2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී HNB ජයග්‍රහණ රැසක් හිමි කරගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) ජයග්‍රහණ රැසක් හිමි කරගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2025 සම්මාන රාත්‍රිය පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විකුණුම් වෘත්තිකයින්ගේ සුවිශේෂී දක්ෂතා සහ වෘත්තීයභාවය ඇගයීමට ලක් කරන මෙම සම්මාන උළෙලේදී HNB සම්මාන 15ක් දිනා ගනිමින් එදින රාත්‍රියේ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වීම විශේෂයෙන් කැපී පෙනිණි.

මෙම සම්මාන උළෙලේදී HNB රන් සම්මාන පහක්, රිදී සම්මාන හතරක්, ලෝකඩ සම්මාන දෙකක් සහ කුසලතා සම්මාන හතරක් දිනා ගත්තේය. මෙහි සුවිශේෂීත්වය වන්නේ SLIM ජාතික විකුණුම් සම්මාන ඉතිහාසයේ බැංකුවක් වසරක් තුළ දිනා ගනු ලැබූ ඉහළම සම්මාන සංඛ්‍යාව මෙය වීමයි. තවද HNB විවිධ අංශවලින් සමාගම් 100කට වැඩි සංඛ්‍යාවක් සමඟ තරග කරමින් “සියලු කර්මාන්ත” කාණ්ඩයෙන් සම්මාන හයක් ද දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය මැනවින් පෙන්නුම් කළේය.

HNB විසින් දිනා ගත් සම්මාන අතර ‘වසරේ විශිෂ්ටතම කලාපීය විකුණුම් කළමනාකරු’ සහ ‘වසරේ විශිෂ්ටතම කාන්තා විකුණුම් පෞරුෂය’ යන ප්‍රධාන සම්මාන ද්විත්වය ඇතුළත් වීම විශේෂත්වයකි. මෙම සම්මාන ද්විත්වයම දිනා ගන්නා ලද්දේ HNB හි ආයතනික බැංකුකරණ අංශයේ සෙව්වන්දි විජේරත්න විසින්ය.

අඛණ්ඩව 4 වන වරටත් SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී HNB හි විශිෂ්ටත්වය පෙන්නුම් කරමින් බැංකුවේ ශාඛා ජාල ව්‍යාපාර ඒකකයේ චතුර භාග්‍ය කොඩිකාර උපායමාර්ගික විකුණුම් සහාය – කළමනාකරු සහ ඉහළ කාණ්ඩය සඳහා ලෝකඩ සම්මානය දිනා ගත්තේය. මේ අතර ලීසිං අංශයේ ඩබ්. ඒ. එම්. පී. රත්නායක සහ ඩිජිටල් ව්‍යාපාර අංශයේ දසුන් උතුරුවැල්ල ‘සහායක විකුණුම් කළමනාකරු’ කාණ්ඩයේ පිළිවෙලින් රිදී සහ කුසලතා සම්මාන දිනා ගත්හ. මේ ඔවුන් විසින් වසර ගණනාවක් පුරාවට SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලෙහිදී දිනා ගත් තුන්වන සම්මානයද වේ. තවද ඩිජිටල් ව්‍යාපාර අංශයේ ගයෂි පෙරේරා මෙනෙවිය උපායමාර්ගික විකුණුම් සහාය – විධායක නොවන කාණ්ඩයේ කුසලතා සම්මානයක් ද මෙහිදී දිනා ගත්තාය.

මීට අමතරව “බැංකු කර්මාන්තය” කාණ්ඩයේ සිය විශිෂ්ටත්වය පෙන්නුම් කරමින් HNB විකුණුම්කරණ ක්ෂේත්‍රයෙහි ඉදිරි පෙළ කණ්ඩායම්, විකුණුම්කරණ අධීක්ෂක සහ කලාපීය විකුණුම් කළමනාකරු යන කාණ්ඩවල සම්මාන පහක් දිනා ගත්තේය. තැන්පතු භාරගැනීම් අංශයේ සංජීවනී සුමනසේකර විකුණුම් විධායක කාණ්ඩය සඳහා රන් සම්මානය දිනා ගත්තාය. මේ අතර බැංකු කර්මාන්තයේ කලාපීය විකුණුම් කළමනාකරු කාණ්ඩය සඳහා HNB කිරිබත්ගොඩ පාරිභෝගික ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ප්‍රභාත් විතාරණ රිදී සම්මානයත් ඩිජිටල් ව්‍යාපාර අංශයේ රීසා ජලීල් ලෝකඩ සම්මානයත් දිනා ගත් අතර විකුණුම්කරණ ක්ෂේත්‍රයෙහි ඉදිරි පෙළ කණ්ඩායම් අතරින් ව්‍යාපාර සංවර්ධන විකුණුම් ඒකකයේ සජිත් දිසානායක ලෝකඩ සම්මානයක් සහ මනිඳු ඉදිප්පිලි එම කාණ්ඩයේම කුසලතා සම්මානයකුත් දිනා ගැනීමට සමත් විය.

තවද සිය බැංකුකරණ විශිෂ්ටත්වය පාරිභෝගික බැංකුකරණයට පමණක් සීමා නොවන බව මනාව පෙන්නුම් කරමින් මෙම සම්මාන උළෙලේදී HNB, B2B විකුණුම්වල විශිෂ්ටත්වය සඳහා “ආයතනික විකුණුම්” කාණ්ඩයේ සම්මාන හතරක් දිනා ගැනීම කැපී පෙණිනි. මේ අතර කලාපීය විකුණුම් කළමනාකරු කාණ්ඩය සඳහා ආයතනික බැංකුකරණ අංශයේ සෙව්වන්දි විජේරත්න සහ දුෂාන් ප්‍රනාන්දු පිළිවෙලින් රන් සහ රිදී සම්මාන හිමි කරගත් අතර SME හා ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ චතුර රාජපක්ෂ සහ චමින්ද ප්‍රදීප් ආයතනික විකුණුම් අංශය සඳහා විකුණුම්කරණ ක්ෂේත්‍රයෙහි ඉදිරි පෙළ කණ්ඩායම් කාණ්ඩයේ රන් සහ රිදී සම්මාන දිනා ගත්හ.

ලබා ගත් මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති – ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී, සුපුන් ඩයස් මහතා පැවසුවේ “අපේ කණ්ඩායම් ලබා ගත් මෙම ජයග්‍රහණ පිළිබඳව ඉතා සතුටට පත් වනවා. දිවයින පුරා සිටින අලෙවි වෘත්තිකයන්ගේ කැපවීම සහ උත්සාහය අගය කරන වේදිකාවක් නිර්මාණය කිරීම පිළිබඳව අපි SLIM ආයතනයට බෙහෙවින් කෘතඥ වෙනවා- මෙම ඇගයීම අපව ශක්තිමත් දැක්මක් සමඟ ඉදිරියට යාමටත් කර්මාන්තයේ අපගේ ප්‍රමිතීන් අඛණ්ඩව වැඩිදියුණු කිරීමටත් දිරිමත් කරනවා,” යනුවෙනි.

SLIM ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයන් තුළ ඉහළම ක්‍්‍රියාකාරිත්වයක නියැලෙන විකුණුම් වෘත්තිකයන් ඇගයීමට ලක් කිරීම සිදු කෙරේ.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...