2025 ඩාන්සින් ස්ටාර් තරඟාවලිය වෙනුවෙන් TikTok, සිරස ටී.වී සමඟ එක් වෙයි

Share

Share

Share

Share

වසර කිහිපයක් පුරා මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනා ගත් සිරස ඩාන්සින් ස්ටාර් 2025 වසරේදී නැවත ආරම්භ කිරීමට ප්‍රේක්ෂක විනෝදාස්වාදයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන සිරස ටී.වී කටයුතු කර ඇත. එහි නිල විනෝදාස්වාද සහකරු ලෙස TikTok සිරස ටී.වී සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන ලදී.

දේශීය මාධ්‍ය ජාලයක් සමඟ TikTok අත්වැල් බැඳගත් ප්‍රථම අවස්ථාව වන මෙය මෙරට විනෝදාස්වාද මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ TikTok හි දකුණු ආසියානු අන්තර්ගත මෙහෙයුම් ප්‍රධානී Umais Naveed මහතා සඳහන් කර සිටියේ “2025 සිරස ඩාන්සින් ස්ටාර්හි නිල විනෝදාස්වාද සහකරු ලෙස එක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ඩාන්සින් ස්ටාර්හි නිර්මාණශීලීත්වය, ස්වයං නිර්මාණ සහ දේශීය හැකියාවන් TikTok සඳහාද ඉතා විශේෂයි. ඒ නිසාම ශ්‍රී ලාංකේය දක්ෂයින්ගේ සුවිශේෂී නර්තන හැකියාවන් ලෝකය වෙත ගෙන යාමට මෙම සබඳතාව තුළින් අවස්ථාව උදා වනවා. 2025 සිරස ඩාන්සින් ස්ටාර් පවත්වනු ලබන කාලය තුළ ප්‍රේක්ෂයින් වෙත අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින් නිර්මාණ ශිල්පීන්ගේ හැකියාවන් දැක බලා ගැනීමේ අවස්ථාව සියලු දෙනා වෙත උදා කර දීමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා “සිරස ටී.වී සහ TikTok සමඟ වන මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලාංකේය විනෝදාස්වාද ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනවා. සෑම විටම ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ සැඟවුණු හැකියාවන් විදහා දැක්වීම වෙනුවෙන් ජාතික වේදිකාවන් ලබා දීමට කටයුතු කළ සිරස ඩාන්සින් ස්ටාර් TikTok සමඟ එක්ව ගෝලීය වේදිකාවක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. දේශීය විනෝදාස්වාදයේ හෙට දවස සහ නව පරපුරේ නිර්මාණකරුවන් බලගැන්වීම වෙනුවෙන් මඟ පෙන්වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙන් පැවසීය.

සිරස ඩාන්සින් ස්ටාර්හි නැවත ආගමනය හා TikTok හි සුවිශේෂී දායකත්වය සහ නව්‍ය අන්තර්ගතය තුළින් දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විනෝදාස්වාද නාලිකාව ලෙස සිරස ටී.වී. අත්පත් කරගෙන සිටි විශිෂ්ටත්වය තව දුරටත් ඉදිරියට ගෙන යාමට සුවිසල් හේතුවක් වනු නොඅනුමානය. එසේම තරඟකරුවන්ට හා ප්‍රේක්ෂකයින්ට මෙම සහයෝගීතාව හරහා ආකර්ෂණීය නව්‍ය ආකෘති, තිරය පිටුපස සිදුවීම් මෙන්ම දේශීය හැකියාවන් ලොව සියලු දෙනාට දැක ගත හැකි වේදිකාවක් මතට ගෙන ඒමටද හැකියාව උදා වේ.

Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...
දේශගුණික විපත් දරිද්‍රතාව සහ රට...
Bairaha Enhances Product Quality and...
SLAEA AGM reappoints Rajitha Jayasuriya...
ஏற்றுமதித் துறையில் முன்னணியில் உள்ள Joint...
Bairaha Enhances Product Quality and...
SLAEA AGM reappoints Rajitha Jayasuriya...
ஏற்றுமதித் துறையில் முன்னணியில் உள்ள Joint...
ලතින් සම්ප්‍රදායේ ආකර්ෂණය එක් කළ...