2025 ජූලි මාසයේ ඇඟලුම් ආදායම 9%කින් ඉහළට

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2025 ජූලි මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කල අතර මෙය පෙර වසරේ මෙම කාලසීමාව හා සසඳන විට 9.84%ක් විය. 2025 ජුලි අවසන් වන විට මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 455.16ක් වූ අතර මෙම අගය 2024 ජූලි මාසය අවසන් වන විට වාර්තා වූයේ ඩොලර් බිලියන 414.38ක් ලෙසටය. මෙම කාලසීමාව තුල යුරෝපයට සිදු කරනු ලැබූ (එක්සත් රාජධානිය හැර) ඇඟලුම් අපනයනයන් 26.69%කින් වර්ධනය වූ අතර අනෙකුත් වෙළෙඳපොල සඳහා සිදු කල අපනයනයන්හි වටිනාකම 24.24%කින් වර්ධනය විය. එක්සත් රාජධානිය වෙත සිදු කල ඇඟලුම් අපනයනයන්ගේ පෙර වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව 0.72%ක සුලු අගයකින් වැඩි වූ අතර ඇමරිකා ඒක්සත් ජනපදය සඳහා සිදු කල අපනයන වටිනාකම ජූලි මාසය තුල 2.7%කින් පහල වැටී ඇත.

2025 ජනවාරි සිට ජූලි දක්වා වන සමුච්චිත අපනයන ආදායම ඩොලර් මිලියන 2916.10ක් වූ අතර මෙය පෙර වසරේ අදාල කාලසීමාව සමග සැසඳීමේදී 9.09%ක් බවට පත් වී ඩොලර් මිලියන 2673.19 සිට 2916.10 දක්වා වර්ධනය විය. යුරෝපය සඳහා (එක්සත් රාජධානිය හැර) සිදු කළ අපනයනයන්ගේ ආදායම 18.2%කින් වර්ධනය වූ අතර අනෙකුත් වෙළෙඳපොල සඳහා සිදු කල අපනයනයන් 11%කින් සහ එක්සත් රාජධානිය සඳහා සිදු කල අපනයනගේ ආදායම 5.65%කින් ද ඇමරිකා ඒක්සත් ජනපදය සඳහා සිදු කල අපනයනයන්ගේ වටිනාකම 2.91%කින් වැඩි ව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ ‘2025 වසරේ ජූලි මාසයේ දී සහ පසුගිය මාස 7 තුල වර්ධනයක් පෙන්නුම් කරන අතර ආර්ථික අභීයෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් සහ පවතින් තත්වයන්ට අනුගත වෙමින් යුරෝපා වෙළෙඳපො තුල සාර්ථක වීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට හැකියාව ලැබුණා. මෙම සාර්ථකත්වය සඳහා මෙරට අපනයනකරුවන් විසින් ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවන් නිසි ලෙස වටහා ගනිමින් නිසි කාලයට ඇඟලුම් ලබා දීම සඳහා ඉහල නිෂ්පාදන වේගයක් රඳවා තබා ගැනීම, ගුණාත්මක බව පවත්වාගැනීම සහ නීති සහ ආචාර ධර්මයන්ට අනුගත වීමට දැඩි උත්සාහයක් ගනු ලබනවා. මෙම තත්වය තිරසාරව පවත්වාගෙන යෑම සඳහා වෙළෙඳ අවස්ථාවන් පුූළුල් කිරීම, මේ සඳහා සහාය වන ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීම, සහ සැපයුම් දාමයෙහි වටිනාකමක් ඒකතුකිරීම සඳහා දැඩි අවධානයක් යොමු කල යුතු වෙනවා.” යනුවෙනි.

LANKATILES Launches Sri Lanka’s First...
500 ட்ரோன்களின் கண்கவர் காட்சியுடன் பிரம்மாண்டமாகத்...
LANKATILES ශ්‍රී ලංකාවේ පළමු සූර්ය...
ඩ්‍රෝන 500ක ආකර්ෂණීය සංදර්ශනයක් සමඟින්...
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ...
UN Global Compact Network Sri...
Sophos Named a Champion in...
Sophos, 2026 වසරේ Omdia Cybersecurity...
UN Global Compact Network Sri...
Sophos Named a Champion in...
Sophos, 2026 වසරේ Omdia Cybersecurity...
LANKATILES இலங்கையின் முதல் Solar Reflective...