හාපික් ”සුව ජන මෙහෙයුම” හරහා බාලිකා පාසැල් වල පවිත‍්‍රතාවය ඉහල නැංවීම පිළිබද වැඩසටහන් මාලාවක් දියත් කරයි

Share

Share

Share

Share

බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් සඳහා නිසි වැසිකිලි පවිත‍්‍රතා පිළිවෙත් සහ පුද්ගලික සෞඛ්‍ය පුරුදු වල වැදගත්කම පිළිබද දැනුවත් කිරීමේ අරමුණින්” ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැසිකිලි පවිත‍්‍රතා සන්නාමය වන ”හාර්පික්” අධ්‍යාපන අමාත්‍යාංශය සහ බස්නාහිර පළාතේ බාලිකා පාසල් සමග එක්ව ”සුව ජන මෙහෙයුම” නමින් සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කරන ලදි‘
2023 මාර්තු 8 වන දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2023 මාර්තු 7 වන දින අඹතලේ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේදී මෙහි පළමු වැඩසටහන පැවැත්විණි.
”හාපික් සුව ජන මෙහෙයුම යනු දශකයකට ආසන්න කාලයක් තිස්සේ සිදුකරනු ලබන කැපී පෙනෙන සමාජ සත්කාරයක් වන අතර, අප රට පුරා නිරන්තරව නිසි පවිත‍්‍රතා ප‍්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා අප ක‍්‍රියාශීලීව පෙනී සිටිනවා.” යනුවෙ Reckitt Lanka Ltd හි කාණ්ඩ කළමනාකරු දේවින්දි හේවාබන්දුල මහත්මිය සඳහන් කළාය.
යහපත් පවිත‍්‍රතා පුරුදු සහ විධිමත් පුද්ගලික සෞඛ්‍ය පුරුදු වලට හුරුවීම පිළිබද පාසැල් දැරියන් දැනුවත් කිරීම වැඩසටහන් සහ දේශන මාලාවක් මෙම ව්‍යාපෘතිය ඔස්සේ අප සංවිධානය කර තිබෙනවාගජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙවර වැඩසටහන දියත් කරනු ලබන අතර පාසැල් ශිෂ්‍යාවන් සදහා පුද්ගල සෞඛ්‍ය සහ නිසි පවිතත‍්‍රතාවය පිළිබද දැනුම ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම අපගේ අරමුණයි.” යනුවෙන් ඇය වැඩිදුරටත් අදහස් දැක්වූවාය.
නිසි ප‍්‍රමිතීන් පවත්වා ගනිමින් වැසිකිළි පිරිසිදු කිරීම සහ විෂබීජහරණය කිරීම පිළිබඳ දැනුවත් කිරීම් මෙම වැඩසටහන සදහා ඇතුළත් වූ අතර, ඉන් අනතුරුව මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශක ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසින් අපිරිසිදු වැසිකිළි භාවිතය සහ සෞඛ්‍ය පිළිබද නිසි අවධානයක් යොමු නොකිරීම නිසා පාසැල් ශිෂ්‍යාවන්ට ඇතිවිය හැකි අහිතකර බලපෑම් සහ අවදානම් පිළිබඳව දේශනයක් පවත්වන ලදී.
විධිමත් ප‍්‍රමිතීන්ට අනුව වැසිකිලි පවිත‍්‍රතාවය පවත්වාගෙන යාමේ වැදගත්කම අවබෝධ කරගත් සන්නාමයක් ලෙස, හාර්පික් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩසටහන් මාලාව සාර්ථකව ක‍්‍රියාත්මක කරමින් සිටියි.
සුව ජන මෙහෙයුම යනු හාර්පික් හි ප‍්‍රමුඛතම සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන අතර සමාජීය, පාරිසරික සහ මූල්‍යමය වශයෙන් වගකීම් සහිත සන්නාමයක් ලෙස සමාජය දැනුවත් කරමින් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවන අත්දැකීමක් ලබාදීමට එය නිරන්තරයෙන් කැප වී සිටියි .
හාපික් යනුල වැසිකිලි පවිත‍්‍රතා ඇතුළු ගෘහස්ත පිරිසිදු කිරීම්, සෞඛ්‍යය, සනීපාරක්ෂාව සහ පෝෂණ නිෂ්පාදන නිෂ්පාදනය සහ බෙදා හැරීමේ නිරත වන Reckitt Lanka Ltd හි ප‍්‍රමුඛතම වැසිකිලි පවිත‍්‍රතා සන්නාමයකිග එක්සත් රාජධානියේ Slough ය හි මූලස්ථානය පිහිටා ඇති Reckitt සමූහය යුරෝපය, උතුරු ඇමරිකාව, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින වෙළඳපලවල ක‍්‍රියාත්මක වන අතර ලොව පුරා පුද්ගලයින් 41,000 කට අධික සංඛ්‍යාවක් සේවය කරනු ලබයි. Dettol” Mortein සහ Lysol වැනි සුප‍්‍රසිද්ධ නිෂ්පාදන රැසක් Reckitt සමූහය විසින් වෙළදපලට නිකුත් කරනු ලබයි.

Evolution Auto இலங்கையில் AVATR 07...
New Media Solutions Pvt Ltd...
HNB FINANCE, Toyota Lanka forge...
Sri Lanka’s terror law could...
Sri Lanka’s No.1 NEV Brand...
JAAF welcomes PUCSL’s call for...
Connect to Care brings global...
Sunshine Healthcare expands into digital...
JAAF welcomes PUCSL’s call for...
Connect to Care brings global...
Sunshine Healthcare expands into digital...
Guardrails, Not Walls: What Teen...