2024 වාර්ෂික අලෙවි සම්මේලනයේදී විශිෂ්ටත්වයේ නව යුගයකට පිවිසෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, විශිෂ්ටත්වයේ නව යුගයකට පා තැබූ අතර, 2024 අප්‍රේල් 05 වැනි දින කොළඹ Shangri-La හෝටලයේ දී 650 කට අධික කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ අලෙවි නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සිය වාර්ෂික අලෙවි සම්මේලනයේදී අලෙවි අංශයෙන් විශිෂ්ට සාධනයක් පෙන්වූ සමර්ථයන්ගේ ජයග්‍රහණ සමරනු ලැබීය. ‘’A New Era of Greatness” යන තේමාව යටතේ සංවිධානයකර තිබූ මෙම උළෙල ඒජන්සි චැනල් (Agency Channel), ඕල්ටනේට් චැනල් (Alternate Channel) සහ මයික්‍රෝ චැනල් (Micro Channel) යන අංශ යටතේ 2023 හි ඉහළම කාර්ය සාධනයක් පෙන්වූවන්ගේ සුවිශේෂී ජයග්‍රහණ හඳුනා ගැනීමට සහ සැමරීමට වේදිකාවක් විය.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි සාර්ථකත්වය වෙනුවෙන් එහි හදවත බඳුවූ සුවිශේෂී විකුණුම් බලකායේ කැපවීම සහ උත්සහය හමුවේ සමාගම වසරින් වසර ඉහළම තලයට ඔසවා තබා ඇති අතර, ඒ අනුව මෙම 2023 වසරේ එවැනි විශිෂ්ට ජයග්‍රහණ සැමරීම මෙම උළෙලේ මුඛ්‍ය පරමාර්ථය විය. ඒ අනුව අභියෝග සහිත කාලවලදී ගනුදෙනුකරුවන් වෙනුවෙන් කැපව සේවය කිරීම මෙන්ම ව්‍යාපාරවල නව වර්ධනයක් සඳහා ඉවහල් වන දැඩි කැපවීමක් පෙන්නුම් කළ විශිෂ්ටයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී ගෞරවනීය සම්මානයට පාත්‍ර විය.

මෙම ඉහළ කාර්ය සාධනය කරන්නන්ගේ කැපී පෙනෙන උත්සාහයන් අභියෝගාත්මක ආර්ථික පරිසරයක් මධ්‍යයේ සොෆ්ට්ලොජික් ලයිෆ් හි ඔරොත්තු දීම් සහ අනුවර්තනය වීම් සඳහා දැවැන්ත ආලෝකයක් විය. 2023 වසරේදී සමාගමේ දළ දේශීය ආදායම (GWP) රුපියල් බිලියන 26.3ක් වන අතර එය 14% ක ඉහළ පෙළේ වර්ධනයකි. සෞඛ්‍ය රක්‍ෂණ වෙළෙඳපොළෙන් 35%ක කොටසක් හිමිකර ගනිමින්, මිලියන 1.3 කට අධික ජීවිත ආරක්‍ෂා කරමින්, සෞඛ්‍ය රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස සමාගම අඛණ්ඩව කටයුතු කළේය. බිලියන 13.5 ක හිමිකම් සහ ප්‍රතිලාභ එහි රක්‍ෂිත හිමියන්ට ලබා දී ඇති අතර, එහි සමස්ත වෙළඳපල කොටස් 17.2% දක්වා වර්ධනය කර වෙළඳපොලේ දෙවන විශාලතම ජීවිත රක්‍ෂකයා ලෙස ස්ථානගත වීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්විය.

සමුළුව අමතමින් සොෆ්ට්ලොජික් ලයිෆ් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඉන්දු ආටිගල මහතා ජයග්‍රාහකයින්ට සුබපැතීය. “වෙළඳපොල අභියෝග රැසක් මධ්‍යයේ වුවද වසරින් වසර අපගේ අලෙවි කණ්ඩායම්වල සාර්ථකත්වය වැඩිදියුණු වීම සතුටට කරුණකි. අපගේ විශ්වාසවන්ත විකුණුම් බලකායේ කැපවීම සමරන අතරතුර, අභියෝගවලට සූදානම් වෙමින් අනාගත උපාය මාර්ග වෙත යොමුවීමට මෙම වාර්ෂික විකුණුම් සමුළුව ඉතා වැදගත් වේදිකාවකි. වඩාත් කැපී පෙනෙන දෙය නම් සොෆ්ට්ලොජික් ලයිෆ් වසරින් වසර MDRT නිර්දේශය සඳහා සුදුසුකම් ලබන සංඛ්‍යාව වැඩි කර ගැනීමවන බවත් එය රක්ෂණ උපදේශකයෙකුට ලබාගත හැකි ඉහළම ගෝලීය පිළිගැනීම වන අතර විකුණුම් බලකාය තුළ ඔවුන් පවත්වාගෙන යන උසස් ප්‍රමිතීන් පිළිබඳ වැදගත් සාක්ෂියක් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. එසේම, MDRT සාමාජික සංඛ්‍යාව 263 දක්වා වර්ධනය කරමින්, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වැඩිම MDRT සුදුසුකම් සංඛ්‍යාව සනිටුහන් කිරීමට සමත් වූ බවද ඒ මහතා තවදුරටත් පැවසීය. සොෆ්ට්ලොජික් ලයිෆ් ඉදිරි ගමනේ සාර්ථකත්වය පිටුපස ගාමක බලවේගය තම කණ්ඩායමේ විශිෂ්ට කැපවීම බවද එහිදී නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීතුමන් කියා සිටියේය.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි සාර්ථකත්වය ප්‍රධාන වශයෙන් ගොඩනැගී ඇත්තේ විවිධත්වයෙන් යුත් විකුණුම් ශිල්පීය ක්‍රම සහ නිෂ්පාදන අවශ්‍යතා හරහා වෙළඳපොලේ විවිධ අංශ වෙනුවෙන් සැලසුම් කරන ලද එකකට එකක් වෙනස් වූ අංශ කිහිපයක උපාය මාර්ගයන් මතය. ආදායම වෙත සිදුකරන දායකත්වයේ බහුතර කොටස ඒජන්සි චැනල් (Agency Channel), අංශය සපුරාලන අතර නව අංශවන ඕල්ටනේට් චැනල් (Alternate Channel) සහ මයික්‍රෝ චැනල් (Micro Channel) අංශය ද 2023 දී සමස්ත ව්‍යාපාරයට 33% ක දායකත්වයක් ලබා දීමට උපකාරී වී ඇත.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි ආයතනික අංශයේ ප්‍රධාන බෙදාහැරීමේ නිලධාරී පියුමාල් වික්‍රමසිංහ මහතා මේ පිලිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ තම කණ්ඩායම පසුගිය වසරේ 17% ක කැපී පෙනෙන වර්ධන වේගයක් අත්කරගත බවයි. නිශ්චිත පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන ඒවාට ගැලපෙන ලෙස වැඩිදියුණුකල නව විසඳුම් ලබා දීමට කණ්ඩායම තුළ වූ කැපවීම, අභියෝගාත්මක කාලවලදී පවා ආයතනයක් තිරසාර ලෙස වර්ධනය විය හැකි ආකාරය පිළිබිඹු කෙරෙන කදිම සාක්ෂියකි. “එහි ප්‍රතිඵලයක් ලෙස, අද අපි බොහෝ උපායමාර්ගික හවුල්කරුවන්, ආයතනික ගනුදෙනුකරුවන්, රක්ෂණ තැරැව්කරුවන් සහ අනෙකුත් ප්‍රබල පාර්ශවයන් අතර වඩාත්ම විශ්වාසදායක රක්‍ෂණකරු බවට පත්ව සිටින්නෙමු” යනුවෙන් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප්‍රධාන ආයතනික සේවා නිලධාරී/මයික්‍රෝ ඉන්ෂුවරන්ස් චැනල් අංශ ප්‍රධානී තිලංක කිරිපෝරුව මහතා මෙම විශේෂ අවස්ථාව සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වන ලදී. “මූල්‍ය සුරක්‍ෂිතතාව ඉතා වැදගත් වූ යුගයක ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත අංශ සඳහා ජීවිත රක්‍ෂණ ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් ක්ෂුද්‍ර අංශය 15% කින් වර්ධනය වී ඇත. ක්ෂුද්‍ර රක්ෂණ අංශයේ අපගේ ඉහළම විකුණුම් කාර්ය සාධනය බොහෝ විට, රක්‍ෂණ ආරක්ෂාව සැපයීම සඳහා රටේ ග්‍රාමීය ප්‍රදේශවල ගැඹුරින් ගවේෂණය නොකළ මාර්ගවලට පිවිසීමෙන් මෙම ගනුදෙනුකරුවන් සඳහා දැඩි කැපවීමක් පෙන්නුම් කර තිබේ. එය සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ගෙනයාමට සොෆ්ට්ලොජික් ලයිෆ් හි කැපවීම පෙන්වන මනා නිදසුනකි. අපගේ සෑම අංශයකටම නිශ්චිතව පවරා ඇති කාර්යභාරයක් පවතින අතර ඉන් අපගේ බෙදාහැරීමේ ආකෘතිය, වෙළඳපොල තුළ අද්විතීය හා අසමසමවූ ආකෘතියක් බවට පත්කර ඇත.”

සමුළුව අතරතුර, සියලු‍ම අංශවල ජයග්‍රාහකයින් විවිධ කාණ්ඩ යටතේ ඇගයීමට ලක් කරන ලද අතර ජයග්‍රාහකයින්, ඒජන්සි චැනල් වෙනුවෙන් 103 දෙනෙක් ද, ඕල්ටනේට් චැනල් අංශයෙන් 36 ක් සහ මයික්‍රෝ චැනල් අංශයෙන් 5 දෙනෙක් වෙත උපහාර පිරිනැමිණි. සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් 2023 වසර සඳහා MDRT ජයග්‍රාහකයින් 263 දෙනෙකුට උපහාර පිරිනැමූ අතර එහිදී ඒජන්සි චැනල් (Agency Channel) අංශයෙන් 232 ක්, ඕල්ටනේට් චැනල් (Alternate Channel) අංශයෙන් 27 ක් සහ මයික්‍රෝ චැනල් (Micro Channel) අංශයෙන් සිව් දෙනෙක්ද වුහ.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සී හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයෙකු වන Leapfrog Investments සිටී. එම සමාගම ඩොලර් බිලියන 2 කට වඩා අරමුදල් කළමනාකරණය කරන අතර ලෝකයේ වඩාත්ම කීර්තිමත් ආයෝජන සංවිධාන ඇතුළත් ආකර්ෂණීය ආයෝජක පදනමක් ඇත.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...