2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

Share

Share

Share

Share

2025 ICC කාන්තා ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා වන කොකා-කෝලා, කොළඹදී පැවැත්වෙන තරග අතරතුර එහි ‘’නැවත ජීවය දෙමු’’ (Give Back Life) යන ප්‍රධාන වැඩසටහන හරහා තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට සහ ජනතාවගේ සහභාගීත්වය දිරිමත් කිරීමට කැපවී සිටී- 2035 වසර සඳහා සමාගමේ පාරිසරික ඉලක්කවලට අනුකූලව, තමන් අලෙවි කරන සෑම බෝතලයක්ම සහ කෑන් එකක්ම එකතු කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් “අපද්‍රව්‍යවලින් තොර ලෝකයක්” නිර්මාණය කිරීමේ කොකා-කෝලා හි දැක්මට මෙම වැඩසටහන සහාය වෙයි.

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සහ Neptune Recyclers එක්ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය වටා PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කර ඇත. එහි තරග පැවැත්වෙන දිනවලදී ජනතාවට ඔවුන් විසින් භාවිත කරනු ලබන PET ප්ලාස්ටික් බෝතල් වගකීමෙන් යුතුව බැහැර කිරීමටත් ප්‍රතිචක්‍රීයකරණය කිරීමටත් මෙම බඳුන් උපකාරී වේ. මෙම වැඩසටහන මගින් අපද්‍රව්‍ය එකතු කරන්නන්, ප්‍රතිචක්‍රීයකරණය කරන්නන් සහ ස්වේච්ඡා සේවකයින් වැනි පුද්ගලයින් අදාල ප්‍රතිචක්‍රීයකරණ ස්ථාන වෙත යැවීමට සලස්වන අතර එකතු කරන ලද සියලුම PET ප්ලාස්ටික් බෝතල් නිසි ලෙස සැකසීම සඳහා අනුමත ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන වෙත යවනු ලැබේ. මෙම උත්සාහයන් මගින් ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කීරීමට උපකාරී වන අතර දේශීය ප්‍රජාවන්ට සහාය වෙමින් පරිසරය ආරක්ෂා කිරීමට කොකා-කෝලා හි කැපවීම පෙන්නුම් කරයි.

“කාන්තා ක්‍රිකට් අද වන විට බොහෝ සෙයින් වර්ධනය වී වැඩිදියුණු වී ඇති අතර ජාති ආගම් භේදයකින් තොරව සියලු ජන කොටස් එකට එක් කිරීමට උපකාරී වනවා. ICC කාන්තා ලෝක කුසලානය කෙරෙහි වැඩි පිරිසක් උනන්දුවක් දක්වන බැවින් තිරසාරභාවයට සහාය වීම සඳහා අප සියලු දෙනා එකට එක් කිරීමටත් සෑම බෝතලයක්ම ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිත කරන බවට වගබලා ගැනීමටත් මෙම තරගාවලිය කදිම අවස්ථාවක්.’’ යනුවෙන් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් පාණ්ඩේ මහතා පැවසුවේය.

කොකා-කෝලා සහ ක්‍රිකට් මුසුව නැවුම් කරමින් කාන්තා ක්‍රිකට් දිරි ගන්වමින් සිය වගකීම ඉටු කර නිල අනුග්‍රාහක දායකත්වය ලබා දෙයි. තවද මෙරට ක්‍රිකට් ලෝලීන් මෙන්ම සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත කොකා-කෝලා සමාගම ඔවුන් විසින් සකසා ඇති පාරිසරික ඉලක්ක වෙත ගමන් කරමින් ගෝලීය කැපවීම, හවුල්කාරීත්වය, නවෝත්පාදනයන් සහ සියලු ලක්වාසී ප්‍රජාවට ප්‍රතිලාභයන් නිර්මාණය කරමින් ලස්සන පිරිසිදු රටක් නිර්මාණය කිරීමට කොකා-කෝලා තම යුතුකම ඉටු කරමින් අඛණ්ඩව ඉදිරියට යයි.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...