්දරත්වය මෙන්ම නව්‍යත්වය හා රසවත් බව ප්‍රමුඛ කොටගත් Cinnamon Life Gatz හිදී ඔබ කැමතිම රසයන් සමඟින් චමත්කාර ආලෝක රටාවන් මධ්‍යයේ ඉමිහිරි නාද රටා සමඟින් කොක්ටේල් පහස අත්විඳීමටද ඔබට හැකි වේ. මෙවන් සත්කාරයක් කොළඹ නගරයේ වෙනත් තැනක නොමැති තරම් බැවින් මෙය ඔබේ ජීවිතයේ සොඳුරුම අත්දැකීමක් වනු ඇති බව නැවන නැවතත් සඳහන් කළ යුතුමය.

සෑම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හිදී සවස 3.00 සිට 6.00 දක්වා මෙම සුවිශේෂී සත්කාරය විඳගන්නා අතරතුර ඉන්දියන් සයුරේ හිරු සැඟවෙන චමත්කාරයත් සන්ධ්‍යාව ආලෝකමත් කරන කොළඹ නගරයේ ප්‍රභාවත් එක සේ අත්විඳින්නට ලැබීම තවත් සුවිශේෂී අවස්ථාවක් වනු නිසැකය.

ස්වීට් හා සේවරි රසයන්ගෙන් අනූන වූ තට්ටු තුනකින් පිළියෙල කර ඇති ආකර්ෂණීය Gatz අවන්හල ඔබේ Instagram ඡායාරූපවලටද ඉමිහිරි මතකයක් එක් කරනු ඇත. Tuna tataki on grain toast, truffle mushroom duxelle with prosciutto සහ smoky mackerel rillettes on charcoal bread වැනි රසයන් සමඟ මෙවන් ්‍යසටය ඔැ් සත්කාරයක් ඔබට නැවත අත්විඳීමේ අවස්ථාව ඉතා විරල වනු ඇත.

Gatz හි මීළඟට ඇත්තේ කටට සැර ඇති රසයයි. කුකුලු මස්, මනාව කුළුබඩු හා එළවලු යොදා සකස් කළ ස්ප්‍රින් රෝල්ස් සහ කැරමල් රසය සහ චීස් සමඟ බීෆ් දිවට දැනෙන රසයක් එක් කරනු ඇත.

එපමණක් නොව විවිධ චොක්ලට් වර්ග හා ඒ ආශ්‍රිත බොහෝ නිෂ්පාදනයන් රස විඳීමේ අවස්ථාවද මෙහිදී ඔබට උදා කර දී ඇත්තේ ඒ සමඟ තවත් රසයන් එක් කර ගැනීමේ හැකියාවද උදා කර දෙමිනි.

මාංශ ආහාරයෙන් තොර එළවලු පමණක් අහාරයට ගන්නා පුද්ගලයින් ද අමතක නොකරමින් ඔවුන් වෙනුවෙන්ද අවශ්‍ය විවිධ රසයන් මෙහිදී පිළියෙල කිරීමද විශේෂත්වයකි.

ආහාර පමණක් නොව මධ්‍යසාර අඩංගු නොවන කැමති පාන වර්ගයන්ද රිසි සේ රස විඳීමේ හැකියාව මේ තූලින් ලබා දී ඇත්තේ බබල්ස්, පළතුරු කොක්ටේල්. ජෑස් එජ්. ඇබ්ස්ට්‍රැක්ට් වැනි එකිනෙකට වෙනස් රසයන් ඔබ වෙත ගෙන එමිනි. එපමණක් නොව ශ්‍රී ලංකාවේ අභිමානය වූ සිලෝන් තේ රසය මෙන්ම කැපුචිනෝ, එස්ප්‍රෙසෝ හෝ හොට් චොක්ලට් වැනි රසයන්ද මෙහිදී අත් විඳීමට හැකි වනු ඇත.
ඔබේ රස වින්දනය එතැනින් අවසන් නොවන්නේ ඒ තුලින් පමණක් පරිපූර්ණ ආශ්වාදයක් ලබා ගත නොහැකි බැවිනි. සවස 6 සිට එළඹෙන ‘ගෝල්ඩන් අවර්’ රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වන්නේ කොක්ටේල් හා ෂැම්පේන් රසය සමඟින් ඔබ කැමති මියුරු සංගීතයේ පහසද, සජීවී ගායන අවස්ථාවන්ද ඔබවෙත තිලිණ කරමිනි.

මේ සියලු දේ ඔබ වෙනුවෙනි. ඔබේ මිතුරු සාද, හමුවීම් සඳහා මිතුරු මිතුරියන්. හිතවතුන්, පවුලේ සාමාජිකයින් සමඟ Cinnamon Life හි Gatz වෙත පැමිණ මේ අසමසම අත්දැකීම විඳගන්න අමතක නොකරන්න.

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...