ෆරියිහා සුභානි CTC හි කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට

Share

Share

Share

Share

ලංකා දුම්කොළ සමාගම (CTC) හි නව කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ෆරියිහා සුභානි මහත්මිය පසුගිය අප්‍රේල් 15 වනදා සිට ධුරයේ වැඩ ඇරඹීය.

2021 වසරේ දෙසැම්බර් මස එම ධූරයට පත්වූ මොනිෂා අභ්‍රහම්ගේ ඉවත්ව යාමත් සමග ෆරියිහා මහත්මිය මෙලෙස නායකත්වය භාරගන්නා ලදී. CTC හා සම්බන්ධ වීමට පෙර, ඇය ප්‍රමුඛ පෙළේ පුද්ගලික කොටස් ආහාර සමාගමක් වන අප්ෆීල්ඩ් පුද්ගලික සමාගමේ සහ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපවල ද කළමනාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කර තිබේ. ෆරියිහා මහත්මිය යුනිලීවර් පීඑල්සී තුල වසර 28ක් සේවය කර ඇති අතර එහිදී මට්ටම් කිහිපයකටම අදාළව විවිධ ජ්‍යෙෂ්ඨ නායකත්ව භූමිකාවන් සහ විවිධ FMCG කාණ්ඩ ගණනාවක් පුරා කටයුතු කළාය.

2002 දී, ඇය යුනිලීවර් ආයතනය සමඟ පැවති ජාත්‍යන්තර පැවරුමක් සඳහා තායිලන්තයට ගොස් ඇති අතර එහිදී ඇය හෝම්කෙයාර් හරහා ගෝලීය සහ කලාපීය සන්නාම සඳහා වගකීම් කටයුතු කරන ලදී. ඇය වසර තුනකට වැඩි කාලයක් ව්‍යාපාරය සාර්ථකව මෙහෙය වූ අතර පසුව 2006 දී නැවත පාකිස්තානයට ගොස් යුනිලීවර් පාකිස්තාන් ෆුඩ්ස් ලිමිටඩ්

(UPFL) ව්‍යාපාරයට මූලිකත්වය ලබාදී නැවත 2009 දී යූපීඑෆ්එල් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිනිය බවට ද පත්විය. එලෙසම, අයිස්ක්‍රීම් සහ තේ වර්ග ඇතුළත් ආහාර අංශයේ අධ්‍යක්ෂකවරිය ලෙසටද තේරී පත්වීමට ෆරියිහා මහත්මියට හැකියාව ලැබී ඇත.

සංවිධානය තුළ විශිෂ්ට සංස්කෘතියක් ස්ථාපිත කිරීමට සහ ව්‍යාපාරයට ලාභදායී වර්ධනයක් ලබා දීමට ඇය උදව් කළාය. දකුණු සහ මධ්‍යම ආසියාවේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස ඇය පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව පුරා අප්ෆිල්ඩ් පුද්ගලික සමාගම සමඟ නව ව්‍යාපාරයක් ආරම්භ කළාය. වසර පහක කාලය තුළ ලාභදායී වර්ධනයක් ලබා දෙමින් සිල්ලර හා ආහාර සේවා ව්‍යාපාරයේ ව්‍යාප්තියට නායකත්වය දීම සඳහා ලෝක මට්ටමේ කණ්ඩායමක්, තිරසාර ව්‍යාපාරික පිළිවෙත්, පද්ධති සහ මෙහෙයුම් පිහිටුවීමට ද මූලික වූවාය. සුභානි මහත්මිය විසින් කලාපය පුරා අප්ගීල්ඩ් හි ESG න්‍යාය පත්‍රය දැඩි ලෙස මෙහෙය වූවාය.

එතුමිය ඉස්ලාමාබාද්හි ක්වායිඩ්-ඊ-අසාම් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ MSc උපාධියක් සහ පාකිස්තානයේ ලාහෝර් හි කළමනාකරණ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය උපාධියක් ලබා ඇත.

 

உலகளாவிய பொழுதுபோக்கு வரைபடத்தில் கொழும்பிற்கு புதிய...
ADRA Ceylon Elevates Ceylon Tea...
First Capital, மேம்படுத்தப்பட்ட நீர்கொழும்புக் கிளை...
AI නිර්මාණයන් ගැන දැනගෙන සමාජ...
Janashakthi Life named among Sri...
ஜனசக்தி பைனான்ஸ், சிறந்த சேவையை முன்னெடுப்பதற்காக...
சிறந்த சில்லறை விற்பனையாளர்களை கௌரவிக்கும் Retailer...
Sampath Bank Enhances Care at...
ஜனசக்தி பைனான்ஸ், சிறந்த சேவையை முன்னெடுப்பதற்காக...
சிறந்த சில்லறை விற்பனையாளர்களை கௌரவிக்கும் Retailer...
Sampath Bank Enhances Care at...
Colombo Dockyard to Build Ultra-Modern...