සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරමින් හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලඹේදී විවෘත කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සැපයුම් ජාලය මෙන්ම සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශයේ කොටසක් වන හෙල්ත්ගාඩ්, මාලඹේ තලාහේන හිදී නව ඖෂධ අලෙවිසැලක් විවෘත කරන ලදී.

මෙය හෙල්ත්ගාඩ් හි 16 වන ඖෂධ අලෙවිසැල වන අතර 2025 වසරේදී විවෘත කරන ලද පළමු ඖෂධ අලෙවිසැල වේ. සිය ඖෂධ අලෙවිසැල් ජාලය කොළඹ නගරයෙන් පිටත ව්‍යාප්ත කිරීමට සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ඉහළ යන සුව සේවා අවශ්‍යතා සපුරාලීමට හෙල්ත්ගාඩ් හි සැලැස්ම මෙයින් පෙන්නුම් කෙරේ. මෙම නව ඖෂධ අලෙවිසැල හෙල්ත්ගාඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෆර්මාන් නිසාර් මහතා විසින් පැමිණ සිටි අමුත්තන් ඉදිරියේ උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

උත්සවය අමතමින් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෆර්මාන් නිසාර් මහතා ශ්‍රී ලාංකික ජනතාවට සුව සේවා වෙතට ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා හෙල්ත්ගාඩ් හි කැපවීම අවධාරණය කළේය. “අපගේ ඉලක්කය වන්නේ සෑම විටම අපගේ පාරිභෝගිකයාට හොඳම දේ ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ට පරිපූර්ණ සුව සේවා සැපයීමයි- ඒවගේම අපගේ වෙළඳසැල් වෙත පැමිණෙන සෑම කෙනෙකුටම ආරක්ෂිත සහ උසස් තත්ත්වයේ සත්කාරයක් ලබා දීමට අප කැපවී සිටිනවා.” යනුවෙන් ඔහු පැවසීය.

හෙල්ත්ගාර්ඩ් හි දැක්මෙහි වැදගත් කොටසක් වන්නේ එහි “Purple Service” සේවාවය. මෙය ඔවුන් පාරිභෝගිකයින්ට සේවය කරන විශේෂ ක්‍රමයක් වන අතර ඔවුන්ගේ ඖෂධ අලෙවිසැල් වෙත පැමිණෙන සෑම කෙනෙකුටම විශිෂ්ට සැලකිල්ලක් සහ සහයෝගයක් ලබා දීමට ඔවුන් කෙතරම් කැපවී සිටිනවාද යන්න එයින් පෙන්නුම් කරයි. තවද මෙම ‘’Purple Service” මගින් පාරිභෝගිකයින්ට පුද්ගලික උපදෙස් පවා ලබා දෙනු ලබන අතර සියලු ඖෂධ සඳහා අදාල වන දැඩි ආරක්ෂක පියවරයන් ද අනුගමනය කරයි. එය හෙල්ත්ගාඩ් කෙරෙහි පාරිභෝගිකයින්ගේ විශ්වාසය ගොඩනැගීමට උපකාරී වන අතර සෑම පාරිභෝගිකයෙකු පිළිබඳව සැලකිලිමත් වන බව ද ඉන් මනාව පෙන්නුම් කරයි.

ආරම්භයේ සිටම හෙල්ත්ගාඩ් ශ්‍රී ලංකාවේ ඖෂධ ව්‍යාපාරයේ පුරෝගාමී සහ විශ්වසනීය නාමයක් බවට පත්ව ඇත. සමාගම සෑම විටම උසස් තත්ත්වයේ සුව සේවා නිෂ්පාදන ලබා දීම සහ දැඩි ආරක්ෂක ප්‍රමිතීන් අනුගමනය කිරීම සඳහා කැපවී කටයුතු කරයි. මාලඹේ හි නව ඖෂධ අලෙවිසැලක් විවෘත කිරීම මගින් විශිෂ්ට සේවාවක් සහ සුව සේවා වෙත පහසුවෙන් ළඟා විය හැකි අතරම වැඩි පිරිසකට සේවය කිරීමට ද හැකියාව ලැබේ.

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...