2023 ඒෂියාමනී සම්මාන උළෙලේදී විශිෂ්ටතම SME බැංකුව ලෙස HNB ඇගයීමට ලක් වෙයි

Share

Share

Share

Share

 

අවශ්‍ය ප‍්‍රාග්ධන පහසුකම් ලබා දෙමින් බිම් මට්ටමේ ජනතාව සවිබල ගැන්වීමේ සිය ප‍්‍රමුඛ කාර්යභාරය නැවත තහවුරු කරමින් 2023 ඒෂියාමනී සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම SME බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය.

ආසියානු පැසිෆික් කලාපයේ ප‍්‍රමුඛපෙලේ බැංකුවල කැපී පෙනෙන කාර්යසාධනය ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්විණි. සම්මාන සඳහා තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය ඉතා දැඩි එකක් වූ අතර එහිදී ගනුදෙනුකරුවන්ගේ සහ තරඟකරුවන්ගේ ප‍්‍රතිචාරවලට අමතරව බැංකුවල මූල්‍ය කාර්යසාධනය සහ උපායමාර්ගික ව්‍යාපාර ආකෘති පිළිබඳව දැඩි ඇගයීම් අනුගමනය කරන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික බැංකුකරණ සමූහ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘‘SMEs යනු ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා වැදගත් අංශයක්. ඔවුන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක් සඳහා දායකත්වය ලබා දෙන අතර මෙරට සමස්ත ශ‍්‍රම බලකායෙන් 45% කට වඩා වැඩි පිරිසකට ජීවනෝපාය සලසා දෙනවා. ඔවුන්ගේ දියුණුවේ සෑම පියවරකදීම, HNB බිම් මට්ටමේ ව්‍යවසායකයින් සඳහා සක‍්‍රීයව සම්බන්ධ වී තිබෙන අතර, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ආයතන බවට වර්ධනය වීමට අපි බොහෝ දෙනෙකුට සහාය ලබා දී තිබෙනවා.’’

‘‘අඛණ්ඩ ආර්ථික අස්ථාවරත්වය හමුවේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය දියුණු කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා වන අපගේ කාර්යභාරය ඉතා වැදගත් වනවා. මෙහිදී අපගේ ප‍්‍රයත්නයන් ඇගයීමට ලක් කිරීම ගැන ඒෂියාමනී වෙත අපගේ කෘතඥතාව පළ කිරීමට කැමතියි. ඒවගේම විශේෂයෙන්ම මෙවැනි දුෂ්කර කාලවලදී SMEs හට ඒවාට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සහ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීමට කටයතු කරන අපගේ සියලූම කණ්ඩායම්වලට අප ස්තූතිවන්ත වනවා.’’ යනුවෙනි.

බිම් මට්ටමේ ව්‍යවසායන්ට සහාය වීමට බැංකුවේ ඇති කැපවීම 1888 දී HNB  ශ‍්‍රී ලංකාවේ ආරම්භ කිරීම දක්වා ඈතට දිව යයි. HNB හි කුඩා හා මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, රජීව් දිසානායක මහතා පවසන පරිදි, මෙම කුඩා ව්‍යාපාරවල ප‍්‍රගතියෙහි හවුල්කරුවෙකු ලෙස ක‍්‍රියා කිරීමේ බැංකුවේ මෙහෙවර අඛණ්ඩව පරිවර්තනය වෙමින් පවතී.

‘‘පරම්පරා ගණනාවක් පුරා SME ව්‍යවසායකයින් සමඟ අප ගොඩනගා ගත් විශේෂඥ හැකියාවන් සහ ශක්තිමත් පුද්ගලික සබඳතා සමඟින් ඩිජිටල් බැංකුකරණයේ අප අත් කර ගෙන ඇති සැලකිය යුතු ප‍්‍රගතිය තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනයේ සුවිශේෂී වෙනසක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. COVID-19 වසංගතය අතරතුර, අපගේ ප‍්‍රධාන අවධානය යොමු වූයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඔවුන් දෛනික මෙහෙයුම්වලදී මුහුණ දෙන අභියෝග ජය ගැනීමට උපකාර කිරීම සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබා දීමටයි.’’ යනුවෙන් දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...