2023 වසරේ දෙවන කාර්තුව සඳහා TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Share

Share

Share

Share

TikTok 2023 අපේ‍්‍රල් සිට ජූනි දක්වා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එමගින් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට සහ වේදිකාවේ ආරක්ෂාව සහතික කිරීමට TikTok දරණ උත්සහය පෙන්නුම් කරයි. මෙම කාල පරිච්ෙඡ්දය තුළ, ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි වීඩියෝ මිලියන 106,476,032 කට වඩා ඉවත් කර ඇත. එය TikTok හි සියලූම වීඩියෝ වලින් 0.7% ක් පමණ වේ. මෙයින් වීඩියෝ 66,440,775 ක් ස්වයංක‍්‍රීය පද්ධති හරහා ඉවත් කර ඇති අතර, සමාලෝචනයෙන් පසු වීඩියෝ 6,750,002 ක් නැවත ඇතුලත් කර ඇත. ප‍්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම්වලට විසඳුම් සෙවීමට අමතරව, TikTok ස්වයංක‍්‍රී spam accounts නිර්මාණය කිරීම වැලැක්වීමට පියවර ගනිමින් spam accounts සහ associated content කල්තියා ඉලක්ක කළේය.

TikTok තරුණ පරිශීලකයින් ආරක්ෂිතව තබා ගැනීම සඳහා වයස අවුරුදු 13 ට අඩු පරිශීලකයින්ට අයත් යැයි හැෙඟන ගිණුම් මිලියන 19 කට ආසන්න ප‍්‍රමාණයක් ඉවත් කර ඇත. ඔවුන් තම පරිශීලක ප‍්‍රජාව සඳහා ආරක්ෂිත සහ විශ්වාසනීය පරිසරයක් පවත්වා ගැනීමට කැපවී සිටිති.

TikTok හි මාර්ගෝපදේශ මාලාව භාවිතා කරන සෑම කෙනෙකුටම ආරක්ෂිත, සාධාරණ සහ අව්‍යාජ අත්දැකීමක් නිර්මාණය කිරීමට අදහස් කරයි. මෙම මාර්ගෝපදේශ මාලාව සියලූම පරිශීලකයින්ට සහ සියලූ වර්ගවල අන්තර්ගත සඳහා අදාළ වන අතර, ඔවුන් ඒවා අඛණ්ඩව සහ සාධාරණව ක‍්‍රියාත්මක කරන බවට වග බලා ගැනීම TikTok කටයුතු කරයි.

මෙම මාර්ගෝපදේශ මාලාව කඩ කරන අන්තර්ගතයන් සොයා ගැනීමට TikTok උසස් තාක්ෂණය සහ සේවා කණ්ඩායමක් යොදා ගනියි. ඔවුන් සෑම කාර්තුවකටම වාර්තාවක් ඉදිරිපත් කරන අතර එමඟින් ඔවුන් ඉවත් කර ඇති අන්තර්ගතයන් සහ ගිණුම් පිළිබඳ විස්තර ලබා දෙයි. TikTok හි Transparency Center වෙබ් අඩවියෙන් ඔබට සම්පූර්ණ 2023 Q2 වාර්තාව ඉංග‍්‍රීසි භාෂාවෙන් ලබාගත හැකිය. ඔබට TikTok හි අන්තර්ගත මාර්ගෝපදේශ, මෙවලම් සහ ප‍්‍රතිපත්ති ගැන තව දැන ගැනීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ ප‍්‍රජා මාර්ගෝපදේශ පරීක්ෂා කරන්න.

 

99x Strengthens AI Capabilities Through...
Huawei Recognized as a Leader...
මැටි පෝරණුවෙන් සැකසෙන රසවත් ආහාරයෙන්...
Huawei හි E-band Microwave RTN...
Huawei-இன் E-band Microwave RTN 3800...
பெருந்தோட்ட உற்பத்தித்திறனை மேம்படுத்த தொழில்நுட்பத்தை கையில்...
Coca-Coal-வின் ஆதரவுடன் நீர்மின்சாரத்தில் இயங்கும் இலங்கையின்...
இலங்கையின் சிறந்த வீட்டு உபயோக வர்த்தக...
பெருந்தோட்ட உற்பத்தித்திறனை மேம்படுத்த தொழில்நுட்பத்தை கையில்...
Coca-Coal-வின் ஆதரவுடன் நீர்மின்சாரத்தில் இயங்கும் இலங்கையின்...
இலங்கையின் சிறந்த வீட்டு உபயோக வர்த்தக...
இலங்கை மற்றும் ஆஸ்திரேலியா இடையே தனது...