2025 Softlogic Life විකුණුම් සමුළුවේදී විශිෂ්ටයින් ඇගයේ

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික පදනම හා ඉහළම ආරක්ෂණ හිමිකම් ගෙවීම් සමඟින් මෙරට රක්ෂණ වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා සිය 2025 විකුණුම් සමුළුව සාර්ථකව අවසන් කරන ලදී. “A Different Kind of Beast” යන්න තේමා කර ගනිමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති එම සුවිශේෂී අවස්ථාවේදී සොෆ්ට්ලොජික් ලයිෆ් විකුණුම් අංශයේ කැපී පෙනෙන ජයග්‍රහණයන් ඉස්මතු කරනු ලැබුවේ විකුණුම් විශිෂ්ටයින් ඇගයීමට ලක් කරමිනි.

මෙවර සමුළුවෙහි සුවිශේෂී තේමාව තුළින් සොෆ්ලොජික් ලයිෆ් ගෙන හැර දක්වන්නේ තමන්ගේ විකුණුම් බලකායේ එක් එක් පුද්ගලයින් සතුව අසීමිත හැකියාවන් ඇති බවයි. ඔවුන්ට එක් දක්ෂතාවක් හෝ හැකියාවක් නොව බොහෝ හැකියාවන් තිබෙන බව මේ තේමාවෙන් පෙන්වා දෙයි. දිනෙන් දින සිය හැකියාවන් ඉහළ නංවා ගනිමින් නිරන්තරයෙන් වෙනස්වන ක්ෂේත්‍රයක් තුළ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකියාව උදා වී ඇත්තේ අසීමිත කැපවීම හා නිර්මාණශීලීත්වය හේතුවෙනි.

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සොෆ්ට්ලොජික් වෙත සවියක් වූ ප්‍රධාන බෙදාහැරීම් ක්‍රමයන් වූ Agency, Alternate හා Micro ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයින් 446 කට වැඩි සංඛ්‍යාවක් වෙත මෙම සමුළුවේදී උපහාර දක්වන ලදී. මෙරට විශාලතම පාරිභෝගික පදනම සමඟින් වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 වසරේදී විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරනු ලැබවේ සුවිශේෂී හා ස්ථාවර වර්ධනයක් අත්පත් කර ගනිමිනි. එහිදී 2014 වසරේදී රුපියල් බිලියන 3ක් වූ දළ ලිඛිත වාරිකය 2024 වසර අවසන් වන විට වසර 10ක් අවසානයේ දස ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වූයේ රුපියල් බිලියන 31.6ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරමිනි.

20%ක වාර්ෂික වර්ධනයක් සමඟින් 2024 වසරේදී 17.2 සමස්ත වෙළෙඳපොල කොටසක් තමන් සතු කර ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. ඔවුන් සතු මූල්‍ය සුරක්ෂිතතාවය හා නවෝත්පාදන සේවාවන් පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා වන කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක් ලෙසද එය සඳහන් කළ හැකිය. සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙරමුණ ගෙන කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් මිලියන 1.3කට අධික මෙරට ජීවිත ආරක්ෂා කරමින් ඔවුන් වෙත රුපියල් බිලියන 14.8ක හිමිකම් සහ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර ඇත්තේ සිය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමිනි.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඉන්දු ආටිගල මහතා සඳහන් කර සිටියේ “අපගේ විකුණුම් කණ්ඩායම සෑම වසරකම විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් වෙළෙඳපොල ජය ගැනීම සඳහා ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. මෙම සමුළුව ඔවුන් සාක්ෂාත් කරගත් සාර්ථකත්වයන් ඇගයීමක් පමණක් නොව ඔවුන්ගේ කැපවීම හා අධිෂ්ඨානය අගය කිරීමක් ලෙස සඳහන් කළ හැකියි. මේ සඳහා යොදා ගත් ‘A Different Kind of Beast’ තේමාව තුළින් අපගේ විකුණුම් කණ්ඩායමේ සාමාජිකයින් සතු නිර්භීත බව, විවිධ හැකියාවන් හා අධිෂ්ඨානය මෙන්ම උපාය මාර්ග වෙත යොමු වීමේ හා නායකත්වයේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට අපි කටයුතු කළා.” යනුවෙනි.

ජාත්‍යන්තර පිළිගැනීම සහිත සිය සාමාජිකයින්ගේ වර්ධනය පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා “MDRT සුදුසුකම්ලාභීන් 243ක් සමඟින් MDRT හි අපගේ වාර්ෂික සුදුසුකම් ලැබීම් ඉහළ යමින් පවතිනවා. මෙය අප කණ්ඩායම සතු ජාත්‍යන්තර මට්ටමේ හැකියාවන් හා අපගේ අලෙවි ජාලයේ සියලු අවස්ථාවන් හරහා අත් කරගෙන ඇති ප්‍රමිතීන් සඳහා කදිම සාක්ෂියක් ලෙසද සඳහන් කළ හැකියි.” යනුවෙන්ද ඒ මහතා වැඩි දුරටත් පවසා සිටින ලදී.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි සුවිසල් ශක්තියක් වන්නේ ඔවුන් සතු විවිධාංගීකරණය වූ බෙදාහැරීමේ උපාය මාර්ගයයි. එහිදී Agency බලකාය ශක්තිමත් වර්ධනයක් සනිටුහන් කිරීමට සමත් ඇත. ආයතනයේ පරිණත හා වඩාත් විහිදුණු බෙදා හැරීම් අංශය ලෙස Agency Channel සඳහන් කළ හැකිය. එමෙන්ම Alternate Channel බෙදාහැරීම් අංශය 2024 වසරේදී 35%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 10ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සමත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි Alternate අංශයේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී පියුමාල් වික්‍රමසිංහ මහතා “උපාය මාර්ගික ක්‍රියාශීලී බව තුළින් ඉතා විශාල ප්‍රතිඵලයක් ලබා ගත හැකි ආකාරය අපගේ Alternate ක්‍රමවේදය තුළින් මනාව පැහැදිලි වනවා. ඒ තුළින් DTAP සේවා සමූහය තුන් ගුණයක වර්ධනයක් සමඟින් ශක්තිමත් ප්‍රගතියක් වාර්තා කිරීමට හැකි වී තිබෙනවා. එසේම අපගේ සමූහ ජීවිත අංශයයේද 31%ක වේගවත් වර්ධනයක් දැකිය හැකියි. මෙරට ආයතිනක ගනුදෙනුකරුවන් හට සුවිශේෂී රක්ෂණ සේවා සලසන්නකු බවට පත් වීමට මෙම විසඳුම හේතු වී තිබෙනවා. අපගේ කණ්ඩායම සතු කාලයට ගැලපෙන අයුරින් කටයුතු කිරීමේ හා හැකියාවේ ප්‍රතිඵලයක් ලෙසත් මෙය සඳහන් කළ හැකියි.” යනුවෙන් පවසා සිටින ලදී.

රක්ෂණ වෙළෙඳපොල තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින Micro Mobile Channel, සම්පත් හා සමාජ සේවාවන් අවම සේවා ලාභීන්ගේ වෙනස් වන අවශ්‍යතාවන් සපුරාලීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කර ඇත්තේ දළ ලිඛිත වාරිකයේ රුපියල් බිලියන 1.9ක දායකත්වයක් ලබා දෙමිනි. 2024 වසරේදී 37% ක ආකර්ෂණීය වර්ධනයක් වාර්තා කළ මෙම අංශය රට පුරා විහිදුණු අඩු ආදායම් ලාභී පාරිභෝගික ප්‍රජාව වෙත ඵලදායී ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දීමට කටයුතු කරන ලදී.

සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන ආයතනික සේවා නිලධාරී හා Micro Channel හි ප්‍රධානී තිලංක කිරිපෝරුව මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “ දිවයිනේ ප්‍රමුඛතම දුරකතන සන්නිවේදන ආයතන හා තැපැල් කාර්යාල ජාලය සමඟ එක්ව කටයුතු කරන අපගේ Micro Channel හි සාර්ථකත්වය ඉලක්කම් අභිබවා ගිය අරමුණු ජය ගැනීමක් ලෙස පෙන්වා දිය හැකියි. විශේෂයෙන් ජීවිත රක්ෂණය තව දුරටත් සුඛෝපභෝගී සේවාවක් නොවන බව සහතික කරමින් සමාජයේ අඩු ආදායම් ලාභී කණ්ඩායම් වෙත ජීවිත රක්ෂණ පහසුකම් සලසා දීමට මේ තුලින් අපට හැකි වී තිබෙනවා. දුෂ්කර ප්‍රදේශයන්හි සිටින අවම පහසුකම් අත් විදින ජනතාවගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් අපගේ කණ්ඩායම් එම ප්‍රදේශයන් වෙත ගමන් කිරීම හේතුවෙන් මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වුණා. සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ජීවිත රැකවරණය ලබා දීම හා ජාතියේ සංවර්ධනය වෙනුවෙන් වන අපගේ කැපවීමද මේ තුලින් මනාව ප්‍රදර්ශනය වනවා.” යනුවෙනි.

ඒ අනුව මෙවර විකුණුම් සුමුලුවේදී සොෆ්ට්ලොජික් ලයිෆ්හි විකුණුම් සාමාජිකයින් 446ක් සම්මාන හිමි කරගත් අතර ඊට Agency Channel හි 161 දෙනෙකුද, Alternate Channel හි 40 දෙනෙකුද, Micro Channel හි දෙදෙනකුද වූහ. ඊට අමතරව Agency Channel හි 210ක්, Alternate Channel හි 28ක් සහ Micro Channel හි 5ක් වශයෙන් MDRT සුදුසුකම් ලාභීන් ඇගයීමද මෙහිදී සිදු විය.

දිනෙන් දින ඉදිරියට යමින් ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නව මානයන් විවර කරන සොෆ්ට්ලොජික් ලයිෆ් හි ශක්තිය වන්නේ ඔවුන් සතු විකුණුම් බලකායයි. සිය විශිෂ්ටත්වය හා සාර්ථකත්වය වෙනුවෙන් සියලු අභියෝගයන් ජය ගැනීමේ හැකියාවන් ඔවුන් සතුය.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...