සොෆ්ට්ලොජික් ලයිෆ්, AI මගින් බලගැන්වුනු පළමු හිමිකම සාර්ථකව පියවයි

Share

Share

Share

Share

 

සුවිසල් ඉදිරි ගමනක් සනිටුහන් කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කෘතිම බුද්ධියෙන් බලගැන්වුනු පළමු හිමිකම් පියවීම සජීවීව ක්‍රියාත්මක කරයි

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට සෞඛ්‍ය රක්ෂණ හිමිකම් ගෙවීමේ තවත් විප්ලවීය ඉදිරි පියවරක් තබමින් කෘතිම බුද්ධිය (AI) හරහා සිය පළමු හිමිකම් ගෙවීම පසුගියදා සිදු කරන ලදී. නව්‍ය තාක්ෂණය තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා පාරිභෝගික පහසුව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම සුවිශේෂී වැඩසටහන ආරම්භ කර ඇත. මෙහි විශේෂත්වය වනුයේ සාමාන්‍ය හිමිකම් ගෙවීම සඳහා අතින් සිදු කරන ලේඛන පරීක්ෂණ, scan කරන ලද ලේඛන ඉදිරිපත් කිරීම. තහවුරු කිරීම හා අවසර ලබා ගැනීම වැනි සියලු කටයුතු කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය (CEFTS) හරහා ක්ෂණික ගෙවීම් සිදුකිරීමේ ක්‍රියාවලියකට යොමු කිරීමයි.

 

විශේෂයෙන් COVID-19 ආරම්භයේ පටන් සිය දුරස්ථ සේවාවන් හරහා සිය පාරිභෝගිකයින්ට සුව පහසු හා සෞඛ්‍යාරක්ෂිත සේවාවක් සලසාදීම වෙනුවෙන් විවිධ තාක්ෂණික භාවිතයන් හා ඩිජිටල් සේවාවන් දියත් කිරීමට කටයුතු කරන ලදී. ඒ යටතේ ඔවුන් විසින් දියත් කරනු ලැබූ Instaclaim app සේවාව ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිසල් පරිවර්තනයක් ඇති කිරීමට සමත් විය. මෙම හිමිකම් කළමනාකරණ යෙදවුම තුළින් ආයතනික සේවකයින් හට පැය 48ක් ඇතුළත හිමිකම් ගොනු කිරීමට, සකස් කිරීමට හා හිමිකම් ගෙවීමට හැකියාව උදා වූ අතර අද වන විට ජීවිත රක්ෂණ කර්මාන්තයේ කඩිනම් සේවාව බවටද එය පත්ව ඇත.

 

ඒ තුළින් ලද සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් නව්‍ය තාක්ෂණය තුළින් පාරිභෝගිකයින් වෙත සුවපහසු සේවාවක් ලබා දීමට කටයුතු කළ සොෆ්ලොජික් ලයිෆ් නවතම ‘Lifey’ සේවාව තුළින් AI තාක්ෂණය උපයෝගී කර ගනිමින් මිනිත්තු 2ක් වැනි ඉතා කෙටි කලකදී හිමිකම් තක්සේරුව සිදු කිරීමට කටයුතු කර ඇත. විශේෂඥ හිමිකම් පරීක්ෂකයන් විසින් සංකීර්ණ අවස්ථාවන්හිදී පමණක් ඊට මැදිහත් වේ. මෙම නවතම සේවාව සතු AI තාක්ෂණය හා ක්‍රියාවලිය හේතුවෙන් ඉහළ කාර්යක්ෂමතාවක් හා නිවැරදිබවක් සහතික කිරීමට හැකියාව උදා වී ඇත්තේ එහි විශ්වාසවන්ත භාවයද ඉහළ නංවමිනි. හිමිකම් ගෙවීම සඳහා බැංකු ගිණුම් ඒකාබද්ධ කිරීම තුළින් හිමිකම් ක්‍රියාවලිය අවසානයේ හිමිකම් මුදල පහසුවෙන් තමන්ගේ බැංකු ගිණුමට බැර කර ගැනීමට CEFTS සේවාවද මෙහිදී පාරිභෝගිකයින් වෙත සුවිසල් ශක්තියක් ලබා දෙයි.

 

ගෙවීම් ලබා ගැනීම සඳහා InstaClaim යෙදුම හරහා ඉදිරිපත් කරන හිමිකම් AI ක්‍රියාවලිය තුළින් ඊට අදාළ බෙහෙත් වට්ටෝරු හා ෆාමසි බිල්පත් වැනි ලේඛන සුපරීක්ෂාකාරී ලෙස පරීක්ෂා කර බලා ඒවායෙහි නිරවද්‍යතාව තහවුරු කරනු ලබයි. මීට AI සඳහා යොදා ගනු ලබන උසස් තාක්ෂණයක් වන මයික්‍රොසොෆ්ට් Azure OpenAI තාක්ෂණය භාවිත කිරීමට ඔවුන් කටයුතු කර ඇත්තේ හිමිකම් පිළිබඳ විශ්වනීය බව හා ආරක්ෂාව තහවුරු කරමිනි. ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත AI හැකියාවෙන් යුත් Azure OpenAI තාක්ෂණය තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට හා ස්වයංක්‍රීයව කාර්යයන් සිදු කිරීමට ඉහළ මට්ටමේ සුවිසල් භාෂා ආකෘතීන් භාවිත කරනු ලබයි.

 

මෙම ක්‍රියාවලිය යටතේ සියලු තහවුරු කිරීම් හා නිර්දේශයන් සම්පූර්ණ කිරීමෙන් පසු රොබොටික් (Robotic) ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය හරහා හිමිකම් ගෙවීමට CEFTS වෙත ඉදිරිපත් කරනු ලබන අතර තම බැංකු ගිණුම හරහා ඔප්පු හිමියාට හිමිකම් ලබා ගැනීමේ හැකියාව උදා වෙයි. නව්‍ය තාක්ෂණයේ මෙම සුවිශේෂී සේවාව තුළින් මනාව පිළිබිඹු වන්නේ කාර්යක්ෂම, විශ්වසනීය හා සුවපහසු සේවාවක් සිය පාරිභෝගිකයා වෙත ලබා දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සතු කැපවීමයි.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා “සුවිසල් ගමනක ඇරඹුමක් සනිටුහන් කරමින් නවතම AI තාක්ෂණය සමඟ එක් වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. නිරන්තරයෙන් නව්‍යකරණය හඹා යන අපගේ ව්‍යාපාරය තුළ AI තාක්ෂණය තුළින් බොහෝ පරිවර්තනයන් සිදු කිරීමට හැකි බව අප හඳුනාගෙන තිබෙනවා. එහි එක් පියවරක් ලෙස හිමිකම් ගෙවීමේ ක්‍රියාවලිය සුවිසල් පරිවර්තනයකට ලක් කරමින් මිලියන 1.3ක අපගේ ජීවිත රක්ෂණ හිමිකරුවන් සඳහා උසස් තත්වයේ සේවාවක් ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා. එපමණක් නොව උසස් තාක්ෂණය භාවිත කරමින් රක්ෂණ ඔප්පුවක් මිලදී ගැනීම, ප්‍රතිරක්ෂණය, සේවා සැපයීම වැනි සෑම ජීවිත රක්ෂණ අංශයක්ම වැඩි දියුණු කිරීම සඳහා අපි කටයුතු කරනවා. රක්ෂණ ක්ෂේත්‍රය තුළ තව දුරටත් පුරෝගාමීන් බවට පත් වෙමින් අපගේ පාරිභෝගිකියන් වෙත අසමසම වටිනාකමක් ලබා දීම වෙනුවෙන් අපගේ කැපවීම මේ තුළින් අවධාරණය කරන බව සඳහන් කළ යුතුයි.” යනුවෙන් පැවසීය.

 

ඉදිරි කාලය තුළ සොෆ්ට්ලොජික් ලයිෆ් හි මිලියන 1.3ක් වන සියලු ජීවිත රක්ෂණ හිමිකම් මෙම AI ක්‍රියාවලිය සමඟින් නව්‍යකරණය කිරීමට බලාපොරොත්තු වන අතර සොෆ්ට්ලොජික් ලයිෆ් පාරිභෝගික සේවාව නව ප්‍රමිතියක් සකස් කිරීමට කටයුතු කර ඇත්තේ ජීවිත හා සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ තාක්ෂණය මත පදනම් වූ විශ්වසනීය ප්‍රමුඛයකු ලෙස සිය විශිෂ්ටත්වය තව දුරටත් තහවුරු කරමිනි.

 

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සී හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයෙකු වන Leapfrog Investments සිටී. එම සමාගම ඩොලර් බිලියන 2 කට වඩා අරමුදල් කළමනාකරණය කරන අතර ලෝකයේ වඩාත්ම කීර්තිමත් ආයෝජන සංවිධාන ඇතුළත් ආකර්ෂණීය ආයෝජක පදනමක් ඇත.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...