2023 තිරසර වාර්තාකරණය සඳහා වූ ACCA සම්මාන උළෙලේ දී HNB ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස සම්මානයට පාත‍්‍ර වෙයි

Share

Share

Share

Share

• 2022 වාර්ෂික වාර්තාව සඳහා බැංකු අංශයේ ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස පිළිගැනීමට ලක්වෙයි

• තිරසාර බැංකු භාවිතයන් සමඟින් බැංකු ක්ෂේත‍්‍රයේ පෙරමුණ ගනී

• විනිවිදභාවය සහ වගවීම සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කළ ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී තිරසාර වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා බැංකු අංශයේ ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස සම්මානයට පාත‍්‍ර විය.

විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය, වගවීම සහ වගකීම් සහගත තිරසාර භාවිතයන් සඳහා වූ කැපවීම වෙනුවෙන් HNB හිි ‘Built for Resilience’ යන 2022 වාර්ෂික වාර්තාව මෙහිදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ‘‘ACCA සම්මාන උළෙලේදී ලබා ගත් මෙම පිළිගැනීම තුළින් පාරිසරික, සමාජීය සහ පාලන භාවිතයන්හි ඉහළම ප‍්‍රමිතීන් අභිබවා යාමට ඇති අපගේ කැපවීම අවධාරණය කරනවා. අපගේ තිරසාර වාර්තාකරණ ප‍්‍රයත්නයන් සඳහා ACCA වෙතින් පිළිගැනීමට ලක්වීම පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වන අතර තිරසාර බැංකුකරණ භාවිතයන්වල ප‍්‍රමුඛයා ලෙස අපගේ ස්ථාවරය පවත්වා ගැනීමට අපව තව තවත් ශක්තිමත් කරනවා.’’ යනුවෙනි.

ජාත්‍යන්තර වාර්තාකරණ රාමුව සහ ගෝලීය වාර්තාකරණ මුලපිරීම (GRI) අනුගමනය කරන HNB හි වාර්ෂික වාර්තාව බැංකුවේ සමාජීය සහ පාරිසරික බලපෑම් පිළිබඳ පරිපූර්ණ මතයක් ඉදිරිපත් කරයි. තිරසාර සංවර්ධනය සහ වගකිව යුතු බැංකුකරණය HNB හි ආයතනික න්‍යාය පත‍්‍රය සහ මෙහෙයුම්වලට ඒකාබද්ධ කිරීම සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම ද මින් මනාව පෙන්නුම් කෙරේ.

අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන්හට ව්‍යාපාරයේ ආර්ථික, පාරිසරික හා සමාජීය බලපෑම් පැහැදිලිව ඒත්තු ගැන්වෙන ආකාරයෙන් ඉදිරිපත් කර ඇති වාර්ෂික වාර්තා මෙම ACCA වාර්ෂික තිරසර වාර්තාකරණ සම්මාන මගින් පිළිගැනීමට ලක් වේ. තවද, එම වාර්තා තුළින් තිරසාර සංවර්ධනයේ පරමාර්ථ කරා යාමට පිහිටුවාගන්නා ලද ව්‍යාපාර ප‍්‍රතිපත්ති, ඉලක්ක සහ දීර්ඝකාලීන අරමුණු ද නිරූපණය කළ යුතුයි.

ACCA හි ආයතනික සන්දර්භය අවබෝධ කර ගැනීම, පාරිසරික බලපෑම් ගෙනහැර දැක්වීම සහ පාරිසරික ප‍්‍රතිපත්ති සඳහා කැපවීම ප‍්‍රදර්ශනය කිරීම යන ACCA හි නිර්ණායක සපුරාලීම වෙනුවෙන් HNB මෙසේ පිළිගැනීමට ලක් විය.

දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254කින් හා ස්වයං සේවා යන්ත‍්‍ර 800කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත HNB තාක්ෂණික වශයෙන් වඩාත් ශක්තිමත් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවකි. නිරන්තරයෙන් ආයතනික තිරසාරබව, යහපාලන හා විශිෂ්ටත්වය තුළින් සිය අභිමානය තහවුරු කිරීමට සමත්ව ඇති HNB, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙතින් 2022 වසරේ හොඳම ආයතනික පුරවැසියා (Best Corporate Citizen) ලෙස අභිසෙස් ලැබීය. තවද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 14 වැනි වරටත් HNB ගෝලීය වශයෙන් ඇගයීමට ලක් කර තිබේ.

මීට අමතරව එක්සත් රාජධානියේ ‘බෑන්කර්’ සඟරාව විසින් 2022 වසරේදී අඛණ්ඩව 6 වැනි වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB ශ්‍රේණිගත කරන ලද අතර 2024 Euromoney Trade Finance Survey හි වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ ‘වෙළෙඳපොල ප‍්‍රමුඛයා’ සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා ලෙස 5 වන වසරටත් HNB සම්මානයට පාත‍්‍ර විය.

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...